පාස්කු බෝම්බ ප‍්‍රහාරයට ලැබුණු ඩොලර් මිලියන 05ක් හිටපු ජනපති මෛත‍්‍රී හොරකම් කලාද.. විස්තරේ මෙන්න..

June 29, 2020 at 6:24 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට ලැබුණු ඩොලර් මිලියන 05ක් හිටපු ජනපති මෛත‍්‍රී හොරකම් කලාද.. විස්තරේ මෙන්න..

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ලෝක මුස්ලිම් ලීගය නම් සංවිධානය ශී‍්‍ර ලංකාවට ලබා දුන් බව පවසන ඇමරිකානු ඩොලර් මිලියන 05 පිළිබඳව මාධ්‍ය තුල ප‍්‍රචාරය වන අසත්‍ය ප‍්‍රවෘත්තිය පිළිබඳ පැහැදිලි කරන මාධ්‍ය නිවේදනයයි.

ලෝක මුස්ලිම් ලීගය නම් වු සංවිධානය විසින් 2019 ජුනී 30 දින ශී‍්‍ර ලංකාව තුල සමුළුවක් පවත්වා එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා ලබා දීමට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ආධාර වශයෙන් එවකට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පිරිනමා ඇති බවත් එම මුදල් විපතට පත් ජනතාවට ලබා නොදුන් බවටත් අවස්ථා ගණනාවකදී පූජ්‍ය පක්ෂය හා විවිධ පුද්ගලන් මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කරන ලදී.

අදාල දින එම උත්සවයට මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගී වුයේ එවකට ජනාධිපතිවරයා ලෙස ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්ය. කෙසේ වෙතත් මෙම මුදල් සම්බන්ධව මතභේදාත්මකව කරුණු ඉදිරිපත් කිරීමත් සමග මෙම සමුළුව සංවිධානය කළ සංවිධායක කමිටුවෙන් අප කළ විමසීමකට අනුව ලෝක මුස්ලිම් ලීගයෙන් ලිඛිතව එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි ඒ.ජේ.එම් මුසම්මීල් මහතා කළ විමසීමකට අනුව ලෝක මුස්ලිම් සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ෂෙයික් මොහාම්ද් බින් අබ්දුල් කරීම් අල් ඊසා විසින් ඊට පිළිතුරු වශයෙන් ලිපියකින් දැනුම් දී තිබෙන්නේ පහත සඳහන් ප‍්‍රධාන කරුණු 07 ක් සඳහා නිසි පරිදි තොරතුරු තවමත් ලබා නොදීම නිසා මෙම මුදල් ශී‍්‍ර ලංකාවට ලබා දී නොමැති බවයි.

1 ප්‍රහාරය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව
2 මිය ගිය අයගේ ආගම
3 මිය ගිය සහ තුවාළ ලැබූවන්ගේ නාම ලේඛනය
4 ප්‍රහාරය හේතුවෙන් සහ ඊට අදාළව හානියට පත් දේපොළෙහි වටිනාකම
5 වැන්දඹවන් සහ අනත් දරු සංඛ්‍යාව
6 වෙනත් අදාළ තොරතුරු
7 ජනාධිපති හෝ අගමැතිගේ පුණාධාර ගිණුම් අංකය

එම සංවිධානය ප‍්‍රදානය කිරීමට බලාපොරොත්තු වු මුදල් පරිත්‍යාගය තවමත් ශි‍්‍ර ලංකා රජයට, පුණ්‍ය ආයතනයකට හෝ වෙනත් පාර්ශවයකට තවමත් ප‍්‍රදානය කර නොමැති බව වැඩි දුරටත් දන්වා ඇති අතර වර්තමාන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ජා කොට සහ ආගමික කටයුතු ඇමතිතුමා සමග සෘජුවම සම්බන්ධ කොට ගෙන අවශ්‍ය කටයුතු වේගවත් කිරීමට බලාපොරොත්තු වන බවද ඉහත ලිපියේ සඳහන් කර ඇත.

මේ අනුව පසුගිය දින කිහිපයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම මෙම මුදල් හිටපු ජනාධිපතිවරයා වන මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ප‍්‍රධාන කළ බව හුවා දක්වමින් ගෙන ගිය අසත්‍ය මාධ්‍ය වාර්තා කණගාටුවෙන් යුතුව ප‍්‍රතික්ෂේප කරන අතර මෙම මුදල් ලැබී ඇති බවට මාධ්‍ය හරහා ලබා දුන් ප‍්‍රචාරයට සමාන ඉඩ ප‍්‍රස්ථාවක් ලබා දෙමින් මෙම ප‍්‍රවෘත්තිය නිවරුදි කරනු ඇතැයි අප අපේක්ෂා කරමු.

– මාධ්‍ය අංශය

32,368 Viewers

18 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයට ලැබුණු ඩොලර් මිලියන 05ක් හිටපු ජනපති මෛත‍්‍රී හොරකම් කලාද.. විස්තරේ මෙන්න..”

  1. CJ says:

    What?
    Who is lethargic to get $ 5milion donation? Fishy fishy!!!!

    We are to sacrifice sovereignty of SL for $420 million whereas just answering simple question $5 million was not taken????

    • john the baptice says:

      සිරානම් පොහොට්ටුවටම ගැලපෙන හාදයා 😀 😀

  2. Vis8 says:

    Haiyo, Sirisena…. You cannot do politics at this level without a spine. Did RW tell you to share $10 million with him and you? 🙂

  3. SAKKILI SIRA says:

    In my administration, this well-planned strategy happened in Sri Lanka with my ignorance and indirect support.

    1. That is why in advanced, I appointed my best friend URU ASAD-SALIYA as in WPG

    2. That is why I left the country before this incident, as fucxing fox

    3. Now I want to give national intelligent information to our traitors and terrorist, hid behind a donation

    You sakkili sheemles basted, get lost damed you mother fucxer

    Nodakin toge kindi hinawa

    Hakkk hakkka haaaaa haaaa haaaa ha

  4. Ronnie says:

    Yako mu mokekda???? Lajja nathiwa kiyana hati!!!! Tho hoda redi apullanna bola!!!! Thoge weda okkoma kara gaththa gedara yanakota. Ara bomba kapu minissunge adara tika gaththe neha!!!!! Thota …….

  5. SAKKLI TRAITOR-SIRA says:

    Hi, friends,
    Look at this joker, now he wants to give the country’s national sensitive information to the terrorist for there assignment and post-incident data-analytics in an official way for few more $$

    Kunning shemless sakkli basted

  6. Leyon Ma says:

    තමුන් පාලනය කළ රටේ විපතට පත් ජනතාව වෙනුවෙන් මේ තරම් සුළු තොරතුරු ප්‍රමාණයක් වත් අදාල සංවිධානයට ලබාදෙන්නවත් හැකියාවක් නැති ගොං බිජ්ජෙක්ද යකෝ ඔය තරම් පුරාජේරු කෙළලා 2015 ජනාධිපති වුනේ ? දැන් ඒකත් මහින්ද මහත්තයාට කරන්නළු. එතකොට තව මොන බිජ්ජක් කරන්නද මේ ගල් මූසලයා මේ සැරේ පොළොන්නරුවෙන් චන්දෙ ඉල්ලන්නෙ , අර පැජට් පාරෙන් මංකොල්ල කෑව මාලිගාවට වෙලා “—” ඇඟිල්ලක් ගහගෙන

  7. Opa-dupa says:

    නෙලුම් රගහලේ තිබිච්ච උත්සවේට නම් කෝටි ගනන් වියදම් කරන්න ඇති .

  8. Love nangi, frontside – backside Hirunika kiwwa Maithri pamba-pussa Ellungahata lanuwak Import karai kiyal, Ema expensive, vatina Kambayata mokadawune kiyala hoyanne nedda? Pussa Maithri pambaya, ellapu minihekuth neha , anthimata ema vatina Kambe, rope ekath neha. Man hiththanne hora, thakkadi maithriya ema kambayeb pollonaruwe harak bandinawa ethi!!

  9. Hemantha says:

    මේ වගේ මනුස්සයෙක් ජනාධිපති කරන්න චන්දෙ දුන්නු ( මාත් ඇතුලුව) මිනිසුනේ….අපි ටොකු ඇන ගමු…

  10. ටෞකන්ඩ says:

    යහපාලන නිකමෝ කරපු දෙයක් නෑ

  11. Dikman Aiyya says:

    …..this GAL Muuuusalaya will come back to the parliament this time too…thanks to Moooooda Polonnaru minissu…..

  12. sinhale le says:

    සිංහල දරුවන් ඉපදෙන්න කලින් විනාසකරන මුසල්මානුවන්ගෙන් ආදාර ඉල්ලන්න මුන්ට ලැජ්ජා නැද්ද?

    • Kumdhar says:

      පළාත් ආණ්ඩුකාරවරයාව සිටි ඒ.ජේ.එම් මුසම්මීල් මහතානේ ඉල්ලීම කරලා තියෙන්නේ,

  13. para says:

    harima kenaata hmabawenna yanne.Tzunami adaara wage bedala deyi kattiyatama.

  14. Kumdhar says:

    විපතට පත්වූවන්ට ආධාර ප්‍රදානයක් කරන්නේ නම්, මිය ගිය අයගේ ආගම මොකටද ?