පාස්කු බෝම්බ කමිටුව අගරදගුරුගෙන් ප‍්‍රශ්ණ කරයි..

July 23, 2019 at 10:40 am | lanka C news
පාස්කු බෝම්බ කමිටුව අගරදගුරුගෙන් ප‍්‍රශ්ණ කරයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගෙන් කරුණු විමසීමට සුදානම් බව එහි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත.

ඒ අනුව කමිටු සාමාජිකයන් විසින් අගරදගුරුතුමන් හා ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට අදහස් කර සිටින බවද ප‍්‍රකාශකයා පවසා ඇත.

මෙම දෙදෙනා කමිටුව හමුවට කැඳවීමට සුදුසු නොවන බව අවබෝධ කර ගෙන ඔවුන් හමුවට ගොස් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර තිබේ.

මෙම කාරක සභාවේ සාක්ෂි විමසීම දී ජනාධිපතිවරයා සහ අගරදගුරුතුමන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කෙරුණු නිසා එම තත්ත්වය මත ඔවුන්ගෙන් කරුණු විමසීම වැදගත් බවද කමිටුවේ අදහස වී ඇත.

මේ අතර එම කමිටුව විසින් මෙම සතිය ඇතුළත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

92 views

32 Comments to “පාස්කු බෝම්බ කමිටුව අගරදගුරුගෙන් ප‍්‍රශ්ණ කරයි..”

  1. THILAKA says:

    WHAT ABOUT KIRIELLA,

  2. Heroic says:

    මේ කොන්ද පණ නැති ගොං ඩබල තාම නාල ඉවර නෑ වගේ.

  3. one shot says:

    හකීම් හා සුමන්තිරම් පහරන දේ කමිටුවේ අනෙක් සාමාජිකයින් ස්වේච්චාවෙන්ම සකල ශරීරයේ ගා ගන්නා අයුරු අපට පෙනේ.ඔව්හු සුවච කීකරු බලු කුක්කන් බව දැන් පැහැදිලිය​. ඔව්හු බලු කුක්කන් නොවේනම් උන් හා සම අසුන් ගන්නේ නැත​.

  4. gonsun says:

    Your Excellency, Rev Malcom Ranjith,
    Bishop of the SL RC

    You must refuse to go before these goons appointed by the big Goon. Let them put you in jail?. I dare those goons will do it. That will be the start of the revolution in SL. We Buddhists will rally behind you. This unpatriotic,
    Walevvo (Walavva means where Wal evvo stay) will sell the mother land to be in power.

Main News