පාස්කු බෝම්බයෙන් වාහන වෙලදපල පුපුරා යයි.. වෙදලාම බින්දුවටම බහී..

May 22, 2019 at 12:40 pm | lanka C news
පාස්කු බෝම්බයෙන් වාහන වෙලදපල පුපුරා යයි.. වෙදලාම බින්දුවටම බහී..

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට වාහන අලෙවිය 85% කින් පමණ පහත බැස ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

රන්ජන් පීරිස් මහතා කියා සිටින්නේ මේ නිසා වාහන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

වාහන මත පනවා ඇති බදු මුදල් වැඩිකිරීම, රුපියල අවප්‍රමාණය වීමෙන් වාහන මිල ඉහළ යාම නිසා මෙසේ වාහන අලෙවිය 60% පමණ අඩුවී තිබූ බවත් පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් පසු මෙම තත්වය 85% ක් දක්වා වර්ධනය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

රටේ ආර්ථික කඩාවැටීම්, ව්‍යාපාර කඩාවැටීම, ජනතාවගේ ආදායම් පහළ යාම මෙම තත්ත්වයට බෙහෙවින් බලපා ඇතැයි ද සභාපතිවරයා තවදුරටත් සඳහන් කරයි.

193 views
Main News