පාස්කු බෝම්බයෙන් රටම හාන්සියි.. හැමෝම ජනාධිපති හීනයේ..

May 27, 2019 at 6:48 pm | lanka C news
පාස්කු බෝම්බයෙන් රටම හාන්සියි.. හැමෝම ජනාධිපති හීනයේ..

ජනාධිපති වීමේ සිහිනයක් තමන්ට නොමැති බවත් රට හැදීමේ සිහිනය පමණක් තමන්ට ඇති බවත් ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මේ බව කියා සිටියේ වේයන්ගොඩ එළුවාපිටියේ පැවැති ප්‍ර‍ජා සත්කාරක වැඩසටහනකට අද එක් වෙමිනි.

මව්රට සංවිධානය ඉදිරිපත් කළ එම ප්‍ර‍ජාසත්කාරක වැඩසටහන අවසානයේදී මාධ්‍යවේදීයකු විසින් “ඔබත් ජනාධිපති සිහිනයක ඉන්න බව පුවත්පත් වාර්තා කළා. ඒක ඇත්තද ? ”යි අර්ජුන රණතුංග අමාත්‍යතුමාගෙන් ප්‍ර‍ශ්න කළේය.

එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ “හැමෝම ඉන්නේ ජනාධිපති සිහිනයක. ඉතිං කොහොමද රට හදන්නේ. රට හදන්න නම් ජනාධිපති සිහිනය අගමැති සිහිනය ආණ්ඩු සිහිනය අත් හරින්න…” යනුවෙනි.

“ජනාධිපති කෙනෙක් වීම මේ රටේ ජනතාව තීරණය කළ යුතු දෙයක්. එහෙම නැතුව එය එක එක්කෙනාට තීරණය කරන්න බැහැ. මේ වෙලාව පසුගිය පාස්කු ප්‍ර‍හාරයත් සමඟ අපේ රට ආර්ථිකය ඇතුළු සමාජීය ප්‍ර‍ශ්නයකට මුහුණ දෙන වෙලාවක්. මේක ජනාධිපතිවරු හදන්නවත්, අගමැතිවරු හදන්නවත්, ආණ්ඩු හදන්නවත් වෙලාවක් නෙමෙයි. අපේ රටේ ආර්ථික තත්ත්වය මේ ප්‍ර‍හාරයත් සමඟ ඉතාමත් නරක තත්ත්වයකට යමින් සිටින්නේ. විශේෂයෙන්ම සංචාරක අංශය කඩා වැටුණා. ව්‍යාපාරකයින්ට ගොඩාක් ගැටළු ඇතිවෙලා තියෙනවා.

ඒ නිසා මේ වෙලාවේ ජනාධිපති සිහින, අගමැති සිහන, ආණ්ඩු සිහින පැත්තකට දාලා විපක්ෂ පක්ෂ සියලු දෙනාම එකට එකතු වෙලා, දේශපාලන පක්ෂ පැත්තක තියලා රට වෙනුවෙන් මේ ප්‍ර‍ශ්නවලට මුහුණ දෙන්න ඕන. ඒවා විසඳන්න ඕන.

පිටරටක නම් මෙවැනි සිදුවීමක් ඇති වුණාම ආණ්ඩුව මොකද්ද විපක්ෂය මොකද්ද කියලා නැහැ ඔක්කොම එක තැනක හිටගෙන රට වෙනුවෙන් කටයුතු කරනවා. අපේ රටෙත් එවැනි තත්ත්වයක් මේ සිද්ධියේ මුලින් මුලින් දැක්කා. නමුත් දැන් දැන් මැරුණු මිනිස්සුන්ගේ මිනී උඩින් දේශපාලනය කරන්න හදනවා. එය මම ඉතාම පිළිකුල් විධියට හෙළා දකිනවා. අද අපේ රටේ බොහෝ දේශපාලනඥයෝ කරන්නේ ඊළඟ මැතිවරණයට ලෑස්ති වීම. නැතිනම් එක එක්කෙනා තමන්ගේ ගමනක් යන්න හදනවා. මේ ජරා වැඩේ නතර කරන්න. දැන් අවශ්‍ය වෙන්නේ රට ඉදිරියට ගෙනි යන්න. හරි කාලේ එන විට රටට ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් පත් වෙයි…”යි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

– තමිර මංජු

23 views

9 Comments to “පාස්කු බෝම්බයෙන් රටම හාන්සියි.. හැමෝම ජනාධිපති හීනයේ..”

  1. ponilage lollo says:

    palayan ban yanna….deshapalane thama hamadema…2009 yudde kale wipakshe kohomada hasirune kiyala api dekkane

  2. UD says:

    හොඳයි…….. ‌‌හොඳයි……… එහෙනම් ‌මේ තියෙන ආණ්ඩුුුව ඔළුව උඩ තියාගෙන දුවන්න තමයි අපිට තියෙන්නේ….

  3. Saradiel says:

    පළාත්පාලන මැතිවරණය සමග ජනාදිපති මැතිවරණය වහාම තියපල්ලා නැවත ආඩි හත්දෙනාගේ කැද හැලිය අපට එපා

  4. SL says:

    What arjuna says is correct .As a nation we have failed to adress the extreamist issues togather.
    Many look for opportunitis instead of working togather

  5. එහෙනම් මැතිවරන නොතිය උබල දකින හීන අපටත් බලන්න කියලද කියන්නෙ…..?

  6. Ratawasiya says:

    මෙයා බදුර්දීන්ට විරුද්ධව විශ්වාසභංගයට චන්දෙ දෙයිද?

  7. සිංහල බන්ඩා says:

    තොපි දැන් වසර හතරකට වැඩිය ඇතිනම් කලා. මහබැංකුව හොරා කාලා ලයිට් කපල රට වැට්ටුවා ඇරෙන්න මොනවද කොලේ. තමන් කැමති ජනාධිපති සහ ආණ්ඩුවක් තෝරාගන්න මහජනතාවට අවස්ථාව දීපියව්.

  8. Ranjan says:

    These fellows does not want to give up the Govt. until the last day they wanted to enjoy Ministerial benefits. They know there is no next time to them.

  9. Jay says:

    Arjuna. 1996 oba apita monatharam weerayek wunada? Eth ada oba joker kenek. Boru baila talk denne nethiwa kaala budiya ganna arjuna. 2015 ethi kala wenasa den sepada arjuna. Koi chanda arjuna. Eyi chanda gena katha karanne neththe?

Main News