පාස්කු බෝම්බයේ සියළු රහස් එලියට.. කොමිසමේ සියළු වෙලුම් පාර්ලිමේන්තුවේ..

February 22, 2022 at 4:40 pm | lanka C news
පාස්කු බෝම්බයේ සියළු රහස් එලියට.. කොමිසමේ සියළු වෙලුම් පාර්ලිමේන්තුවේ..

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට භාර දෙයි.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (22) පාර්ලිමේන්තුවේ දී භාර දෙනු ලැබිණ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිෂමේ අවසන් වාර්තාව 2021 පෙබරවාරි 23 වන දින පාර්ලිමේන්තුවට භාර දුන් අතර නීතිමය හේතුන් මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණ.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අදාළ ලිපිගොනු පාර්ලිමේන්තුවට භාර දීම සිදු විය.

– ජනාධිපති මාධ්‍ය අංශය

48,417 views

9 Comments to “පාස්කු බෝම්බයේ සියළු රහස් එලියට.. කොමිසමේ සියළු වෙලුම් පාර්ලිමේන්තුවේ..”

  1. Susantha says:

    ඕකෙ පිටු කීයක් වෙනස් කරලා ද?.

  2. Yamapaalakaya says:

    Samahara Yahapaalakayange boku rathwela athi.

  3. මොලේ කොලොප්පන් says:

    මෙපමණ කලක් හංගගෙන හොරෙන් තියාගෙන වෙනස් කලේ නැති බවට සහතිකයක් දිය හැකිද

  4. Truth says:

    Yataghanawa

    • nuwan says:

      Truth. yata gahala thiyena ewa udata ganta nam… kaurwale gihin janelen ebila botthama hondata
      thada kalaa nam hariyatama hari.

  5. wimalasena H.D. says:

    oke palamuvatama inna viruddhawaadiya gotabaya nisaa u meka elidakwanne netha.

  6. රමිත says:

    සිරාව ගස් යවන්න අවශ්‍ය පරිදි සංශෝධන සහිතව කියලා කිව්වනම් හරි !

    • LalithM says:

      සිරා මකබෑවිය යුතුයි.ඒ ආණ්ඩුව කල හැම වැඩක්ම අවුල්කලේ හිටපු ග්‍රාම සේවකයා.

  7. ක්‍රිමිනල් says:

    Now he is trying to revenge from Sira.Gota’s era will end without any success.he can never win again.

Main News