පාස්කු බෝම්බයට හිටපු ජනපති මෛත‍්‍රී කොටු කරන්න හදනවා.. එහෙම කලොත් කිසිවෙකුට රාජ්‍ය පාලනය කරන්න වෙන්නෙ නෑ…

March 5, 2021 at 10:28 pm | lanka C news
පාස්කු බෝම්බයට හිටපු ජනපති මෛත‍්‍රී කොටු කරන්න හදනවා.. එහෙම කලොත් කිසිවෙකුට රාජ්‍ය පාලනය කරන්න වෙන්නෙ නෑ…

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටු කිරීමට ද්වේශසහගතව දේශපාලනික උත්සාහයක් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

එම කටයුත්ත කිසිවෙකුට හොඳ දෙයක් නොවන බවත් එසේ වුවහොත් ඉදිරියේදී මෙහි කිසිවකුට රාජ්‍ය පාලනය කර ගැනීමට නොහැකි වනු ඇතැයිද ඔහු පැවසීය.

රාජ්‍ය පාලනයේදී අඩුපාඩු ඕනෑතරම් සිදු වන බවත් ඒවායේ වගකීම රාජ්‍ය නායකයාට පැමිණෙන බවද ඔහු සඳහන් කළේය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

15,948 views

9 Comments to “පාස්කු බෝම්බයට හිටපු ජනපති මෛත‍්‍රී කොටු කරන්න හදනවා.. එහෙම කලොත් කිසිවෙකුට රාජ්‍ය පාලනය කරන්න වෙන්නෙ නෑ…”

  1. නිරීක්ෂකයා says:

    ඒ කියන්නේ මේ රටේ ජානතාව 88-89 වගේ ටයර් දාලා පුච්චලා මරන්න පුලුවන්? 21/4 වගේ බෝම්බ වැලක් ගහලා මරන්න පුලුවන් නමුත් ඒවාට ආධාර හා අනුබල දුන් ආණ්ඩුවල් එකෙක් හිරේ යන්නේ වත් එල්ලුම් ගස් යන්නේ වත් නැහැ. හරි උඹ කරන්න පුළුවන් දෙයක් කරහං! ජනතාව පෙන්නයි ජනතාවට කරන්න පුළුවන් දේ!!

    • Amda says:

      මූ මෙච්චර කෑගහන්නෙ මූත් ඉන්නවද දන්නෙ නෑ සීන් එකේ

  2. රට වැසියා says:

    දැන් කියලත් වෙනසක් නැ බං, තම්බි තමයි රට පාළනය කරන්නේ.

  3. 🤬🤬😍🤬😍🤬😍🤬👁 says:

    කළු සුදු කණ්ණාඩියට පෙනේද දුකක්
    වුනු පවුල්වල අය සැමදාම විඳිත් දුකක්
    මුගෙ පවුලේම නැති උනානම්ද එකක්
    ලේ නහර පුපුර වැනෙ තලගොයි දිවක්

  4. Maha sinhale says:

    හෙළයන් සැම විටම එක්සත් විය යුතුයි. සුලු ජාතින් වගේ

  5. On The Spot says:

    රාජ්‍ය පාලනයේදී අඩුපාඩු ඕනෑතරම් සිදු වන බවත් ඒවායේ වගකීම රාජ්‍ය නායකයාට පැමිණෙන බවද ඔහු සඳහන් කළේය.ඔය ශාන්ත බණ්ඩාර නොකිය කියන්නෙ සිරිසේන උන්නැහෙ වරද බාර ගත යුතුයි කියල නේද​?ඕකට කියන්නෙ අඟේ ඉඳන් කණ කනව කියල​.

  6. Sunil Dahanayake says:

    Is MY3pala above the law of the country. This booruwa does not understand that everybody is equal in Law and it is obvious that MY3pala did not carry out his duties properly.

  7. පොඩි එකා says:

    තමන්ට කරන්න පුළුවන් තනතුරු භාර නොගෙන අනුන්ගෙන් පලි ගන්න හිතාගෙන තනතුරු භාර අරං කර ගත්තු විනාසේ තමයි ඔය… තනතුරට පත් වෙච්ච මුල් කාලේ කියපු අහංකාර උද්දච්ච කතා දිහා බැලුවම, වෙන කෙනෙක් නං පොහොට්ටුවට රිංගනවා තියා පොහොට්ටුව දිහා බලන්නෙවත් නෑ…

  8. GAMINI SENANAYAKE says:

    රාජ්‍ය සේවය කරන හැම කෙනෙකුටම, කරන වැරදිවලට දඬුවම් හම්බ වෙනවා නම්, විනය පරීක්ෂණ තියෙනවා නම්, දේශපාලකයින්ට විතරක් විශේෂයක් මොකක්ද? ලංකාවෙ තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි, දේශපාලකයො කරන්නේ වැරදි වලට දඬුවම් විඳින් nrතුව නීතියෙන් බේරිලා යන එක. ලී ක්වාන් යූ වගේ නායකයා හරියට හිටියා නම්, රටේ සමස්ත පාලනය හරි ගැස්සෙනවා. ඒක නිසා මුලින්ම දඬුවම් කරන්ඩ ඕනෑ දේශපාලකයින්ට. වැරදි කරන්නේ නැතිව දේශපාලනය කරන්ඩ බැරි නම්, දේශපාලනයෙන් අයින් වෙලා යන්ඩ ඕනේ. කට තිබ්බ පලියට ගොන් කතා කියන්න එපා.

Main News