‘පාස්කු බෝම්බ ප්‍රහාරයේ තොරතුරු ලංකාවේ ආණ්ඩුව විසින් සඟවනවා..’ අගරදගුරු හඬමින් වතිකානුවේදී කතෝලික ලෝකයටම කියයි..

June 22, 2019 at 10:00 am | lanka C news
‘පාස්කු බෝම්බ ප්‍රහාරයේ තොරතුරු ලංකාවේ ආණ්ඩුව විසින් සඟවනවා..’ අගරදගුරු හඬමින් වතිකානුවේදී කතෝලික ලෝකයටම කියයි..

ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු සඟවමින් සිටින බවත් කිසිවකුත් වගකීම් සහගත ලෙස ක්‍රියා නොකරන බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රෝමයේ දී පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ හමුවීමට පෙර එරට මාධ්‍යවේදීන් අමතමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒ බව පවසා ඇත.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වනු ඇතැයි ලැබුණු බුද්ධි තොරතුරු වාර්තා නොසළකා හැරියේ ඇයිද යන්න සම්බන්ධයෙන් සෙවීමට කිසිදු උනන්දුවක් කිසිවකුටත් නැතැයි ද කාදිනල් හිමිපාණන් පවසා ඇත.

“ආණ්ඩුව කිසිදු වගකීමක් ගන්නේ නැහැ. එය බරපතළ තත්ත්වයක්. දැන් විවිධ කමිටු කොමිසම් පත් කරලා. එකිනෙකාට චෝදනා එල්ල කරගන්නවා. කවුද වගකියන්න ඕනේ කියලා ඔබ දන්නවා” කාදිනල් හිමිපාණෝ කීහ.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වන බවට ඉන්දීය බුද්ධි අංශ මුලින්ම දැනුම් දුන්නේ අප්‍රේල් 4 වැනිදා . ඉන්පසුව අවස්ථා කිහිපයකදීත් ප්‍රහාර එල්ල වූ දිනයේ උදෑසන 6.45 ටත් දුරකතන ඇමතුමක් දෙමින් එම තොරතුරු ලබා දී ඇති බවත් කාදිනල් හිමිපාණන් පවසා ඇත.

“කවුරුවත් ඒ ගැන හිතුවේ නැහැ. සැළකිල්ලට ගත්තේ නැහැ. මේ ව්‍යවසනය වළක්වා ගන්න තිබ්බා. මට මේ තොරතුරු කලින් ලැබුණා නම් මම පල්ලි වහල දාලා මිනිස්සුන්ට ගෙදර යන්න කියනවා” යැයි කාදිනල් හිමිපාණෝ පැවැසූහ.

“හැමෝම අනෙක් අයට බනිනවා. තොරතුරු සඟවන්න උත්සහායක් තියෙනවා. ජනාධිපතිවරයාගේ වරදකාරී බවත් ප්‍රශ්නකාරීයි. ඒ නිසා ඔවුන් මෙය සඟවන්න උත්සාහ කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ උනන්දුවක් නැති බව පෙනේනේ. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන අනෙකුත් ආයතනවලටත් මේ ගැන හොයන්න උනන්දුවක් නෑ වගේ” යැයි කාදිනල් හිමිපාණෝ කීහ.

මේ අතර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට බෝම්බ ප්‍රහාරවලට පෙර සහ පසු සිදුවීම් දැක්වෙන වීඩියෝ පටයක් ද එහිදි පෙන්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

– lankadeepa

39 views

19 Comments to “‘පාස්කු බෝම්බ ප්‍රහාරයේ තොරතුරු ලංකාවේ ආණ්ඩුව විසින් සඟවනවා..’ අගරදගුරු හඬමින් වතිකානුවේදී කතෝලික ලෝකයටම කියයි..”

  1. Sarath says:

    Crocodile tears!

    • definitely, you will go to hell, then I will take care of your ass!

    • yvonne- chula says:

      partially agree

    • Sadda says:

      Who is this bastard ?.

    • Dp says:

      බූරු sarath..crocodile tears..ගැන දැනගන්න පලයන් කටුවපිටිය අවට ගෙවල් වලට සමහර පවුල් පිටින්ම නෑ..සමහර පවුල් වල ඉතුරු එක්කෙනයි …තොපි වගේ ගොන් බූරුවන්ට මේක ආතල් එකක් වුනාට ඒ මිනිස්සු අන්ත අසරණයි .

    • නිමල් says:

      තොට මිනිස් ජිවිත වටින්නෙ නැති හොරිකඩයෙක් උනාට එ උතුම් මිනිසුන් මිනිසුන්ට ආදරය කරනවා. තොපි නුගත් දෙශපලුවො පස්සෙ යන වහල්ලු කොටසක්

    • Sadda says:

      Sarath might have a connection with saharan. Otherwise no one comment in this manner. He is our holy farther .

    • Mohamed hisham says:

      100% you are Muslim otherwise nobody can say your idiot statement

  2. sathya says:

    There is a hidden conspiracy……..

  3. Sun says:

    Father Ranjith has a better understanding of what is happening better than so called leaders. They all have only money making tricks other than running the country. Some really do not bother if they get a load of money. All are in the money hunting game for a luxury life. People do not understand that the happiness and money are two extremes. With this trend of of money hunting business people create uneasiness and pressure within. Then only they will realize that hunting for money is an unending game.

  4. Niru says:

    Now too late. You guys are responsible for 2015 change for the better

  5. Wishwa says:

    Sarath, may I know why you say so? Any reason?

  6. Stupid says:

    This is the dire truth about Sri Lanka. There is no other choice for general public who really concerned about the country other than crying

    • What most eminent cardinal Malcom Rangith ,the Archbishop of Sri Lanka has told to the world is the general impression of vast majority of people in our motherland.

  7. sathya says:

    පලයන් කටුවපිටිය අවට ගෙවල් වලට සමහර පවුල් පිටින්ම නෑ..සමහර පවුල් වල ඉතුරු එක්කෙනයි …තොපි වගේ ගොන් බූරුවන්ට මේක ආතල් එකක් වුනාට ඒ මිනිස්සු අන්ත අසරණයි

  8. gadol says:

    රටේ ප්‍රශ්න තම රටේ දී බේරාගත යුතුය අපේ රට පාලනය ක‍රන්නේ වතිකානුවද? පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි අපේ රටට කල අපරාද ගැන වතිකානුව මොනවාද කියන්නේ?

  9. Panda says:

    Athi Garu Cardinal thumani obathuma hamadama inne ekama isthavarayaka bavin mama athishayin sathutu vemi. Ape aadaraneeya JESU duk vindala Kirusiyata yanna une mevani kalakanni,konda pananathi valbooru paalakayo nisa.Ada ape rate inneth eda hitiya aalakayange avathara. Oba vhanse baya nathuva Jesuta shakshi daranna Katholika api oba vahanse samagai. Oba vahanseta devashirvadaya labeva. Obage janathava nivaradi magata yomu kala manava.

Main News