පාස්කු බෝම්බ කමිටුවට ජනාධිපති කැදවීම අනිවාර්යයි.. ඔහුගේ සාක්‍ෂිය ඉතා වැදගත්..- ෆොන්සේකා

July 17, 2019 at 4:40 pm | lanka C news
පාස්කු බෝම්බ කමිටුවට ජනාධිපති කැදවීම අනිවාර්යයි.. ඔහුගේ සාක්‍ෂිය ඉතා වැදගත්..- ෆොන්සේකා

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඉදිරි දින කිහිපයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

නීතිය හා සාමය අමාත්‍යාංශය භාරව සිටින ඇමතිවරයා වශයෙන් ජනාධිපති වරයාගේ සාක්ෂිය ඉතා වැදගත් බවද ඔහු සඳහන් කළේය.

වැඩිකල් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පවත්වාගෙන යාමේ උවමනාවක් නැති බවත් ලබන මාසය වන විට මෙහි අවසන් වාර්තාව සකස් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය. ‍

ප‍්‍රහාරයට වගකිව යුත්තන් කවුද වගකීම් පැහැර හැරියේ කවුද නිවැරදි චිත්‍රයක් එම වාර්තාවෙන් එළිදරව් වනු ඇතැයිද ඔහු කියා සිටියි.

15,577 Viewers

5 Comments to “පාස්කු බෝම්බ කමිටුවට ජනාධිපති කැදවීම අනිවාර්යයි.. ඔහුගේ සාක්‍ෂිය ඉතා වැදගත්..- ෆොන්සේකා”

  1. පොරමෝලා says:

    ෆොන්සේකට ඇමති තනතුරක් නොදීම සම්බන්ධව තිබෙන ඇරියස් එක කවර් කරගන්න හදන්නේ

  2. john the baptice says:

    රනිල් බලන්නේ ජනාදිපති වෙන්න කෙටි මගක් ප්‍රවේසමෙන්

  3. nilu says:

    fonsekage hulan bassuwe slfp.

  4. Loku Ayya says:

    අනේ මේ ජෝකර්ල ටිකක් පාර්ලිමන්ට් යවල…

    උන් සැරෙන් සැරේ උම්බෑ කිය කියා අපිට දෙන ආතල් එකක්….

    කියල වැඩක් නැහැ…රටකට ගිය කලක්…

  5. Lebbe says:

    Muda komisame sabapathi.

Main News