පාස්කු බෝම්බ ප්‍රහාරය : බදියුදීන් නිදහස්.. කතානායකට දන්වයි..

June 23, 2019 at 12:02 am | lanka C news
පාස්කු බෝම්බ ප්‍රහාරය : බදියුදීන් නිදහස්.. කතානායකට දන්වයි..

අප්‍රේල් 21 දින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කිසිදු සබඳතාවයක් නැති බව විශේෂ පොලිස් වාර්තාවක් මගින් කතානායකවරයාට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් – එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද විශේෂ පොලිස් විමර්ශන කමිටුව මගින් මෙම වාර්තාව සකස් කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී. ප්‍රියන්ත මහතාගේ සභාපතීත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ සහභාගීත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක විය.

අදාළ තැනැත්තන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා නැගූ පිරිස්වලට තමන් සතු සාක්ෂි සහිතව පොලිස් විමර්ශන කමිටුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට සතියක කාලයක් ලබාදුන්නේය.

එම කමිටුවට පැමිණිලි ගණනාවක් ලැබුණි. ඒවා විමර්ශනය කළ පොලිස් කමිටුව එල්ල වූ චෝදනා සාක්ෂි සහිතව කිසිසේත් ඔප්පු වී නැතැයි නිගමනය කළේය.

අනතුරුව මේ තිදෙනාගෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අප්‍රේල් 21 ප්‍රහාරයට හෝ ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට නැගුන චෝදනා පදනම් විරහිත බව කතානායකවරයාට වාර්තා කර ඇත.

– deshaya

52,360 Viewers

21 Comments to “පාස්කු බෝම්බ ප්‍රහාරය : බදියුදීන් නිදහස්.. කතානායකට දන්වයි..”

  1. Aruna says:

    අපි කලින්ම දන්නවා .අවුලක් නැ.

    • දේවක says:

      ඇයි අර විමල් වේදිකාවල කියපුවා බොරුද? කොහොම වුණත් පොහොට්ටු ආන්ඩුවක් ආවම මූට බැටේ හම්බුවෙයි. 😀

      • Saman says:

        ඔව් හම්බුවෙයි……….. කැබිනට් ඇමතිකමක්.

    • මේ වගේම ඩොක්ටර් ෂාපි වත් වහාම නිදහස් කරනු. බොරුවට චෝදනා කරනවා මිසක් ඔප්පු කරපු බම්බුවක් නැහැ.

  2. හිච්චිමහත්තෙයා says:

    “ඒවා විමර්ශනය කළ පොලිස් කමිටුව එල්ල වූ චෝදනා සාක්ෂි සහිතව කිසිසේත් ඔප්පු වී නැතැයි නිගමනය කළේය.”

    🙂

    අම්මප ඕයි!
    දැං පොලෝසියෙයි වැරැදදිනිවැරැදි තීංදු කොරන්නෙ?

  3. Kamal says:

    Owu kohomath uwa nidos karanawa kiyala api dannawa. Hama thanainma gawila habai nidos. Oka ekka ayeth ekathu wena ekekta chande dennne naha.

  4. Kalu Ajith says:

    After the Elections he will not be seen or heard. RB will be disappeared like a FART in the Air. Mark my words.

  5. Rata Wenuwen says:

    අප්පෝ! රතන හාමුදුරුවන්ටත් අබ සරණයි, විමල් ඇතුලු ඒකාබඩ්ඩයටත් අබ සරණයි,එජාපයෙ නිරෝශන් ඇමතිතුමාටත් දෙවි පිහිටයි ,රනිලයගෙ ගලේ (අලේ) ඔලුව ගහාගත්තාට ඔලුව රිදුනේ කාටද, වුනේ අහින්සක මිනිස් ගාතනයක් සිදුවුනු එකයි. කාදිනල් තුමා පාප් හමුවෙන්න ගිහින් කිව්වෙත් ඔය ටිකයි. අන්තිමේදි ආන්ඩුව අත හෝදා ගනීවි කියලා, ශෝබනේට අගමැට්ට ඇතුලු සැම හොර කමිටුවට කැඳෙව්වට කිසිදු දෙයක් සිදුවන්නේ නැත.කොමිටුව උන්ගෙ ගාස්තු ලාබ ප්‍රයොජන ලබාගෙන සතුටින් ප්‍රීතියෙන් විසිර යාවි, මෙන්න කැට. පාල උන්නැහෙත් ‘සබ්බේ ලබන්’ වලින් අත හෝදාගනීවි

    • කුඩාමොළේ says:

      ඔව් රාජපක්ෂ,රනිල්,චම්පික,අනුරකුමාර ඇතුල 225ම මේ ප්‍රහාරය දැනගෙන හිටියා.
      බටහිර හාම්පුතාලා වෙස්ට්මිනිස්ටර් පාර්ලිමන්තුව හා ඇද වැටෙන්නට යන මේ සිස්ටම් එක බේරගන්න කරපු ප්‍රහාරයක් හෙවත් Surgical Strike එකක් මේක.බටහිර තම වෙසට්මිනිස්ටර් පාර්ලිමේන්තු නඩයට කලින් දන්වා හිටියේ ‘තත්වය ඉතාම භයානකයි,උඹලා 225ම මිනිස්සු එලවන්නයි යන්නේ,අපි රටටම පොඩි ඉන්ජක්ෂන් එකක් දෙනවා පොඩ්ඩයි රිදෙන්නේ,ඊට පස්සේ සහනක් ලැබෙනවා කියලයි.අන්තිමට මහමොළකරැ ඒක කලාට පස්සේ ආරක්ෂක ලේකම්ම කිව්වා “මෙච්චර ලොකු එකක් කරයි කියලා අපි හිතුවේ නෑ” කියලා.

      • සර්පයාගේ සතුට says:

        ඔව්. ඔය ප්‍රහාරය ගැන මොකුත් දන්නෙ නැති එකම අහිංසකය නාගානන්ද උතුමානන් විතරයි. ඒක නිසා එයාට චන්දෙ දෙන්න. එයා ව්‍යවස්ථාවත් නමල සාක්කුවෙ ගහගෙන පාර්ලිමෙන්තු ක්‍රමයත් අහෝසි කරල මේ රට ටික කලකින්ම සුරපුරයක් කරනව සත්ථයි.

  6. Deviyo says:

    Horaage ammagen paena ahuwe issara. Dan horaage ammagen nevi hragenma theenduva gannavaa. ane vaase vane vaase. yahpalane laksanaya neva. janapathith kivve aparaadha kaarayanma rata paalanaya karana nisa yukthiya soyaaganna barivelaa kiyala. ane apoi.

  7. Ane mage kata says:

    parreksana karanna inna aya nadukaarayo vela. Nadukaarayo chudithayan vela. me degollama path karana aya vaachalayo velaa.

  8. Nishantha says:

    Naduth baduth dekama ranilge

  9. ගොමිමන්පිලගෙ බාප්පා says:

    ඉතින් කොළුවො දැං අපි මක්කයි කොරඤ්ඤෙ? වහ කාල මැරෙමුද?

  10. UNP GAL IBBA says:

    ඕක අහන්නත් දෙයක්ද බඩුයි නඩුයි දෙකම හාමුදුරුවන් ගේ නොවැ???
    ඔය නංගිලා මල්ලිලා මේසැරෙත් චූඇන්පියටම චංඳය දෙන්නකෝ තව තව හොඳ සෙල්ලම් බලාගන්න​??

  11. රතනෙ says:

    ඔය පොලිස් කාරයො Scotland Yard පොලිසියට යවපල්ල. මුං හරි දක්ශයිනෙ සතියෙන් විමර්ශන කරලනෙ. ලංකාවෙ උසාවි වහමු. මේ වගේ පොලිස් කමිටු දාල නඩු අහමු. මාස දෙකෙන් ඔක්කොම නඩුවල.තීරණ දෙයි. ලැජ්ජයි ශ්‍රී ලංකා පොලිසිය. ඔයිට.නරකද පාරෙ හිගා කෑවනම්. ඒක නම්බුයි. නැද්ද?

  12. අංකූරා says:

    ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කයක් තමයි විමල්ලා කියන දේවල් වලට වලංගු භාවයක් නොදීම , මින් ඉහත දීත් විමල්ලා අනතුරු හඟවන විට විජාතික කුමන්ත්‍රණයක් ද කියමින් ඒවා නොසලකා හැරියේය . ඒ ඔවුන්ගේ ගමන ජනතා විරෝධයකින් තොරව යාමටය.

  13. S.Premarathne says:

    ඇයි? දැන් අධිකරණ ඔක්කොම විසුරුවා හැර ලද ? පොලිසි වලින් විනිශ්චය කරන්නේ.

  14. Love nature says:

    ” කකුළුවා දිය කෙළින්නේ ‘හැළිය’ රත් වෙනකම් ද?”

  15. Priyankara says:

    Milliyana ganan hora kapu Banku horu nidahase inna anduwakin meeta wada deyak balaporoththu wenna baha.

  16. Sadda says:

    හරි. තවම වාර්තාව ප්‍රසිද්ධ උනේ නැහැනේ. දැන් පොලිස් පරීක්ෂණ කෙරෙන්නේ යහපාලන ක්‍රමයට නිසා බලමු තව ටිකක්. අහිංසකයෝ 350 ක් වගේ ගානක් මැරුනා විතරනේ. ඒ තරම් දෙයක් උනෙත් නැහැනේ.

Main News