පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..

June 19, 2019 at 3:00 pm | lanka C news
පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..

පාස්කු ඉරිදා දිනයෙහි මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට 20 දින පෙනී සිටින්නැයි රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට දැනුම් දී තිබේ.

ෆැක්ස් පණිවුඩයක් මගින් තේරීම් කාරක සභාව විසින් මෙම දැනුම්දීම කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

සක්‍රිය රාජකාරියේ සිටින කිසිදු ආරක්ෂක නිලධාරියෙකු තේරීම් කාරක සභාවට ඉදිරිපත් නොකරන බවට ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයෙන් පසුව මෙම කැඳවීම කර තිබීම විශේෂත්වයකි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙම සභාව ඉදිරියට කැඳවා ඇත්තේ කලින් අවස්ථා ගණනාවකදීම ලබාදුන් ප්‍රකාශ දී ප්‍රකාශවල ඔහුගේ නම සඳහන් වූ නිසාය.

මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් වේලාසන දැනුවත් කරනු ලැබූ ලැබ ඇත්තේ රාජ්‍ය බුද්ධි ප්‍රධානි විසින් බවද වාර්තා වෙයි.

49,963 Viewers

12 Comments to “පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..”

  1. cw says:

    All I can say is all these idiots including SF are ” Kaalakanniyo” who played games with national security

  2. SL says:

    ගමේ කුඩු විකුණන එකා ගැන පැමිණිල්ලක් දාන්න බය රටේ ( මොකද එසැනින් කුඩු මාෆියාවේ ලොක්ක පැමිණිල්ල දාන කෙනාට තරවටු,වෙඩි තැබීම,පවුලේ අය‍ට කරදර කිරීම් කරන නිසා ) සාමාන්‍ය මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේ බුද්ධි අංශවල ,හමුදාවේ, STF වීරයෝ , ඔය එක දේශපාලකයෙක් වත් මිනිස්සු ආරක්ෂා කරන්න ආවේ නැහැ.රටට නොබියව, නිහඬව සේවයක් කල දැන් ඒ මිනිස්සු න් ගේ ජීවිත ,පවුල් සියල්ල අනතුරේ දාන්නේ මේ කාලකන්නි රනිල් පොන්නයා ගේ බල්ලෝ.

    • Lee says:

      Very true…

    • Janaka says:

      එලබෙන මැතිවරන සදහා මයිත්‍රී, රනිල් මහින්ද යන තිදෙනාම මුස්ලිම් චන්ද වලට තිබෙන කෑදර කමනිසා ඔය රිශාඩ්, සාෆි, හිස්බුල්ලා ලට තිබෙන පරීක්ශන ඔක්කොම යටගහනව.

    • සුබේ says:

      එතකොට මේ දෙසිය ගනනකගෙ ජීවිත හානියට වගකිවයුතු කවුද කියල හොයාගන්න ඕන නෑ??? තොපි වගේ කාලකණ්ණි හැම දේටම රනිල්ට බනිනවා. දැන් ජනපති වගකීම් කරහැරිය බව එලිවෙද්දි කාටත් තදවෙනවා.

  3. Gemunu says:

    අප්‍රේල් 21 සිදුවීම හා ලංකා රජයේ බුද්ධි අංශ අතර තිබෙන සඹඳතාවය මොහුගෙන් හැර වෙන කාගෙන් දැනගන්නද? මොහු අනිවාර්යයෙන්ම ප්‍රශණ කල යුතුයි. රටේ ආරක්ෂාවට ප්‍රශ්ණයක් නම් මාධ්‍ය ඉවත් කළ යුතුයි.

  4. Open mind says:

    බුද්ධි අංශ නිළධාරින් හා රහස් ඔත්තු සේවා පිරිස් යනු දෙකොට්ඨාසයක් බව හඳුනා ගනිමු

  5. sunimal says:

    මුන් මේ ප්‍රශ්න අහන්නේ රෝම ලන්දේසි නීති දැනගනද මෙය අපේ නීති පද්දතියට කරන අපහසයක් වහාම මෙය තහනම් කල යුතුය

  6. Lasantha says:

    අපමන අගයක්…😩😩

  7. Gayantha says:

    සැබෑ වරදකරු ඔහුයි. ඒකයි බයේ දගලන්නේ. මේ මෝඩ පාලකයා තේරුම් ගත යුතුයි තමුන්ගේ රැකියාවට අදාල දේවල් මොනවද අදාල නැත්තේ මොනවද කියලා . නිකන් කයිවාරු ගැහුවට වැඩක් නෑ.

  8. Lal Fernando says:

    Parliament committee was appointed on the consent of political parties representing in parliament. Afterwards pohottuwa was boycotted it.
    Parliament has right to inquire anything related to functions of goverment.
    National security is not a secret things. It is peoples right to know what is happenings?
    But stratergies not be revealed.

  9. රාහුල කොලුවා says:

    කළගුණ සැලකීමට තමන්ගේ බලතල අනුන්ට පූඡා කරලා දැන් තමනුත් දුක් විඳිනවා.. රටත් දුක් විඳිනවා…

Main News