පාස්කු බෝම්බයෙන් පසු වෙඩි බෙහෙත් නෑ.. ගල්කොරි හා කනිජකොරි විශාල අර්බුදයක..

May 29, 2019 at 5:30 pm | lanka C news
පාස්කු බෝම්බයෙන් පසු වෙඩි බෙහෙත් නෑ.. ගල්කොරි හා කනිජකොරි  විශාල අර්බුදයක..

දැනට මාස එක හමාරකට ආසන්න කලයක සිට වෙඩි බොහත් නිකුත් නොකිරිම හේතුවෙන් බලන්ගොඩ ප්‍රදේශයේ ඇතුළුව රත්නපුර දිස්ත්‍රික්කයේ කළු ගල්කොරි, කැල්සයිටි, ඩොලමයිටි, පෙල්ෂ්පා වැනි කනිජ වර්ග කොරි පවත්වගෙන යන සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යපාරිකයින් විශාල ගැටලුවකට මුහුණ පා සිටින බව රත්නපුර දිස්ත්‍රික් ගල් කොරි හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් පේමසිරි මහතා පවසයි.

මෙම කේෂ්ත්‍රය යටතේ ප්‍රදේශයේ ලක්ෂ ගණනක් ඍජු හා වක්‍ර රැකියා කරමි සහ දෛනික රැපියල් දහසේ වැටුපට කුලි වැඩ කර විශාල පිරිසක් ජිවත් වන බවත් මෙම තත්ත්වය සමග මෙම ද්‍රව්‍ය යොදා ගෙන රටෙ කෙරෙන සංවර්ධන කටයුතු සහ යටිතල පහසුකම් දියුණු කිරිම මෙන්ම ඉදිකිරිමි කේෂ්ත්‍රයට විශාල අර්බුදයකට ලක්ව ඇති බව සභාපතිවරයා පැවැසිිය. ගල් කොරි පවත්වායන හැම ව්‍යපාරිකයෙක්ම එම ව්‍යපාර අාරමිභ කර තිබෙන්නේ මුල්‍ය අයතන වලින් සහ බැංකු වලින් ණය ලබා ගෙන බවත් මෙ වන විට එම ව්‍යපාරිකයින්ට එම ණය වාරික ගෙවා ගැනිමට නොහැකි වි ඇති බවද කි⁣ය.මෙිි අතර එම ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථ හිමියන්ද විශාල ගැටලුවකට මුහුණ පා ඇති බවද ඔහු කි⁣යා සිටියේය.

බලන්ගොඩ ප්‍රදේශයේ,කැල්සයිටි ,පෙල්ෂ්පා ,සහ ඩොලමයිටි කනිජ ⁣වර්ග සහ ගල් කොරි බල පත්‍ර ලාබින් ඇතුළුව රත්නපුර දිස්ත්‍රික්කයේ වෙඩිබෙහෙත් බල පත්‍ර ලාභින් 106 දෙනෙක් දැනට සිටින බවත් බවත් මෙිි අයගේ ව්‍යපාර වලට මෙය මරැ පහරක් එල්ල විි ඇති බවද සුනිල් පේමසිරි මහතා සදහන් කලේය.ඒ අතර කනිජ වර්ග අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන පවත්වගෙන යන කර්මාන්තයද එම අමුද්‍රව්‍ය නොලැබිම හේතුවෙන් විශාල අර්බුදයකට මුහුණ පා ඇති බව කිය.

රටෙි තිබෙන ආරක්ෂිත තත්ත්වය හේතුවෙන් වෙඩි බෙහෙත් නිකුත් කිරිම නවතා දැමිම සාධාරණ කරැණක් බව ඇත්ත.නමුත් මෙිි සදහා රජය මගින් ආරක්ෂිත වැඩ පිළිවෙලක් සකස් කර වෙඩිබෙහෙත් බල පත්‍ර තිබෙන අයට සහ එම ගල් සහ කනිජ ව්‍යපාර වලට ආරක්ෂාව ලබා දෙමින් මෙම ප්‍රශ්නයට විසදුමක් ලබා දිය යුතු බව ඒ මහතා පැවැසිිය.

තවදුරටත් වෙඩි බෙහෙත් නිකුත් කිරිම නොකලහොත් මෙම ප්‍රශ්නය තවදුරටත් විශාල අර්බුදයක් කරා ගමන් කර එය රටෙිි ඇදිරිනිිතිය දැමිමා හා සමානව මෙය රටට බලපාන බවද රත්නපුර දිස්ත්‍රික් ගල් කොරි හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් පේමසිරි මහතා වැඩිදුරටත් පැවැසිය.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

9,914 Viewers

2 Comments to “පාස්කු බෝම්බයෙන් පසු වෙඩි බෙහෙත් නෑ.. ගල්කොරි හා කනිජකොරි විශාල අර්බුදයක..”

  1. Chan says:

    Lankavata vedibeheth gennanneth thambi thun denek kiyala lankadeepa paththare thibbe adugane evage business ekakvath sinhalayinta ganna barivela me sinhala rate

    • නුවන් says:

      බයවෙන්න දෙයක් නෑ අලුතින් රටින් ගෙන්වන්න දෙයක් නෑ ආණ්ඩුවට තියෙන්නේ පුපුරන ද්‍රවය විකිණීම ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්ය කියල ගැසට් නිවේදනයක් ගහන එක .පවුල් හතර පහකින් ගෙන්වූ සියලුම වෙඩිබෙහෙත් ලස්සනට මහපාරේ අයිනේ/හාඩ්වෙයාර් වල තියාගෙන විකුනන්න පටන්ගනිවී කළු කඩ මිලට .මේ හවුඅස්සේත් ගෑනුන්ගේ මුණ සුදුවෙන්න කියල හොර ක්‍රීම් හදල අහුවෙච්චි ජාතියක් මුන් .
      මේ රටත් කාලා ගංගා ඇලදොළ උලාකාල එවා සිඳවලා ගස්කොලන් කපලා ලි වලට විකුනලා කැලේ කන්න පුළුවන් හැම සතාම මරාගෙන කාල විකුනන්න පුළුවන් හැම සතාම විකුනලා රටේ වගාව නැති කරලා තේ වගාව විනාස කරලා රටේ බදු වංචා කරලා මුළු මහත් රටක්ම විනාසා කරලා තමුන්ගේ බඩ පමණක් වැඩවා ගන්නා ජාතියක් මුන්

Main News