පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හේතුව ගෝටා කියයි..

November 6, 2019 at 1:20 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හේතුව ගෝටා කියයි..

ඉන්දියාව සිට චීනය දක්වා තිබෙන රටවල් වල සංචාරකයින් විශාල වශයෙන් අපේ රටට ගෙන්වා ගත හැකියි. ඒ සදහා ආගමන විගමන නීති රීති ලිහිල් කරන්න ඕනෑ. බදු ගෙවන්න සරල පහසු බදු ක්‍රමයක් හදුන්වා දෙනවා. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරනවා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා අහුන්ගල්ලේදී ප්‍රකාශ කළේය.

විවිධ ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් ඉන්න මේ රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණ බවත් වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබදව තැකීමක් නොකල නිසා නැවත රටේ බෝම්භ පිපිරෙන්න පටන් ගත් බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

අහුන්ගල්ල නගරයේදී ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන රැලියේදී එසේ ප්‍රකාශ කල ඒ මහතා මෙසේද කීය.

පාස්කූ ප්‍රහාරට මාස කිහිපයකට පමණ පෙර සිටම යම් පහර දීමක් සිදුවන බවට වත්මන් රජයට විදේශ බුද්ධි අංශ හරහා පවා දැනුම් දී තිබුණා. එය වලක්වා ගන්න රජය අපොහොසත් වුණා. රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබදව මේ රජයට අවබෝධයක්, අවශ්‍යතාවයක් නැහැ. අපි මේ රටේ රණවිරුවන්ගේ අභිමානය නැවත ඇති කරනවා. රට තුල කිසිදු ත්‍රස්තවාදයකට හිස ඔසවන්න ඉඩ තියන්නේ නැහැ. අපේ රජය 2009 දී රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරාට පස්සේ රටේ සංචාරක ව්‍යාපාරයේ විශාල පිබිදීමක් ඇති වුණා.

පසුගිය පාස්කූ ප්‍රහාරයෙන් පස්සේ රටේ සංචාරක ව්‍යාපාරය නැවත කඩා වැටුණා. ඉන්දියාව සිට චීනය දක්වා තිබෙන රටවල් වල සංචාරකයින් විශාල වශයෙන් අපේ රටට ගෙන්වා ගත හැකියි. ඒ සදහා ආගමන විගමන නීති රීති ලිහිල් කරන්න ඕනෑ. මගේ රජය යටතේ ඒ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය යටතේ සියළු ව්‍යාපාර කඩා වැටුණා. නිශ්පාදනය වැඩි කරන්න, ව්‍යාපාරිකයින් ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. බදු ගෙවන්න සරල පහසු බදු ක්‍රමයක් හදුන්වා දෙනවා. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරන්න කටයුතු කරනවා. අපි අභියෝග බාර ගන්න ලෑස්තියි. අපි බාර ගත්ත අභියෝග ජයගෙන පෙන්වා තිබෙනවා.

වැසි සහිත කාලගුණයක් තිබියදීත් අපේ ජයග්‍රහණයට ශක්තියක් වූ ඔබට ප්‍රථමයෙන්ම ස්තුති කරනවා. වසර 4 ½ ක් තිස්සේ රටේ විද්වතුන්, වෘත්තිකයින් සමග සාකච්ඡා කරලයි, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදල තිබෙන්නේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවලුයි. මගේ ධූර කාලය තුලදි මේ සැලසුම් සියල්ලම මම ක්‍රියාත්මක කරනවා. අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළා. විවිධ ජනාධිපතිවරුන් යටතේ වසර 30 ක් ඇදී ගිය ත්‍රස්තවාදය අපි අවසන් කළා.

විවිධ ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් ඉන්න මේ රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා. වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබදව තැකීමක් නොකල නිසා නැවත රටේ බෝම්භ පිපිරෙන්න පටන් ගත්තා. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. මම, මට දුන්න වගකීම් අකුරටම ඉෂ්ඨ කර පුද්ගලයෙක්. මගේ රටේ ආදරණීය ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මා කෙරෙහි විශ්වාසය තබා ඔබ, ඔබේ යුතුකම ඉටු කරන්න. මම, මගේ වගකීම ඉටු කරන බව දැඩි විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා.

– ජයකාන්ත ලියනගේ

136 views

22 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හේතුව ගෝටා කියයි..”

  1. kamal says:

    හරියට හරි ගෝටා අපෙ ඉලක්කය මිතුරු රටවල් වන ඉන්දියාවයි චිනයයි රුසියාවයි ලෝක බලවතුන්ගෙ අපි ලග තියෙන්නෙ නොබැදි නෙවෙයි. අනාගතේ මම අර්ධ වශයෙන් බෞද්ධ කරන මේ රටවල් තුන කෙරෙහි සහයෝගයයි.

    • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

      පුත-16 දා ළඟ නොබලන්න දුර බලන්න
      පුත- මව්පිය වටහ දුන්දෙය ලඟද බලන්න
      පුත- වියත්මඟ අවධානයෙන් අසා සිටින්න
      පුත- දුර බබලවන රට 17 දාට උදා කරන්න

      • Susil from Canada says:

        I read Hon. GR’s election manifest. If we can achieve these objectives within next 10 years, we as a country will be another Singapore. I bless him with the bottom of my heart!!

  2. Anawakiya says:

    Jayasri hon Gota

  3. Rohan says:

    Jayawewa

  4. Dp says:

    A leader with a vision.

  5. MD says:

    America=Ranil=Chandrika=Rajitha=Champika=Mangala=Wickramabahu=Sumandiran=Sambandan=Badudeen(Apa Rata beda wenkaranna Pamini Yakshayo)

    • Criminal says:

      ඩඩ්ලී රාජපක්ශ + බැසිල් රාජපක්ශ+ ගොඨාභය රාජපක්ශ සහ පවුලේ උදවිය ඔක්කොම ඇමෙරිකාණු පුරවැසියො , උබලා වගේ බයියො නොදැන හිටියට.

      • Aurora says:

        ශ්‍රී ලංකාවේ පුර වැසියෝ වෙලා මේ රට ඇමෙරිකාවට විකුණන අපතයන්ට වඩා, ශ්‍රී ලංකාවට ආදරේ කරපු ඇමෙරිකානුවෙක් වන ආතර් C ක්ලාර්ක් මහතා කෝටි වාරයක් අපිට වටිනවා. ඒ වගේම ඇමෙරිකානු පුරවැසියෝ වන රාජපක්‍ෂවරු යහපාලන කැනහිලුන් වගේ නොවේ මේ රටට ආදරේ මිනිස්සු. ඔවුන් තමයි UNP, TNA , JVP, NGO යහපාලන කැණහිලුන්ගේ විමුක්ති දායකයා වූ පිරිබාහරන් උගේ මතවාදයත් සමඟම වල පල්ලට ඇරියේ. ඒ නිසා රාජපක්‍ෂවරු දේශප්‍රේමීන්ට වටිනවා.

        • Criminal says:

          ආතර් සී ක්ලාර්ක් ලව, එස් මහින්ද හිමිලව ගාව ගන්නෙපා මහත්තයෝ , ඒ උතුමන් ඒ රටවල් ඇතෑරලා ලංකාවට ආපු උදවිය , යුද්දෙට මුහුන දෙන්න බැරුව පවුල් පිටින් රට ගිය අය නෙමේ , අනික තමන්ගේ රෙද්ද අස්සෙත් කොටි පිල්ලි , එන් ජි ඕ නඩ දාගෙන අනිත් එවුන්ට චෝදනා කරන්නෙපා , ලැජ්ජයි.

          • Aurora says:

            ඇමෙරිකන් පුරවැසිකම ගන්න සිද්ධ වුනේ ගෝඨාභයට පමණක් නොවේ. ප්‍රේමදාස ජනාධිපතිවෙලා ප්‍රභාකරන් සමඟ ඩීල් දාල උඋට් එක්ක ජෝගි දානවෙලාවේ මේ රටට ආදරේ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, උගතුන් කොතරම් දෙනෙක් රට අතහැරලා ගියාද කලකිරීම නිසා. මෝඩ දේශද්‍රෝහී ප්‍රේමදාස විශ්වාස කරලා ලංකාවේ ඉතුරුවුන පොලිස් සහ හමුදා නිලධාරීන් කීදෙනෙක් කොටින්ට පාවදුන්නද ? ඒවා අමතක කරලා රට අතහැරලා ගියා කියා ලතෝනි දෙන්නේ පට්ට කුහකයෝ විතරයි. ගෝඨාභය හොඳ වෙලාවට ලංකාවෙන් ගියා වෙන්න පුළුවන්, මොකද ප්‍රේමදාසගේ ඕනෑකමට ඩෙන්සිල් කොබ්බැකඩුව ඇතුළු හමුදා නායකයන් ඝාතනය කරපු එක අමතක කරන්න එපා.

          • වෙසමුණි says:

            බොල කිරිමෙලෝ තොට පිස්සු නං බේත් ගනිං. මෙතන ගොං බයිලා නොගහා.

      • Susil says:

        What about dual, treble citizens like Chandrika, Rajitha, Ranil and other people in UNP?

  6. praba says:

    මැතිඳ, ඔබට ජය නියතයි. කිසිදේකට බිය නොවන්න. මේ භූමියේ ආරක්ෂාව තහවුරු කරන දෙවිවරු ඔබතුමාව ආක්ෂා කරයි. මොන මඩ ව්‍යාපාර ගෙන ගියත් ඒවා නොසැළී ඉදිරියට යන්න රට වෙනුවෙන්

  7. Criminal says:

    හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නෑනේ බ්‍රෝ !

  8. ranga says:

    me minimaruwa malamini mathin goda enna dagalanne..aurudu 10 balaye inna kota karapu dewal mathakai ..harinam thota wahi nathi hena wadinna one…marila pala naki hampadaya…..kohomath thoge ayusha wadiye ne…marichcha minissunge sape thota wadila tiyenne

    • ක්‍රිමිනල් says:

      උඹලා වගේ උන් අද ජීවත්ව ඉන්නෙත් , තොපේ නඩයට විකුනන්නවත් මේ රට ඉතුරු වෙලා තියෙන්නේ ගෝටා කියන ඒ වීර සෙන්පතියා නිසා. යුද්දෙන් පසුවත් රටේ සoවර්දනයට ඔහුගේ දැක්මෙන් විශාල මෙහෙයක් කලා.දැන් ඔහු ඉදිරිපත් වුනේ මුළු රටේම වගකීම භාරගන්න . තොපි කැමති වුනත් අකමැති වුනත් මුළු රටෙමේ පැතුම එයයි

      • Criminal says:

        ගොඨාභය කියන වීර සෙන්පතියා 1992 , දෙවෙනී ඊලාම් යුද්ධෙදී රට ඇතෑරල ඇමේරිකාවෙ පදිංචියට යනවා ආපහු එන්නේ 2005 අවුරුදු 13 කට පස්සේ , අයියා රටේ රජ වුනාට පස්සේ , දේශප්‍රේමීත්වය දෝරේ ගලනවා , මෑතකදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඉන්දියානූ මාධ්‍ය වෙදිනිය හමුවෙ පවසන්නේ , යුද්දේ වුන හැටි හිටපු හමුදාපතිගෙන් අහන්න කියාය . ඔහුගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ,හිටපු යුධහමුදාපති පවසන ආකාරයට , යුද්ධයේ බහුතර ගෞරවය ලැබිය යුත්තේ ත්‍රිවිධ හමුදාවට බවයි…ඉරකි , තිතකි.

    • Mangala says:

      Awurudu 10k indala ratama berala dunna madida ?. Mala mini udin giya thamai..ath a prabakaran wage thrasthawadeen udin.dan gota kiyana nama ahenakotath samaharu wewlanawa.kudu karayanta thrasthawadeenta gota gen idak na.

  9. Parakum says:

    Yalth Api Rata Kamu!

  10. Parakum says:

    The THREE HORSEMEN OF APOCALYPSE (Mara, Sira & Gota) going into action again. Donkeys & Buffalos choose your candidate wisely to uphold Democracy. Message to the editors be prepared to write the obituary to D E M O’cracy?

Main News