පාස්කු බෝම්බ කමිටුව ජනාධිපතිවරණ කැම්පෙන් එකක්.. එහි පරීක්‍ෂණ වැඩක් නෑ..- ඇමති නිරෝෂන්

June 14, 2019 at 12:00 pm | lanka C news
පාස්කු බෝම්බ කමිටුව ජනාධිපතිවරණ කැම්පෙන් එකක්.. එහි පරීක්‍ෂණ වැඩක් නෑ..- ඇමති නිරෝෂන්

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව රාජ්‍ය ඇමති නිරෝෂන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ජනාධිපති කොමිසම මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද මගින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සලකා බලමින් බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයකදී මුස්ලිම් ඡන්ද කොටස දෙස බලාගෙන ක්‍රියාත්මක වන මෙම පරීක්ෂණ සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම නොවන බවද ඔහු කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

"දැන් යන පරීක්ෂණ ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ…"

"කිසිසේත්ම දැන් යන පරීක්ෂණ ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ…"Like us : ITNnews

Gepostet von ITNnews am Donnerstag, 13. Juni 2019

29,019 Viewers

9 Comments to “පාස්කු බෝම්බ කමිටුව ජනාධිපතිවරණ කැම්පෙන් එකක්.. එහි පරීක්‍ෂණ වැඩක් නෑ..- ඇමති නිරෝෂන්”

  1. Love nature says:

    මේක හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි
    යන කියමනක් අප විවහාරයේ තිබේ. බොහෝ විට යථාර්තය සහ සත්‍ය පිටු දැක හාස්‍ය ජනක නිගමන වලට එලඹෙන පාලන තන්ත්‍රයේ නායකයින් ගැන අප අසා ඇත්තෙමු. කැකිල්ලේ රජුගේ තීන්දු වගේ අනුවන තීන්දු ගැනීම නිසා සමාජයේ අවුල් වියවුල් තත්ත්වයන්ට හෝ රටට අවාසිදායක දේවල් සිදුවේ.

  2. RATA WESIYO says:

    That was also the exact reason,the present rulers could not avert such a disaster on last Easter Sunday ,even when knowledgeable people
    pre_ warned about the evil activities of the Extreme Muslim religious groups. Some politicians try to whitewash them ,branding the people who forsaw the danger as racialists for the sake sake of their votes.

  3. සිරිසේන 2 says:

    මුස්ලිම් චන්ද අති බහුතරය කොහොමත් යූඑන්පී යට යනවා. හැබැය් මේ සැරේ ගෝටා 15-20% අතර ප්‍රමානයක් ගන්නවා ස්තීරය්. රවියල ඔය මොන සෙප්පඩ විජ්ජාවල් දැම්මත් මේ සැරේ සිංහල චන්ද 70-75% ක් ගෝටා ගන්නවා

  4. Kadiya says:

    පහුගිය පළාත් පාලන චන්දෙදි UNP එකට ලැබුනේ රටෙන්ම 32.63 චන්ද ප්‍රතිශතයක් පමණි. කතානායක කරු මයා ට අනුව මුස්ලිම් ජනගහනය 14% එනම් මුස්ලිම් චන්ද 14% ඇත. එම චන්ද අතරින් 2% චන්ද නොදී හෝ වෙනත් පක්ෂ වලට ලැබුනනම් සිංහල සහ දෙමළ චන්ද UNP එකට ලැබිල තියෙන්නේ 20% පමණකි. 5% පමණවන කතෝලික චන්ද ඉදිරියේදී UNP මිනීමරුවන් හට ලැබේයයි සිතිය හැකිද? තම සහෝදර කතෝලිකයන් දැන දැනම මැරෙන්න ඇරපු UNP යට නැවතත් චන්දෙ දෙන්නේ පිස්සු හැදුන කතෝලිකයෙක් පමණි. UNP ය 2019/2020 ජනාධිපතිවරනේදී ලබාගන්නා උපරිම චන්ද ප්‍රතිශතය 25% පමණි.

  5. Dil says:

    menna niyama paalakayin. paththa giyath – aththa kiyanawaa. meyage thaththath me wagema thamaa. methumaata me amathikamata wadaa, rata watinawaa. amerikawe ithaamathma ihala prasidda wishwa widyaala 2 kin upaadi saha prashthaath upaadi gaththa methumaata, deshapaalanayen banku kadaa horakam karanawaata wadaa, thama ugath kamin hamba karanna puluwan. onna ugath kame saha awanka kame wadagathkama. methumaa, ilaga janadipathi tharagayedi, gotaabaya mahathmayaa samaga wada kalaanam, ethumaa mohugen niyama sewaya lankaawata labadimata awasthaawak laba dewi yayee apita hithenewaa.

    • 77 UNP says:

      මෙන්න නියම පාලකයින්. පැත්ත ගියත් – ඇත්ත කියනවා. මෙයාගේ තාත්තත් මේ වගේම තමා. මෙතුමට මේ ඇමැතිකමට වඩා රට වටිනවා. ඇමරිකාවේ ඉතාමත් ඉහල ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල දෙකකින් උපාධි සහ පශ්චාත් උපාධි ගත්ත මෙතුමාට දේශපාලනයෙන් බැංකු කඩා හොරකම් කරනවට වඩා තම උගත්කමින් හම්බකරන්න පුළුවන්. ඔන්න උගත්කම සහ අවංකකම වැදගත්කම. මෙතුමා ඊළඟ ජනාධිපති තරඟයේදී ගෝඨාභය මහත්තයා සමඟ වැඩ කලානම්, එතුමා මොහුගෙන් නියම සේවය ලංකාවට ලබාදීමට අවස්ථාවක් ලබදේවියයි අපිට හිතෙනවා.(අදහස Dil සතුය)

Main News