පාස්කු බෝම්බ කමිටුවට ජනාධිපති කැදවයි…?

June 20, 2019 at 4:40 pm | lanka C news
පාස්කු බෝම්බ කමිටුවට ජනාධිපති කැදවයි…?

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ද කැඳවීය යුතු බව සාකච්ඡා වී ඇත.

එමෙන්ම චෝදනා එල්ල වී තිබෙන හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ද කැඳවා කරුණු විමසීමට සාකච්ඡා කර තිබේ.

කාරක සභාව හමුවට තවත් පුද්ගලයන් විස්සකට ආසන්න පිරිසක් සාක්‍ෂි විමසීම සඳහා කැඳවීමට නියමිත බව ද වාර්තා වේ.

මේ අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත්වන සාක්ෂිකරුවන් කැදවීමේදී එම සාකච්චා මාධ්‍යට විවෘත නොකිරීමට ද තීරණය කර ඇත.

37,906 Viewers

4 Comments to “පාස්කු බෝම්බ කමිටුවට ජනාධිපති කැදවයි…?”

  1. Kadiya says:

    ඔහොම ගිහිං මලගිය පරානකාරයෝ ගෙන්වන කපුවකුගේ හෝ කට්ටඩියකුගේ උපකාරයෙන් මරාගෙන මැරුණ සහරාන් ඇතුළු බෝම්බකාරයෝ අටදෙනාත් කැඳවන්න කමිටුව තීරණය කරන්න පුළුවන්.

    • විස්කි මැඩම් says:

      මිනිස්සු කැමතියි කවුද වැරදි කියලා අධිකරණයකින් හොයාගන්නවට.
      එතකොට වැරදි කරුවන්ට දඩුවම් ලැබෙනවා.
      නමුත් මුන් කරන්නේ මිනිස්සුන්ගේ එම අපේක්ෂාව ගොඩින් සපුරා දීලා වැරදි කරුවන් නිදහස් කරන එකයි.
      හරියට විශ්වාසභංගයෙන් ගෙදර යවන්න හිටිය බදුර්දීන්ව නිකම් ඉල්ලා අස් කරන්න රතන හිමි උපවාස කළා වගේ වැඩක් මේක.

  2. UNP GAL IBBA says:

    නියම නාඩගම් මඩුව පුලුවන්නම් සහරාන් ගේ පෙරෙත ආත්මයත් ගෙන්නපල්ලා???

  3. john the baptice says:

    රනිල්ගෙන් මහා බැංකු සොරකම ගැනත් අසන්න පුලුවන්

Main News