පාස්කු බෝම්බයේ ප‍්‍රධාන විත්තිකරු පොහොට්ටුවේ සභාපතියි..

February 24, 2020 at 10:00 am | lanka C news
පාස්කු බෝම්බයේ ප‍්‍රධාන විත්තිකරු පොහොට්ටුවේ සභාපතියි..

පසුගිය වසරේ පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන විත්තිකරුවා අද පොහොට්ටුවේ සභාපති වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

එවකට ආරක්ෂක ඇමතිවරයා ලෙසත්, සේනාධිනායකයා ලෙසත්, නීතිය හා සාමය භාර ඇමැතිවරයා ලෙසත් කටයුතු කළ ඔහු ඊට පලමු වගකිව යුත්තා බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ජීවිත 300 සදහා සඳහා වගවිය පුද්ගලයා අද පොහොට්ටුවේ සභාපතිවරයා බවට පත්කර ඇතැයි ද ඔහු චෝදනා කළේය.

එනිසා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂය දෙසට ඇඟිල්ල දිගු කරන්න කිසිවෙකුට නොහැකි බවද ඔහු පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

226 views

16 Comments to “පාස්කු බෝම්බයේ ප‍්‍රධාන විත්තිකරු පොහොට්ටුවේ සභාපතියි..”

  1. නිමල් says:

    තමුසෙත් හවුල් ඕයි..තමුසෙත් ඒ ආන්ඩුවේ..පාහර වැඩේ කොලෙත් තොපෙ එවුන්යිම්‍යි..තොපිට අත පිහදගන්න බැහැ

  2. ලක්වැසියා says:

    කන කෑම වලටත් වහ දාල පරීකෂණ යට ගහපු ත්‍රස්ථවාදියෙක් තප්පුලනව.