පාස්කු බෝම්බ කොමිසමේ වෙලුම් 04ක් මන්ත්‍රීවරුන්ට දී නෑ… විවාදයට පෙර එය ලබා දිය යුතුයි..
March 1, 2021 at 8:40 am | lanka C news
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ දෙවන වෙළුමේ සිට පස්වන වෙළුම දක්වා වූ වාර්ථා විවාදයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත ලබා දෙන්න.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ෂණය සිදුකල ජනාධිපති කොමිෂන් සභාවේ සියළු වාර්ථා ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදයට පෙර ලබා දෙන ලෙස විපක්ෂය විසින් මීට ඉහතදී ඉල්ලා සිටියද මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් හට ලබා දී ඇත්තේ පාස්කු කොමිෂන් සභා වාර්ථාවේ පළමුවන වෙළුම ඇතුලත් වාර්ථාව පමණි.
එබැවින් එම කොමිෂන් සභාව විසින් විමර්ෂණයට සහ පරික්ෂණයට ලක් කල සාක්ෂි හා අදාල ලියකියවිලි ඇතුලත් දෙවන වෙළුමේ සිට පස්වන වෙළුම දක්වා වූ වාර්ථාවන්ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත ලබා දෙන මෙන් කාරැණිකව ඉල්ලා සිටිමි.
එමෙන්ම වෙළුම් පහකින් සමන්විත පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභාවේ සියළු වාර්ථාවන් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හට සාර්ථක විවාදයක් පැවැත්විය නොහැකි බව දන්වා සිටින අතර පාස්කු ප්‍රහාරය පිළිබදව ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ දෙකේ සිට පහ දක්වා වෙළුම් අැතුලත් සියළු වාර්ථා ඉදිරියේදී පැවැත්වීමට නියමිත එම වාර්ථාව පිළිබද පාර්ලිමේන්තු විවාදයට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරැ වෙත ලබාදීමට කටයුතු කරන මෙන් කාරැණිකව ඉල්ලා සිටිමි.
අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල
මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර,
ශි‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
Yes, last volume says that culprits are those who went to the church that day !!!!
මේ වගේ නීත්‍යානුකූල ඉල්ලීමක් කරන්න පොහොට්ටුවෙ ගොට්ටන්ට බෑ. දොලවත්තට මේ ගැන සරත් සිල්වා කියා දෙන්නෙ නෑ.
Network should be created for MPs using IT and those documents should be loaded to it enabling MPs to go through any time without wasting money for making copies.
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත
මේ පිටු අයින් කරපු අය ගැනත් සෙවීම වටිනවා.