පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාවට විරුද්දව මෛත‍්‍රී නීති මගට යයි…

February 27, 2021 at 1:20 pm | lanka C news
පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාවට විරුද්දව මෛත‍්‍රී නීති මගට යයි…

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් එල්ලවී ඇති චෝදනා පිළිබඳ නීති උපදෙස් ලබා ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට ඉකුත් දින කිහිපයේදී හිටපු ජනාධිපතිවරයා නීතිඥයන් පිරිසක් හමු වී මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කර තිබේ.

අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීමට පාස්කු කොමිසම විසින් නිර්දේශ කර ඇත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති අගමැති ඇතුළු රජයද වගකිව යුතුව ඇතැයි කොමිසන් සභාව නිර්දේශ කර තිබේ.

මේ වන විට එම වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

27,371 views

8 Comments to “පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාවට විරුද්දව මෛත‍්‍රී නීති මගට යයි…”

  1. SAWARANA & SRIMA KALI MANIYO says:

    Sirisena matiduta kaki maniyange pihita patala puhulak kapamu.
    Yantarayak damamu
    Anjanamak balamu
    Jayen Jaya wewa

    • SKF says:

      එදා පාස්කු බෝම්බ කාරයොන්ට විරුද්ධව නීති මගට ගියා නම් අද වාර්තාවට එරෙහිව නීති මගට යන්න වෙන්නේ නෑනේ හිටන්.

    • ත්‍රීවීල් says:

      කියන මගුලක් තේරෙන්න කමෙන්ට් කරපංකො බූරැවො.. ඔලුවත් කැක්කුමයි තොගෙ කමෙන්ට් කියවලා

  2. Hebeyi meyath babek nowe.ratak palanayata tharam buddiyak. Denumak
    ettekdka nowe. Kohomada gatta mandiraya kohomada duwata puthata hamba karagath heti. Kohomada. Nedeyek. Marana danduwamen beragena rata yawapu heti. Kohomada duwata love kapu sliit kolla nihanda karapu heti. Thawa kiyannam passe

    • cobra says:

      අන්තවාදී මුස්ලිම් දේශපාලකයින්ට විරුද්ධව නඩු පවරන්නේ නැද්ද ? සාලි බදියුදීන් ,හකීම් ,හිස්බුල්ලා ට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ මන්ද ? සබ්රි අධිකරණ ඇමති වූ නිසාද ?

  3. 😢😪😢😪😢😪😢😪😢 says:

    ඔබ කල වරද ඔබ යටි සිත දනී නම්
    නීතියෙ පිහිට ඔබ පතනු ඇයිද නම්
    ඔබම පත්කල කොමිසම කිව්ව නම්
    නිහඬව සැඳැ සමය ගත කරනු නම්

  4. lakshitha says:

    පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ඇතිවූ ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය වගකිව යුතුයැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

    මෙම ප්‍රහාර වැළැක්වීමට රජය සහ එහි නිලධාරීන් අපොහොසත්වීම රටේ රාජ්‍ය පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආයතන විසින් එතෙක් මෙතෙක් වාර්තා කරන ලද විශාලතම අත්වැරදීම යැයිද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් කර තිබේ.

    මෛත්‍රීපාල සිරිසේන 2019 අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක ඇමැතිධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම සහ ප්‍රහාරය පිළිබඳව දැනුවත් භාවයක් සහිතවම එය සිදු කිරීමෙන් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මගපෑදු බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පැහැදිලි වන්නේ යැයි කොමිසම සඳහන් කර ඇත.

  5. Theeraka says:

    My3, reap what you sow. When you had power you said ‘I want appoint Rajapaksa even if he wins the majority’ So now Rajapaksas are in power, they are giving it back to you. I would say you deserve what you are getting!

Main News