පාස්කු බෝම්බ කමිටුවේ ප‍්‍රකාශයෙන් පොලිස්පති අමාරුවේ.. අධිකරණයක ප‍්‍රශ්න කෙරේ..

June 10, 2019 at 6:29 am | lanka C news
පාස්කු බෝම්බ කමිටුවේ ප‍්‍රකාශයෙන් පොලිස්පති අමාරුවේ.. අධිකරණයක ප‍්‍රශ්න කෙරේ..

ධුරයෙන් අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පාස්කු බෝම්ම ප‍්‍රහාර සම්බන්ධයෙන් දැන සිට තොරතුරු වසන් කිරීම හා ක‍්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයක් හමුවේ ප‍්‍රශ්න කෙරෙනු ඇත බවය රජයේ ඉහළම පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

පසුගියදා එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පත්කර ඇති තේරීම් කාරක සභාව හමුවේ පොලිස්පතිවරයා විසින් හෙළි කරන ලද කරුණු මත මෙම තත්ත්වය උද්ගත වී ඇතැයිද එම ආරංචි මාර්ග පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිශ්චිත වශයෙන් තොරතුරු දැන නොසිටි බව පැවසුවද මෑතකදී ධුරයෙන් ඉල්ලා අස් වූ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් එම තොරතුරු නිශ්චිත වශයෙන්ම පොලිස්පතිවරයාට දැනුම් බව පවසා ඇතැයිද සඳහන්ය.

පාස්කු ඉරිදාවේ මෙරට මෙතෝදිස්ත පල්ලි ගණනාවකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් පොලිස්පතිවරයාට නිශ්චිතවම දැනුම් දී තිබියදීත් පොලිස්පතිවරයා නිශ්චිත තොරතුරු නොලද බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කියා සිටියේය

ඉදිරි අධිකරණයක මෙම කටයුත්ත ප්‍රශ්න කරනු ඇතැයිද එකී ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.

60,833 Viewers

8 Comments to “පාස්කු බෝම්බ කමිටුවේ ප‍්‍රකාශයෙන් පොලිස්පති අමාරුවේ.. අධිකරණයක ප‍්‍රශ්න කෙරේ..”

  1. CHAMINDA -SADA STF says:

    DAN GODAK SANEEPA ATHI. ELA ELA OHOMA YAN……
    ATI KEHEL KAWANAM WIDAWAPAN BALALO KIYANNE OKATA THAMAYI.,…./

  2. සීගිරි says:

    මේ රටේ මුලු මහත් ජනතාව නසන වැඩපිලිවෙල ඇත්තේ මේ රටේ සමාජ ආර්තික දේෂපාලන වැඩ පිලිවෙල තුලම හෙවත් රාජ්‍යය යාන්ත්‍රණය තුලයි.එංගලන්තයේ නව යටත් විජිතයක් වන ලංකාව තුල අධිරාජ්‍යවාදීන් විසින් තම මොඩල වලට අනුව පවත්වාගෙන යන පාසැල්,විශ්විද්‍යාල,අධිකරණය,පොලිසිය,හමුදාව, පාර්ලිමේන්තුව යන හැම අගෝපාංගයකම සේවය අධිරාජ්‍යවාදීන්ගේ පැවැත්ම පිනිස සැකසී ඇති අතර ඒවායේ ක්‍රියාකාරිත්ව්‍ය මේ රටේ ජනතාවගේ පැවැත්මට තර්ජනයක්ව ඇත.
    අධිරාජ්‍යවාදින් විසින් අල්ලේ නිරැවත්ව නටවන ලංකා නව යටත් විජිතයේ පාර්ලිමේන්තුව අහෝසි කර ආණ්ඩු මාරැව වෙනුවට රටේ මිනිසුන්ගේ පැැවැත්මට තර්ජනයක්ව ඇති මේ රාජ්‍ය ව්‍යූහයේ හා යාන්ත්‍රණයේ නියම වෙනසක් කිරීම හැර අන් විසදුමක් නැත.
    මේ රාජ්‍යය ව්‍යූහය හා ක්‍රියාකාරිතවය තුලම දියුණුව,යහපත,සමෘදිය උදා කරනවා යයි කියාගෙන යමෙක් ඉදිරිපත්වේ නම් එක්කෝ ඔහු අලි බොරැ කාරයෙකි නැත්නම් මෝඩයෛකි.

    • Me3 says:

      You are correct.
      But what are you doing towards achieving what you are typing?

    • සීගිරි says:

      මේ නව යටත් විජත රාජ්‍යය ව්‍යූහය හා ක්‍රියාකාරිත්වය තුලම දියුණුව,යහපත,සමෘදිය උදා කරනවා යයි කියාගෙන යමෙක් ඉදිරිපත්වේ නම් එක්කෝ ඔහු අලි බොරැ කාරයෙකි නැත්නම් මෝඩයෙකි.
      අවුරැදු 71 කාලය තුල විවිධ අගමැතිවරැ,ජනාධිපතිවරැ හා විවිධ රජයන්, ආණ්ඩු හා සන්ධාන අවසානයේ අසාර්කථ වීමත් හා එහෙම වන්නට හේතුවත් තේරැම් කර දිය හැකි එකම විදිය මේ නව යටත් විජිත රාජ්‍ය ව්‍යූහය හා යාන්ත්‍රණය අපට නොගැලපෙන එමෙන්ම ජාතියට විනාශය ගෙන දෙන දෙයක් බව තේරැම් කර දීමෙන් පමණි.

    • සීගිරි says:

      මේ රාජ්‍ය ව්‍යූහය හා යාන්ත්‍රණය විසින් පාලකයා ජෝකරයෙක් ,හොරෙක්,දූෂිතයෙක් හෝ ජනතා ද්‍රෝහියෙක් බවට පත් කර අවසානයේ හැමදාම රටට failed state සහතිකය හිමි කර දේ.
      අවුරැදු 71 කාලය තුල විවිධ අගමැතිවරැ,ජනාධිපතිවරැ හා විවිධ රජයන්, ආණ්ඩු හා සන්ධාන අවසානයේ අසාර්කථ වීමත් හා එහෙම වන්නට හේතුවත් තේරැම් කර දිය හැකි එකම විදිය මේ නවයටත් විජිත රාජ්‍ය ව්‍යූහය හා යාන්ත්‍රණය අපට නොගැලපෙන එමෙන්ම ජාතියට විනාශය ගෙන දෙන දෙයක් බව තේරැම් කර දීමෙන් පමණි.මේ මොහොතේ රටේ එකම යථාර්තවාදී දේශපාලන අවශ්‍යතාව මේ වෙනස අරඹයා පැන නගින ව්‍යාපාරයක් පමණි…එම ව්‍යාපාරය දැනටමත් ප්‍රරෝහනය වී දළුලමින් ඇත.

      • Me3 says:

        එවන් ව්‍යාපාරයක් ප්‍රරෝහණය වී. අැති නම් එය වනස්පතියක් වේවා යනු අපේ පැතුමයි

  3. Love nature says:

    කාට කාටත්

    ඇඟිල්ලෙ තරමට ඉදිමියංලා . මුදුනා වෙන්න යන්න එපා. උඩ පැන්නොත් බිම වැටේවි.

Main News