පාස්කු බෝම්බය ගැන හේමසිරි කියන්නේ පච.. කොමිසමට මං ඇවිල්ලයි ඇත්ත කියන්නේ..- හිටපු ජනාධිපතිගෙන් නිවේදනයක්..

September 20, 2020 at 3:00 pm | lanka C news
පාස්කු බෝම්බය ගැන හේමසිරි කියන්නේ පච.. කොමිසමට මං ඇවිල්ලයි ඇත්ත කියන්නේ..- හිටපු ජනාධිපතිගෙන් නිවේදනයක්..

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිදු කර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේෂ සහගත ඒවා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඔහුගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේ දැයි මෙසේ ය.

මාධ්‍ය නිවේදනයයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවල පලවු ප්‍රවෘතින් සම්බන්ධවයි

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය දින වල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිශන් සභාවේදී හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කරනු ලැබු ප්‍රකාශ පිළිබඳව මාධ්‍ය ආයතන මගින් විශාල ප්‍රචාරනයක් ලබා දී තිබුණි.

ඉහත කොමිසමේදී හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කල බවට මාධ්‍ය මගින් ප්‍රකාශ වු කරුණු සම්පුර්ණයෙන්ම අසත්‍ය, ද්වේශසහගත කරුණු වන අතර මාධ්‍ය හරහා ප්‍රකාශ වු එම කරුණු හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ ප්‍රතික්ෂේප කරන අතර එම ප්‍රකාශ සම්පුර්ණයෙන් අසත්‍ය බවට මහජනතාව වෙත මෙයින් කාරුණිකව දන්වා සිටිමි.

යම් ලෙසක ඉදිරි දිනකදි හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හට කොමිසම හමුවට පැමිණිමට අවස්ථාවක් ලැබුනහොත් අදාල සියළු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය වු කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිති.

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමිර ද සිල්වා ලෙස මා මෙසේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කොට කියා සිටිමි.

– සමීරද සිල්වා

36,092 views

14 Comments to “පාස්කු බෝම්බය ගැන හේමසිරි කියන්නේ පච.. කොමිසමට මං ඇවිල්ලයි ඇත්ත කියන්නේ..- හිටපු ජනාධිපතිගෙන් නිවේදනයක්..”

  1. රත්න says:

    මුං ඔක්කොම මහ උලුගෙදර කූරු ගනන් කරන්න යැවිය යුතුයි.

  2. Mahesh says:

    Ha ehenan hitan api piligannan neda hitan. Mona paththarenda hitan hemasiriya Boru keewa kiyala denagaththe hitan? Re dahayata kalin wenna ethi neda e paththare beluwe hitan. Ohege ega purama asuchi hitan.