පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මාසයයි.. සහරාන් සැමරුමට පිලිම..?

May 20, 2019 at 10:18 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මාසයයි.. සහරාන් සැමරුමට පිලිම..?

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

පාස්කු බෝම්බ ප්‍රහාරයට 21ට මාසයයි.  21 දිනයේ සහරාන් හසීම්ගේ හිතවතුන් පිරිසක් සහරාන් වීරයෙකු ලෙස සලකා ඔහුගේ පිලිමයක් ඉදි කළොත් එය නීත්‍යානුකූල බව ආණ්ඩුව දන්නවා ද?  මරාගෙන මැරුණු ත්‍රස්තවාදින් අනුස්මරණය කිරීමේ උත්සවයක් පැවැත්වුණොත් ඒකත් නීත්‍යානුකූල බව ආණ්ඩුව දන්නවා ද?  මේ ආණ්ඩුව සම්මත කළ 2018 අංක 34 දරණ හානිපූරණය සඳහා වන කාරයාලය පනත අනුව ත්‍රස්තවාදින් සිහිපත් කිරීම සඳහා ස්මාරක ඉදි කිරීම වගේම අනුස්මරණ උත්සව පැවැත්වීිමත් නීත්‍යානුකූලයි. එයට නීතියෙන් ආරක්ෂාව සැපයීමටත් පොලීසිය බැදිල ඉන්නවා.   ඒ නිසා ජනතාව තව දුරටත් කෝප ගන්වන්නේ නැතුව දැන්වත් ත්‍රස්තවාදය පෝෂණය කරණ දිරිමත් කරණ හානි පූර්ණ කාරයාල පනත හකුලා ගන්න කියලා අපි ආණ්ඩුව කියනවා

වෙසක් පෝය දිනයේ දී අධිකරණ ඇමතිනිය අපූරු ප්‍රකාශයක් කළා.  ඒ තමයි සමහර භික්ෂුන් වහන්සේලා බුදුන් දේශනා කළ ර්ධමයට පිටින් ගිහින් අනුන් විනාශ කිරීමට පෙළෙඹෙනවා කියා එතුමිය කිව්වා.  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට භික්ෂුන් වහන්සේලා ගිය බව අපට නම් ආරංචි වුණේ නෑ.  පන්සල් ඇතුලේ පුපුරණ ද්‍රව්‍ය එක් රැස් කළා කියලා පත්තරයකවත් තිබුණේ නෑ.  ඒ නිසා මහ සංඝරත්නයට අපහාස නොකර අනුන් විනාශ කළ සමහර භික්ෂුන් වහන්සේලා කවුදැයි එතුමිය දැන් රටට කිව යුතුයි. එහෙම නැත්නම් එතුමිය වෙසක් පුන් පොහොය දිනම මහා සංඝරත්නයට අපහාස කලා වෙනවා.  ඒ වගේම සිවුරු සිය ගණනින් මුස්ලිම් අන්තවාදින් සතුව තිබිය දී සිවුරු පොරවා ගත් මුස්ලිම්වරුන් අත්අඩංගුවට පත් වෙද්දී යම් පහර දීමක සිවුරු දරා ගත් අයෙකු දුටු පමණින් ඒ භික්ෂුන් වහන්සේ නමක් කියා තීරණය කලේ කොහොමද කියා අපට කියන්න ඕනේ?

ඒ වගේම භික්ෂු විනය ගැන වෙසක් අනුශාසනා පවත්වන්න එතුමිය කවුද? විසාකා මහ උපාසකාවිය තබා භික්ෂුණි සසුන ඇරඹූ බුදුන් වහන්සේගේ සුළු මව් ප්‍රජාපති ගෝතමියවත් භික්ෂු විනය ගැන කතා කලේ නෑ.  මංගල ඇමතිතුමා වගේ ඔබතුමියත් ඇමෙරිකාවෙන් ඔළුව හෝදා ගෙන කියාලයි අපට නම් හිතෙන්නේ.  වෙසක් පෝය දවසේ මෙහෙම ප්‍රකාශයක් කළාම බෞද්ධයින්ගේ සිත රිදෙන බව ඔබතුමියට සිහිපත් වුණේ නැද්ද?

මංගල ඇමතිතුමාට වගේම තලතා ඇමතිතුමියටත් ඕනෑ රට ගිනි තියලා විදේශ හමුදා ගොඩ බස්සා ගන්නයි. අගමැතිතුමන්ගේ සිහින සැබෑ කරන්නයි.  ඒ නිසා තමයි රට ගිනි ගන්නා ප්‍රකාශ කරන්නේ.  ඒ අතරේ එක්සත් ජාතින්ගේ ආර් ටු පි නැතිනම් ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ විශේෂ උපදේශිකා කැරන් ස්මිත් ලංකාවේ බෞද්ධයින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි සුළුතරයට හිංසා කරනවා කියා ප්‍රකාශ නිකුත් කරනවා.  සුළු ජන කොටස් ආරක්ෂා කිරීමට හමුදා ගොඩ බැස්ස විය යුතු රටවල් තීරණය කිරීම තමයි කැරන් නෝනාගේ වගකීම.  බෞද්ධයන්ගෙන් අන් අය බේරා ගන්න ලංකාවට හමුදාවක් යැව්වොත් හොඳයි වගේ කියලා කැරන් නෝනා හිතන කොටම “මෙන්න හාමුදුරුවරු අනුන් විනාශ කරනවෝ” කියලා තලතා නෝනා කෑගහනවා.  එහෙම නම් තලතා ඇමතිතුමිය මේ ඉටු කරන්නේ ඇමෙරිකාවේ කොන්ත්‍රාත්තුවක් නොවේ ද? එක්සත් ජාතීන්ගේ උවමනාව නොවෙයිද?

ජාතියේ වාසනාවට අපේ රටේ ජනතාව මේ උගුලට අසු වුණේ නෑ.  දිගන සිද්ධියේ දී වගේම වයඹ සහ මිනුවන්ගොඩත් පහරදීම් කරලා තිබෙන්නේ මුහුණු බැඳගෙන මෝටර් සයිකල් වලින් ආපු පිටස්තරයින්.  ඒ අය කිසි කරදරයක් නැතුව කඩ ගිනි තියලා පැනලා ගියාට පස්සේ පොලිසිය ගමේ ඉන්නා අහිංසකයින් අල්ලා ගෙන හිරේ දානවා.  මිනුවන්ගොඩ පන්සලක රැස් වුණු දායක සභාවම කට උත්තරයක් ගන්න කියලා පොලිසියට ගෙන්නා ගෙන හිරේ දැම්මා. ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත යටතේ ඉදිරිපත් කළාම මහේස්ත්‍රාත්වරයෙකුට කෙතරම් අසාධාරණ ඉදිරිපත් කිරීමක් ලෙසින් පෙනුනත්  ඇප දෙන්න බැහැ.  ඇප ලබා ගත හැක්කේ ඊට සුවිශේෂී හේතුවක් දැක්වීමෙන් පමණයි. එවැනි බරපතළ නීතියක් යටතේ පොලිසිය අහිංසකයෝ ටික ඉදිරිපත් කරලා අත පිහදාගෙන ඉන්නවා ඔන්න අපි අපරාධකරුවන් ඇල්ලුවා කියමින්. අහිංසක ජනතාව දිගන දී වගේම හිරකූඩු වලට ගාල් කරණ අතරේ අනික් පසින් ආණ්ඩුව විපක්ෂයට ඇඟිල්ල දිගු කරමින් සිටිනවා.

දිගන සිද්ධියට අද වෙන තුරු කිසිවෙකුට නඩු දාලා නෑ. නඩු දාල නෑ නෙමෙයි නඩු දාන්න බෑ. ඇයි?  ඇත්ත අපරාධකරුවන්ට පැනලා යන්න ඉඩ දීලා අල්ලා ගත්තේ කිසි සම්බන්ධයක් නැති අහිංසකයින්. මේ වගේම ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත යටතේ උසාවියට ඉදිරිපත් කරලා මාස ගාණක් හිරේ තියාගෙන අන්තිමට නිදහස් කලා. එදා හවස් වරුවේ බුදු පිළිම කඩනවා කියන ආරංචියට, දිගනට හලාවතින්  වැඩමකරපු  ආරච්චිකුඹුරේ සෝභිත හාමුදුරුවන් ගෙදර යන්න බස් නැති හින්දා අමිත් වීරසිංහගේ ගෙදර රැයක් නතර වුණා.  මහ රෑ පොලිසියෙන් පැනලා ගෙදර හිටිය ඔක්කෝම අල්ලා ගෙන ගිහින් උසාවියට ඉදිරිපත් කළා. නාලක සිල්වා හාමුදුරුවන්ට පා පහරකුත් ගහල තමයි උසාවියට ඉදිරිපත් කලේ. අද ඔය නාලක ද සිල්වා ඇවිදගන්න බැරිවෙලා තියෙන්නේ සිවුරට පය තිබ්බ නිසයි කියලා මේ වෙසක් සතියේ අපි වගකීමෙන් ප්‍රකාශ කරණවා.  උසස් පෙල ලියන්න හිටිය පොඩි හාමුදුරුවන් හිරෙන් නිදහස් වුණේ මාස අටකට පස්සේ.  ඔන්න පොලිසියේ කෙරුවාව.

– අරවින්ද අතුකෝරල

80,333 Viewers

10 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මාසයයි.. සහරාන් සැමරුමට පිලිම..?”

  1. එක්නැලිගොඩ says:

    කොච්චර කිව්වත් මෙම ආණ්ඩුවට වැඩක් නෑ. ගොටාභය මැතිතුමාගෙන් රජයකින් මෙවා ඉටුකරන්න.

    • මව්බිම says:

      ඒක හරි රනිල් මෛත්‍රි බීරි අලින්ට වීනා ව්යා පලක් නැත

  2. මව්බිම says:

    මෙම ආණ්ඩුව අන්තවාදය සැනසීම හැර වෙන කල දෙයක් තියෙනවද

  3. රට වෙනුවෙන් says:

    62ලජ්ජා නැති උන්ගෙන් වැඩ නිසා අන්තවාදීන්ට රජ මගුල්

  4. JOHN says:

    තලතා විදේශ රැකියා ඇමැතිවරිය ලෙස කටයුතු කළ සමයේදී රක්‍ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දීම හේතුවෙන් රුපියල් මිලියන 1500 ක වංචාවක්‌ සිදුවී ඇති බවට, බස්‌නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල 2015-18 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම වෙත පැමිණිලි කළේය.

  5. Dushantha says:

    ඈත්ත අපරාධකාරයො අල්ලලා කොහොම්ද? අල්ලන් නෑතිව ඉන්න තරමට ආන්ඩුවට හොඳයිනෙ. එතකොට හෑමදාම පොහොට්ටුවෙ අරය කරා මෙයා කරා ගෝඨා ප්ලෑන් කරා කිය කිය හිටියහෑකිනෙ.

  6. දේවක says:

    බලාගෙන යනකොට මේ තලතා කියන අම්මන්ඩි අපේ මොන්ගලයටම ගැලපෙන 
    බෞද්ධ විරෝධී එලදෙනක්.

    කාටවත් බැරිද උන්දව මොන්ගලයට ජෝඩු කරන්ඩ?

  7. Nihal says:

    Notorius criminal gang leader Rata Wickkamasinghe to be taken in to custody.

  8. UD says:

    ඇයි අපිට හමුදා පාලනයකට යන්න බැරි….
    ඇයි ගොබ්බයෝ ටික රට පාවා දෙන නතර කරගන්න බැරි….
    මේ රනිල්ගේ ආණ්ඩුවේ ඉන්න හැතිකරේ උන්ගේ රට විදිහටයි කටයුතු කරන්නේ….

  9. සහරන් says:

    මේ ආණ්ඩුයෙන් සහරාන්ට ඇතුළු මාරාගෙන මැරුණු අන්තවාදීන්ට පිලිම හදලා විතරක් නැවතුනොත් ඇති වන්දි දිලා තවත් අන්තවාදය පෝෂණය නොකර. මේ ආණ්ඩුව මන්ත්‍රීවරු 5 දෙනෙකුට මුළු රටක් පවා දීලා ඉවරයි. දැන් පැණ රොටියම ආපහු දානවා මේවා රාජපක්ෂවරුන්ගේ වැඩ කියලා. ඒ්වා දන්නවා නම් නවත්වන්න තිබුණා නේ අහිංසක මිනිසුසු 300ක් මැරෙනකන් සහ 500 අධික පිරිසක් කුවල වෙලා සදාකාලික රෝගින් වනතුරු බලා නොසිට. මුන්ගේ වැඩ බැරි කම වහගන්න අනුන්ට චෝදනා කරනවා.

Main News