පාස්කු බෝම්බකරුට බදියුදීන් වට්ටම් දීලා..- සාක්‍ෂි ලැබෙයි..

July 2, 2020 at 3:26 am | lanka C news
පාස්කු බෝම්බකරුට බදියුදීන් වට්ටම් දීලා..- සාක්‍ෂි ලැබෙයි..

පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට අයත් වූ තඹ නිෂ්පාදනය කරන කොලෝසස් පුද්ගලික සමාගමට අධික ලාභයක් ලැබෙන ලෙස, හිටපු කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයකු වූ රිෂාද් බදියුදීන් මහතා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා වට්ටම් ලබා දී ඇති බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි මහතා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් (01) ප්‍රකාශ කළේය.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඇස්තමේන්තුගත ලේඛනවලට අනුව කොලෝසස් පුද්ගලික සමාගමට වාසි සහගත ලෙස තඹ අමුද්‍රව්‍ය විකිණීම නිසා එම මණ්ඩලයට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු වී ඇති බවද, සරත් උදයසිරි මහතා සඳහන් කළේය.

කොලෝසස් පුද්ගලික සමාගමට එලෙස අධික ලාභයක් ලැබීමට සැලැස්වීම නිසා පාඩු සිදු වූ තඹ අමුද්‍රව්‍ය මිලදීගන්නා අනිකුත් සමාගම් කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවද ඒ මහතා කියාසිටියේය.

සරත් උදයසිරි මහතා මෙලෙස ප්‍රකාශ කරසිටියේ 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාර්මික සංවර්ධන මණ්ඩලයේ විකුණුම් ලේඛනවල සඳහන් තොරතුරු ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් කරමිනි.

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේදී රැස්විය.

– lankadeepa

0 views

12 Comments to “පාස්කු බෝම්බකරුට බදියුදීන් වට්ටම් දීලා..- සාක්‍ෂි ලැබෙයි..”

  1. ඉත්තෑවා says:

    ප්‍රහාරයට පෙරත්, ප්‍රහාරයෙන් පසුත් UNP, ජෙප්පො ත්‍රස්තවාදීන් ආරක්ෂා කල බව හොදටම ඔප්පු වෙලා තියෙන්නේ. ඒත් ජෙප්පෝ වහලුන් සේ තමන්ගේ නායකයින් හිටගෙන විදින පච විශ්වාස කරණවා.

    • Alapaluwa says:

      බදුර්දීන්ට රනිල්ට රවිට සිරිසෙනට දඬුවම් දෙයි කියල හිතන කවුරුහරි ගොන් බයියෙක් ඉන්නවද? 😀

      • ගොං බයියා says:

        ඉන්නවා. ඔය කියලා තියෙන ලිස්ට් එකේ ඉන්න එකෙකුට දඬුවම් හම්බුන දවසට මං මේ කමෙන්ට් එක උඹට පෙන්නන්න්. එතකන් කට වහගෙන හිටු

      • ඩිෂුම් says:

        තාත්තා දන්නෙ නැති අවජාතක කාලකන්නියා ආපහු ඇවිත් අනුන්ගේ නම් වලින් කොමෙන්ට් දානවා Alapaluwaගේ නම හොරකම් කරපු පොන්ස්

      • ක්‍රිමිනල් says:

        පව් නේද බන් බෛයො ! හිරු ,දෙරණේ නිවුස් බලලම උන්ගේ ඇස්වල පොටවල් ගිහිල්ලා , අද ගනී , හෙට ගනී කියලා හිත හිත ආතල් ගන්නවා.

  2. Maulavi says:

    The whole world knows that Batavudin, Hekima, Asat Sheli, … accountable for Easter Sunday attacks on innocent people. Send these pigs to jail as soon as possible. Don’t trust the pigs.

  3. Kalana says:

    නිකන් රගපාන්නේ නැතිව, මුන්ට මරණීය දණ්ඩනය නිකුත් කරන්න. මැද පෙරදිග ඔය වගේ බලය අල්ලන Games ගියහම යේ 2ක් බල බල ඉන්නේ නැහැ. බයිල වැඩක් නැහැනේ. ඕව කිව්වත් නැතත් තොපි දන්නේ නැතිවට මිනිස්සු දන්නවා. නිකන් මෝඩ ආතල් දෙනවා. මෝඩ ජාතියක් සිංහලයන් කියන්නේ. මහින්ද රට කෑවා උන් ඉල්ලන දේවල් දීල, තවත් දෙනවා චන්ද වලට.

  4. දේශප්‍රේමීයකු says:

    මහා ලොකුවට සිහල ජාතිය ගැන කතා කරපු දේශප්‍රේමී ව්‍යාපාරිකයෙකුගේ නාරාහේන්පිට පිහිටි කෙමිකල් ආනයනය කරන ආයතනයක් මගින් මේ බෝම්බ නිෂ්පාදනය කරන ආයතනයට රසායන ද්‍රව්‍ය සැපයූ බවට ආයතනයේම සේවකයන් අතර කතාවක් තියෙනවා..
    ඇත්ත නැත්ත නොදන්න නිසා නම් ගම් දාන්න බෑ

  5. Janaka says:

    ඔය කමිටුවටත් අරාබි සල්ලි…

    • Chinthana says:

      The marketing director should have disclosed the standard price, Market price, and discounted price Along with the approval, Board minutes if any, and the direct orders what had been given by Mr. Badurideen to reduce prices to the public. Mr Sarath Udayasiri may have proof with him.

  6. Sun says:

    Ranil government knew all these happenings but keeping closed eye policy on that matter and did not want to interfere with this fellow.

  7. ඉබ්‍රහිම් නනා says:

    රිසාර්ඩ් බ්ඩුර්ඩින් සමයෙ කාර්මික සන්වර්දන මන්ඩලය මගින් පාසල් නිල අදුම් හා ත්‍රිවිධ හමුදා වට හා පොලිසියට නිල අදුම් රෙදි සෙපයි ම මුමුසිලිම් වියපරක්‍යින් දෙදෙනුකට පමන්ක් ලලබාදෙන ලදි
    රෙදි සපියිම 90% මෙම මුස්ලිම් වියපරක්‍යින් දෙදෙනුකට පමනක් ලාබාදි අනෙක් වියපරක්‍යින් කොන් කරන ලදි