පාස්කු බෝම්බ කමිටුවෙන් දේශපාලන බෝම්බයක්.. ප‍්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකුට චෝදනා..

October 19, 2019 at 3:00 pm | lanka C news
පාස්කු බෝම්බ කමිටුවෙන් දේශපාලන බෝම්බයක්.. ප‍්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකුට චෝදනා..

ලබන 23 දා මැති සබයට ඉදිරිපත් කෙරෙන පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විශේෂ කාරක සභා වාර්තාව මගින් ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම් පැහැර හරින ලද ප්‍රධාන දේශපාලනඥයන් දෙදෙනකුට බරපතළ චෝදනා එල්ල කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

රටේ ඉහළම වගකීම් දරන මෙම ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් දෙදෙනාට ජාතික ආරක්ෂාව පිළිබඳව සමාන්තර වගකීම් පැවරෙන බැවින් ඔවුන් එහි වරද නිලධාරීන්ට හෝ කනිෂ්ඨ දේශපාලනඥයන් පිට පමණක් පැටවීම ප්‍රශ්නයට පිළිතුර නොවන බව මෙම වාර්තාව අවධාරණය කරන බව එම ආරංචි මාර්ග පවසයි.

වළක්වා ගත හැකිව තිබූ ප්‍රහාරයක් වළක්වා නොගැනීම ගැන එහි සවිස්තර තොරතුරු ඇතුළත් වන අතර මෙම වාර්තාව දේශපාලන ක්ෂේත්‍රය කළඹන වාර්තාවක් විය හැකියැයි දේශපාලන අංශ පවසයි.

– deshaya

39,167 Viewers

7 Comments to “පාස්කු බෝම්බ කමිටුවෙන් දේශපාලන බෝම්බයක්.. ප‍්‍රබල දේශපාලඥයන් දෙදෙනෙකුට චෝදනා..”

  1. Rata Wenuwen says:

    පඹ මහතා සමග පින්ගුත්තර රනියා ගස් යයිද

  2. Nandasoma Suriyaarachchi says:

    අගමැති සහ ජනපති මෙම ප්‍රහාරයට වගකිව යුතුයි…..!

    රටේ ජාතික ආරක්ෂාව ගැන කිසිම පියවරක් මෙයාල ගත්තෙ නැහැ…..!!

    දේශපාලන වශයෙන් දෙපැත්තට කඹ ඇද ඇද හිටිය මිසක් මෙයාල රටේ ආරක්ෂාව ගැන නිසි පියවර ගත්තෙ නැහැ…..!!!

  3. ගමරාළ says:

    රන් සමනල මහ ලොල්ලා යි තාත්තා ත් එක්ක තරහා වෙලා කුඹුරට ගිනි තියපු එකයි වෙන්න ඔන මුන් හදන්නේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බාවන්න.

    එහෙම උනොත් තමයි පුතානො ට පක්ෂයේ බලය අල්ලගන්න පුලුවන් වෙන්නෙ … කොහොම ද ගෙම. පව් අහිංසක ම්යගිය ම්නිස්සු. ඔවා දන්න නිසා තමයි රවිකරුනානායක වගෙ පල් හොරු ගොටාට පනින්න හද්න්නෙ හිරෙ නොහිහින් බෙරෙන්න.

  4. හෙළ ලකුණ says:

    ජනපති සහ අගමැති?

  5. සරා says:

    මගුල තමයි.මිනිස්සු 450ක් මරලා ‌ෙතොපි දැන් පුක ‌ෙදෙන්න හදනවා.මුළු ආන්ඩුවම වගකියන්න ඔින.

  6. පඹ ගාලේ ගඹ පාල says:

    ඕව ඉතින් පොලිටිකල් නේ. කමිටුවේම සහරාන්ගේ සපොටර්ස්ල හිටියනේ. දැන් එලි වෙන්නේ.

  7. Sarath Bulathsinghala says:

    ජඩ පාලනයේ ප්‍රබල ඇමතියෙක් කියා මුදල් විසුද්ධිකරණයට බලගතු චෝදනා ඇති රවි කරුණානායක පමණක් පොහොට්ටුවට නොගන්නවා ඇතැයි මහජනතාව බලාපොරොත්තු වනවා.

Main News