පාස්කු බෝම්බයෙන් පසු ෂැංග‍්‍රිලා අද සිට විවෘතයි.. පාරිභෝගිකයන් ගෙන්වන්න අති විශාල වට්ටම්..

June 12, 2019 at 12:40 pm | lanka C news
පාස්කු බෝම්බයෙන් පසු ෂැංග‍්‍රිලා අද සිට විවෘතයි.. පාරිභෝගිකයන් ගෙන්වන්න අති විශාල වට්ටම්..

අප්‍රේල් මස 21දා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙක හේතුවෙන් වසා දමන ලද කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය අද දින සිට සිය ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කරයි.

ඒ අනුව මෙම හෝටලයේ මෙහෙයුම් කටයුතු අද පස්වරු 6.00 ට ආරම්භ කරයි.

සති 06ක පමණ කාලයක් මෙම හෝටල් වසා දමා ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.

අද විවෘත කළ ද හෝටලයේ කාමර පහසුකම් ලබාදෙනු ලබන 15 වැනි දින සිට බවද එම හෝටලය සඳහන් කරයි.

මේ අතර නැවත සංචාරකයන් සහ පාරිභෝගිකයන් ගෙන්වා ගැනීම සඳහා මෙරට හෝටල් ගණනාවක් ම අති විශාල වට්ටම් ප්‍රමාණයක් ලබා දෙමින් ඇත.

41,382 Viewers

3 Comments to “පාස්කු බෝම්බයෙන් පසු ෂැංග‍්‍රිලා අද සිට විවෘතයි.. පාරිභෝගිකයන් ගෙන්වන්න අති විශාල වට්ටම්..”

  1. කුමාර දහනායක says:

    ඇති විශාල වට්ටම් දුන්නට අද රට තනිකරම අනාරක්ෂිතයි .එදා කොටි සමයේ මොන තරම් චෙක් පොන්ට් තිබුනද ?බෝම්බෙන් පස්සේ දවස් කිහිපයක් යනකම් එක චෙක් පොඉන්ට් එකක්වත් තිබුනේ නෑ .ඒකාලේ අපි දවසකට අඩුමගානේ එක තැනකින් වත් පරික්ෂා කරනවා .බෝම්බෙන් සතියකට දෙකකට පස්සේ පරික්ෂාව ටිකක් වැඩි උනා නමුත් දැන් ආයෙත් බින්දුවයි .බස් වලට කොච්චි වලට ඕනෑම දෙයක් අරගෙන නගින්න පුළුවන් .අද මම විශාල බෑග් දෙකක් අරගෙන බසෙකට නැග්ගා විශාල බෑග් පැක් එකක් නමුත් කිසිවෙක් විමසුවේ නෑ බැලුවේ නෑ.දැන් චෙක් පොන්ට් ඉවරයි නමට ඉන්නවා උපදෙස් දීලා තියෙන්නේ චෙක් කරන්න අවශ්‍ය නෑ කියල .ආණ්ඩුවේ අදහස දැන් ත්‍රස්තවාදියෝ අල්ලලා ඉවරයි එනිසා ප්‍රශනයක් නෑ කියල . නමුත් ත්‍රස්තවාදියා උපක්‍රමිකව පසුබැහැලා ආයෙත් සැඟවිලා ප්‍රහාර කරන ජාතියක් .උන්ට වෙලාවක් නෑ එනිසා අපේ පරික්ෂාව ලිහිල්විම කියන්නේ ආයේ ඉල්ලගෙන කෑම කියන එකයි .අන්තවාදී ඇමැතියන්ගේ බහට රටේ ආරක්ෂාව අඩු කිරීම විනාශය ගෙන එන්න පුළුවන් .යමක් උනොත් මේ රජය වගකියන්න ඕනා අපේ ජනාදිපතිතුමාද ඇතුළුව .වහාම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනු

  2. Piyadasa Yalagala says:

    What ever said and done by ISIS Global Terrorist or Local Muslim Terrorist of Thapki Jammad 21/4 massacre of citizens of Sri lanka and foreign citizens. We cannot surrender to Terrorism any form that including Islam terrorist .We are nation of attack by JVP Terrorist of south-anarchist and LTTE+TNA Tamil Terrorist over 30 years until 2009 May 19th. Now we face Islam terrorist 21/4/19 that is new experiences to all of us. But we have resist for that Terrorism of ISIS back Western-oriented Terrorism in world-wide.

  3. H.L.Tissera says:

    Kumanthanaya sarthaki.. Dan parishsam karanna ona na.U nata S samahan A raganimu.

Main News