පාස්කු බෝම්බ කමිටුවේ කැදවීම ජනපති පිලි නොගනී.. සාක්ෂි දෙන්න නොපැමිණේ…
August 24, 2019 at 8:40 am | lanka C news
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ජනාධිපතිවරයා නොපැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එම කමිටුව ඉදිරියේ පෙනී සිටින්නැයි ජනාධිපතිවරයාට දින තුනක් කමිටුව විසින් නිර්දේශ කර තිබේ.
කෙසේ වෙතත් එවැනි කැඳවීමක් ජනාධිපතිවරයා වෙත මෙතෙක් ලැබී නැති බවද වාර්තා වෙයි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියට ජනාධිපතිවරයකු වූ කැඳවිය නොහැකි බවත් කැඳවීමක් කලද තමන් සහභාගි නොවන බවත් ජනාධිපතිවරයා මීට ටික දිනකට පෙර සඳහන් කරන ලදී.
කැකිල්ලේ මණ්ඩලයට නොගිම ගැන අපේ සතුට
ආප්පයාට කොන්දක් නැහැ, මඩු වලිගත් නැහැ, කෙලින් වෙන්න ශක්තියකුත් නැහැ. පව් දෙයියනේ! අහින්සක පඹරාල හප කරන්න එපෝ!