පාස්කු බෝම්බ ප්‍රහාරය හෙලා දකිමින් ආබාධිත සිසුන් දෙදෙනෙකු පේදුරුතුඩුවේ සිටි දෙවන්දරතුඩුවට පාගමනේ…

August 27, 2019 at 5:30 pm | lanka C news
පාස්කු බෝම්බ ප්‍රහාරය හෙලා දකිමින් ආබාධිත සිසුන් දෙදෙනෙකු පේදුරුතුඩුවේ සිටි දෙවන්දරතුඩුවට පාගමනේ…

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය හෙලා දකිමින් හා නැවත එවැනි ම්ලෙච්ච ප්‍රහාරයක් ඇති නොවී සංහිදියාව වර්ධනය වේවායි පතමින් ආබාධිත හා දෘෂ්ෂ්‍යබාධිත සිසුන් දෙදෙනෙකු පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පා ගමනක් අරඹා ඇත.

පේදුරුතුඩුවේන් ගමන් ඇරඹු මෙම සිසිනු දෙදෙනා අද (27) මැදවච්චිය හරහා අනුරාධපුරය ආදා නගර පසුකරමින් එලඹෙන සැප්තම්බර් මස 04 වනදා දෙවුන්දරතුඩුවට ලඟාවීමට බලාපොරොත්තුවෙන් සිටියි.

මඩකලපුව ශාන්ත මයිකල් විදුහලේ ඉගෙනුම ලබන එස්.සංජීවන් හා පී.දුෂාන්තන් නැමති මෙම ආබාධිත සිසුන් දෙදෙනා පා ගමන අරඹමින් කියා සිටියේ යුද්දයෙන් වැඩි වශයෙන් පීඩා විඳි උතුරු නැගෙනහිර ජනතාව ඇතුලු සමස්ථ ශ්‍රීලාංකික ජනතාවට නැවත වරක් යුද බිය ගෙන දුන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය දැඩි සේ හෙලා දකින බවටත් නැවත එවැනි ප්‍රහාරයක් කිසිදිනක ඇති නොවිය යුතු බවටත්ය.

එමෙන්ම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මේ වන වට අවධානමකට ලක් වී ඇති ජාතීන් අතර සංහිදියාව නැවත නගා සිටිය යුතු බවටත් ඒ වෙනුවෙන් සයලු ශ්‍රීලාංකිකයින්ට එක්වන්නැයි ආරාධනා කොට සිටිම මෙම පාගමනේ ප්‍රධාන අරමුණ බවටද එම සිසුන් දෙදෙනා වැඩි දුරටත් පැවසූ අතර සිසුන් දෙදෙනාගේ පාගමන වෙනුවෙන් සෑම නගරයකින්ම උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

30 views

4 Comments to “පාස්කු බෝම්බ ප්‍රහාරය හෙලා දකිමින් ආබාධිත සිසුන් දෙදෙනෙකු පේදුරුතුඩුවේ සිටි දෙවන්දරතුඩුවට පාගමනේ…”

  1. Saradiel says:

    මෙයට හොදම පිළිතුර වන්නේ එන මැතිවරණයේදී කතෝලික චන්ද මේ රජයට නොදීමයි

  2. Elaris says:

    Great work
    we all must join with them

  3. Sarath says:

    පාස්කු ප්‍රාහාරයට නන් අයුරින් උදව්කරපු මුස්ලිම් දේශපාලකයන්, ව්‍යාපාරිකන්, නීති වේදීන් සහ අනිකන් තවමත් නිදැල්ලේ.

  4. David Milli-banda says:

    Where is that GAYANTHA who insulted the Cardinal?
    For these and such persons Cardinal seeks answers.

Main News