පාස්කු බෝම්බ ගැහුවේ ගෝටාභයයි.. ඔහු ජනාධිපති වුවොත් ඡන්ද පෙත්සමකින් ජනාධිපතිකම අහෝසි කර හිරේ දානවා..
November 4, 2019 at 9:20 am | lanka C news
අප්‍රේල් 21 පාස්කු දිනය දා ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පසුපස සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපෘතිය ආරම්භ වූයේ පාස්කු ප්‍රහාරයෙන් බවත් උන්වහන්සේ සඳහන් කළහ.
පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් සැලසුමක් අනුව බවත් ඊට පසු දවසකම තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීමෙන් එකී කුමන්ත්‍රණය හෙළි වන බවද අමිල හිමියන් පැවසූහ.
පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රධානියා වන සහරාන් හෂීම් ඇතුළු පිරිසට වැටුප් ගෙවා නඩත්තු කර ඇත්තේද ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් එය ජනාධිපතිවරණයට ඒම සඳහා පූර්ව සූදානම් කිරීමක් බවත් අමිල හිමියෝ තවදුරටත් කියා සිටියේය.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.
යම් ලෙසකින් ගොටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගත්තද ඡුන්ද පෙත්සමක් මගින් ඔහුව ජනාධිපති ධුරයෙන් ඉවත් කරන බවත් එනිසා පොහොට්ටුවට ඡුන්දය දැමීම අපරාධයක් බවත් එම ඡන්දය අවලංගු වන බවත් උන් වහන්සේ එහිදී තව දුරටත් කියා සිටියහ.
Nuthana dewadaththaya
අනේ පිං බතා, විශ්වවිද්‍යාලයයක කතිකාචාර්ය කියන්නත් ලැජ්ජයි. ඔය කතිකාචාර්ය කම ගහගනින් පු…
හාමුදුරුවනේ බලාගන, අර දේවදත්ත ථෙරට වුනාවාගෙ මහපොලොව විවරවී ඔබ වහන්සේවත් අවීචි මහා නරකාදියට ඇදගෙන යයි මේ කියපු අහස, පොලොව නුහුලන බොරුවට.
මා කුඩා කාලයේ ඇසූ කවියක්:-
හාමුදුරුනමක් උදයක ගමනක් යන්නට වඩිනවා කුඹුරු යායක් මැදින්.
එතකොට කක්කුට්ටෙක් ගුලකින් එලියට ඇවිත් හාමුදුරුවන්ට මුන ගැසෙනවා.
මෙන්න, ඒ දෙදෙනා අතර ඇතිවුන දෙබස කවියකින්.
හාමුදුරුවෝ: කක්කුටු නයිදේ කොයි යන ගමනා?
කක්කුට්ටා: තට්ට ස්වාමිනි ගෙයි සිට දොරටා!
හාමුදුරුවෝ: පොල්,ලුනු මිරිසට උත්තම දානේ!
කක්කුට්ටා: ඔය කිවු බොරුවට තට්ටෙම පැලියන්!
************
අදටත් නියමෙට ගැලපෙන කවියක්.
වෙනසකට තියෙන්නෙ ඒ හාමුදුරුවො වගේ මේ හාමුදුරුවො නියරවල ඒ ඳඩුවල ගමන් කරන්නෙ නෑ. ඒ වෙනුවට අමිල හාමුදුරුවො
ගමන් කරන්නෙ අති සුඛෝපභෝගී වාහනවල සහ හයිවේ වල.
THis is a critical example of foolishness and negligence of a persons duties, even this monk is belonging to highly respected religion.