පාස්කු බෝම්බවලින් තුවාල ලැබූ අයගෙන් මිය ගියේ 06ක් පමණයි.. එය ලෝක වාර්තාවක්..- රාජිත

May 31, 2019 at 3:50 pm | lanka C news
පාස්කු බෝම්බවලින් තුවාල ලැබූ අයගෙන් මිය ගියේ 06ක් පමණයි.. එය ලෝක වාර්තාවක්..- රාජිත

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තුවාල ලැබූ තුවාලකරුවන්ගෙන් මිය ගියේ 06 දෙනෙක් පමණක් බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

එය ලෝක වාර්තාවක් බවත් මෙරට වෛද්‍ය සේවයේ ගුණාත්මක බව තහවුරු කරන ලද අවස්ථාවක් බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

169 views
Main News