පාස්කු බෝම්බයට බොදුබල සේනාවත් ගෑවේ.. බොදුබල සේනා තහනම් කරනු.. ඥාණසාර හිමිට නඩු පවරනු..- කොමිසම නිර්දේශ කෙරේ..
February 24, 2021 at 9:20 am | lanka C news
බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු යැයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව තම වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නඩු පැවරීමේ හැකියාව සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව එම කොමිසමේ නිර්දේශ අතර දැක්වේ.
ශ්‍රී ලංකා ජමාත් ඉස්ලමික් සංවිධාන ඇතුළු අන්තවාදී සංවිධාන ද වහාබ්වාදය ද තහනම් කළ යුතු බව කොමිසම විසින් නිර්දේශ කර තිබේ.
රටතුළ පවතින ඉස්ලාම් අන්තවාදී හරය තවුහිත් මතවාදය බවත් මුල් අවධියේදී කල්මනාකරනය නොකල බෞද්ධ අන්තවාදය විසින් එය තවදුරටත් පැසවීමට ලක් කරන බවත් කොමිසම පෙන්වා දෙයි.
මෙම වාර්තාව ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට ලබා දුන් අතර අද දිනයේ සභානායක දිනේෂ් ගුණවර්ධණ මහතා විසින් එය සභාගත කිරීමට නියමිතය.
ආන්ඩුව ඉක්මනින් ගෙදර යන ලකුණු පෙනේ , ඇත්ත තමයි සහරාන් අහිංසකයි , හාමුදුරුවරු තමයි මේවට වගකීම භාරගන්න ඕනැ
හත්වලාමේ මොකක්ද මේ අවනඩුව?පාස්කු වියසණයට අසුවුවන් එක තැනක කොහෙවත් නැති බොදුබලසේනා.රවණා බළකාය,සිංහලේ අපි, යන තවත් මෙවැනි බළකායන් ජාතිය වේනුවෙන් තමා කාලය වෙහේසා එවෙනුවෙන්ම සටන් කලත් අන්තිමට එවුන්වද වරද කරුවන් කර තිබෙන්නේ? මේක නිකම් කැකිල්ලේ නඩු තීන්දුව වගෙයි.අපිට මෙයින් පෙනීයන්නේ මෙම රජයේ සමහර දුරාචාරයේ යන එවුන්ව විවේචනය කරණ අයවද මෙල්ල කිරීමේ අරමුණක් ලේසයි.එනිසාද මෙයට ඉහත සඳහන් අයවලුන්වත් ඇතුලත් කර තිබෙන්නේ?මේ අවස්ථාවේදී මේයින් ප්රෝජනය ගන්න උත්සහා කිරීමක්ද කියාත් සිතනවා.මොකද මෙවැනි දෙෂමාමකයින්ව එක්තැන් කරන්න උත්සහා ගන්නේ ඇයි කියලා අපිට ලොකු ප්රේලිකාවක්.එමනිසා කරුණාකර මෙය පාස්කු වියසණයට අදාළව සීමාකර එයින් එහාට අනවශ්‍යය දේවල් ඇතුළත් නොකර නිතිය ක්‍රියාත්මක කරන්න කියා අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා!
කොහෙවත් නැති?කොහෙවත් නැත්නම් මොකටද තහනම් කරන්න කියන්නෙ.මුන් තමයි මේ රට විනාස කරන්නෙ.ngo නඩ වලින් යැපෙන්නෙ මුන්.අර අන්තවාදයේම අනිත් පැත්ත තමයි මේ 2න්තවාදයත්
ප්රභාකරන් උනත් කොච්චර අහිංසක මනුස්සයෙක්ද ඈ , පව් අහිංසක ප්‍රභා මරල දැම්මෙ
පණිවුඩ කරුට වෙඩි තැබීම කෙතරම් සාධාරණද?
ඥානසාර හාමුදුරුවෝ ද බෝම්බ ගහන්න සැලසුම් කලේ??