පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව ගැන පත්කල පාර්ලිමේන්තු කමිටුවට එල්ල වන චෝදනා ගැන ජනපතිගෙන් පිලිතුරු
February 23, 2021 at 8:40 am | lanka C news
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ සය පුද්ගල කමිටුවට පුළුල් කාර්යභාරයක් පැවරී තිබේ.
මෙවන් මහා පරිමාණ ජාතික ව්‍යසනයක් නැවත ඇතිවීම වළක්වා ගනු සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක හමුදා, රාජ්‍ය බුද්ධි අංශ ප්රමුඛ විවිධ ආයතන සහ බලධාරීන් ගතයුතු පියවර ඇතුළු සමස්ත ක්‍රියාදාමය හඳුනා ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම එහි ප්‍රධාන ස්ථානය ගනී. මෙකී නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තනි ආයතනයකට නොපිළිවන.
පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම 2019දී පත් කරන ලද්දේ පසුගිය රජය විසිනි.
පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ආරක්ෂාවට හා ස්ථාවරත්වයට, ආර්ථිකයට, ආගමික සහජීවනයට හා සමාජ ජීවිතයට අතිශය අනර්ථකාරී බලපෑමක් කළ සිදුවීමක් බව වත්මන් රජය නිගමනය කර තිබේ. ඊට මුල් වූ පසුබිම රටේ ස්වාධීනත්වයට හා ස්ථාවරත්වයට හානිකර බාහිර මැදිහත්වීම්වලට ද ඉඩ ප්‍රස්ථාව විවෘත කරයි. ශ්‍රී ලංකා රාජ්‍යය ඇතුළත සාමය සහ ආරක්ෂාව මෙන්ම ආර්ථික සමෘද්ධිය සහතික කිරීමට නම් මෙවැනි අන්තවාදී ප්රචණ්ඩත්වයක් නැවත ඇතිවීමට තිබෙන සියලූ ඉඩකඩ අහුරාලිය යුතුය. ඒ සඳහා ආගමික අන්තවාදය සහ ඒ හා බැඳුණු ත්‍රස්තවාදී ප්රචණ්ඩත්වය, ජන කොටස් අතර වෛරය අවුළුවන ප්‍රකාශ, මෙබඳු කණ්ඩායම්වලට විදේශ අරමුදල් ලැබීම මුළුමනින්ම නතර කිරීම අවශ්‍ය වේ.
මෙකී පළල් පරමාර්ථ සපුරා ගැනීමට ඒ ඒ රාජ්‍ය ආයතන සහ බලධාරීන් කළයුතු දේ සහ එකිනෙක කාර්යයට දිය යුතු ප්‍රමුඛත්වය ජනාධිපති පරීක්ෂණ කොමිෂම හඳුනාගෙන ඇත. නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට පවතින පරිපාලන ව්‍යුහය ප්‍රමාණවත් නොවන්නේ නම් පරිපාලන යාන්ත්‍රණයෙහි අවශ්‍ය වෙනස්කම් කළ යුතුව තිබේ. ජනාධිපතිවරයා පත් කළ පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමය.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පරිපාටිය ප්‍රකාර සිදුවනු ඇත. ඊට මැදිහත්වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරේ. පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලූතින් නිර්දේශ එක් කිරීම ද කමිටුවට අයත් නැත. සත්‍ය එසේ වුවද පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටිති.
– ජනාධිපති මාධ්‍ය අංශය
ආයෙ ප්‍රහාරයක් අවශ්‍ය වෙන එකක් නෑ. මිනිස්සුන්ව ගොනාට අන්දලා ආන්ඩු බලය ගත්තට පස්සෙ
ඔබ තුමාට අපි ගරු කරනවා නොවේ නමුත් ගරු ජනාධිපතිතුමෝ ඔබ තවත් කොමිසමක් පත්කර එක ගැනනම් අපි බොහොම නොසතුටුයි මක්නිසාද මෙයි පංච නඩුකාරවරුන් පිරිසක් විසින් සැහැහේන කාලයක් මිඩංගුකර ඒ ගත උත්සාහය මේ කොහෙවත් නැති නුහුගත් මිනිසුන්ට නැවත පරණ වාර්තාව දෙවනුවට අද්යාන කිරීමට දීපු එකට.මෙයි ඔබ ඒ නඩුකාරවරුන්ට අගතියක් කල හමාරයි.ඇයි ඔබට එය නොතේරුණේ? ඒකනිසා කරුණාකර ඒ පළවෙනි වාර්තාව වහාම ගරු කාදිනල් පියතුමාට භාරදෙන්න එයා තරම් තවත් කෙනේකු මෙළොව නැහැ දැනගැනීමට අවශ්‍යය කෙනෙක්.
🤷♀️ Eka hari! Ihala mattame, Nadukarawaru 5 denek itha mahansiyen kala parikshanawalin hadapu warthawa, deergakalayak gena, oba Janadhipathi visin newatha thuppahi , bala Parlimenthu committee ekak dala nawatha vimarshanaya kirima. Mulu Loketama, Whole World , pennene , oba thawa kalmaramin ema maha vinasaya kala ewun Araksha karanda hadanawa wage thamai.
අම්මෝ ලොකු දෙයක් මේ මාධ්‍ය අංශය මෙහෙම වත් උත්තරයක් දුන්න. මේකෙත් ප්‍රමාදයට හේතුව කියල නෑ. ගොඩක් නැති ප්‍රශ්ණ ඇතිවෙන්නෙ වෙලාවට පැහැදිලි කිරීමක් උත්තරයක් නොදෙන නිසා. මේක වමේ දේශපාලන පක්ෂ වල ආවේනික ලෙඩක්. පහුවෙලා දැනෙන කොට උන්හිටි තැනුත් නැතිවෙලා රටත් නන්නත්තාර වෙලා. 2015දි උනෙත් ඒක
මේ කොමිටිවේ සභාපති ලෙස පත්කර ඇත්තේ ජයන්ත ධනපාල වගේ විශ්ව කීර්තියට පත් චමල් රාජපක්ෂ. අපේ ජනාධිපතිතුමා සුදුස්සට නිසි තැන ලබා දෙනවා .
කාදිනල් තුමාත් අපේ හාමුදුරුවොත් කියන්නෙ එකම කතාවය්. ජනතාවට අවශ්‍ය වන්නේ මිනීමරු මුස්ලිම් අන්තවාදීන් ගේ පුරැක් සොයා උන්ට දඬුවම් කිරීම මිස මරාගෙන මැරැන උන් අල්ලා නොගත් අය සොයා ගැනීම වත් මුස්ලිම් අන්තවාදය සාධාරණය කිරීමට හේතු කාරනා සෙවීම වත් නොවේ. පොහොට්ටුව සිංහල චන්ද නැතිකර ගෙන මුස්ලිම් චන්ද වලින් 2024 ජනාධිපතිවරණය දිනනවා බොරැ. අනෙක Basil is not a presidential material period
Badurdeen nidahas karana BESIL MEHEYUMA neda mey?
බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නැහැ. ඔබතුමා වැඩේ හරියට කරයි කියල අපි තවමත් විශ්වාස කරනව. රටක් හදන්න, පාස්කු ප්‍රහාරය වගේ සැලසුම් සහගත ත්‍රස්ත ක්‍රියා නැවත කවදාවත් ඇති නොවෙන්න කටයුතු කරන එක අර ආප්ප පුච්චනව වගේ එක පාරටම බැරි විත්තිය අපි දන්නවා. ඒ වගේම පසුගිය ජඩ පාලනය රට අගාදයට ඇද දමාපු විදියට, කොවිඩ් ප්‍රශ්ණය නිසා රට ආපස්සට යන විදිය ගැන අපිට හොඳ අවබෝධයක් තියනව. ඔබ තුමාට කවුරුත් කියන විදියට නැතුව අපි ප්‍රාර්ථනා කරන ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපති තුමා විදියට සිංහයක් වගේ වැඩ කරගෙන යන්න තුණුරුවනේ ආශිර්වාදය පතනව.
ඔය ගමන්ම මහින්දානන්ද, රෝහිත මාල හොරා ටත් එක්කම සුදු හුණු ගාපන්.
නැත්තං උබගේ වැඩේ සාර්ථක නෑ නේද
Chamal Rajapaksha has no academic qualification, Rohitha Abeygoonewardena has no academic qualifiaction, Prassana Ranathunga has no academic qualification, how can their political experience ONLY going to help in a huge legal matter such as this when they have no LEGAL EDUCATION background !!
Ithin ei me gobbayowa path kale?
Eka pakshayaka ministersla tikakata meka kalaama ekaparshikaine?
Ai ehenam all parties mekata ganne neththe?
Den inna ayage capability eka pehedili karanna?
නිර්දේශ කර ඇති පරිදි පාර්ලිමේන්තුව, අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක හමුදා, රාජ්‍ය බුද්ධි අංශ ප්රමුඛ විවිධ ආයතන සහ බලධාරීන් ගතයුතු පියවර ඇතුළු සමස්ත ක්‍රියාදාමය හඳුනා ගැනීම