පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම.. – ජනාධිපති කියයි..

July 17, 2019 at 12:02 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම.. – ජනාධිපති කියයි..

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට 16 පස්වරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ මරණීය දණ්ඩනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට වන සූදානම අප්‍රේල් 21 වනදා මහා විනාශයක් සිදු කරමින් 300කට ආසන්න අහිංසක ජනතාවගේ ජීවිත උදුරාගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවට අදාළ වගඋත්තරකරුවන්ට හිමිවිය යුතු දඩුවම වළක්වාලීමට ද ගන්නා උත්සාහයක් බව තමා විශ්වාස කරන බවයි.

මෙරට අපරාධ නීතියට අනුව මිනී මැරුමකට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ද වැරදිකරුවෙකු වුවහොත් මරණීය දණ්ඩය හිමිවන අතර මරණීය දණ්ඩය අහෝසි කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගන්නා උත්සහය තුළින් එම කිසිදු අපරාධකරුවෙකුට දඩුවම් ලබාදීමට නොහැකි වන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මහබැංකු මංකොල්ලයට අදාළ සියලු වගඋත්තරකරුවන් ද මේ වන විට සොයාගෙන තිබෙන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, රටින් පිට සිටින අයට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති අතරම, අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා තමා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා සමග පෞද්ගලිකවම සාකච්ඡා කර ඇති බවත්, එම සියලු පරික්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අයට විරුද්ධව පරික්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, ඔවුන්ට එරෙහිව පැහැදිළි සාක්ෂි තිබෙන අතර නිති පොතට අනුව ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බවයි.

සමාජයක් යහපත් කිරීමට රාජ්‍ය පාලනය තුළ දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු අතර දණ්ඩනයට බිය විම තුළින් සමාජය තුළ වැරදි අවම වී යහපත් සමාජයක් සහ රටක් ගොඩනැගෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අද පස්වරුවේ පැළෑද රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ඉදිකිරීම් විවෘත කළ ජනාධිපතිතුමා ඒවා නිරික්ෂණය කිරීමට ද එක් විය.

පැළෑද රජමහා විහාරාධිපති, පාලින්දනුවර ප්‍රධාන සංඝනායක පූජ්‍ය දේවමුල්ලේ කල්‍යාණවංශ නායක හිමිපාණන් වහන්සේ වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

නව ඉදිකිරීම් සඝ සතු කොට පූජා කිරීමට අදාළ සන්නස් පත්‍රය ජනාධිපතිතුමා විසින් කල්‍යාණ සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ වෙත පූජා කළේය.

පූජ්‍ය පිඹුරේ උදිත මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු මැති ඇමතිවරු පිරිසක් ද, දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

18,466 Viewers

14 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම.. – ජනාධිපති කියයි..”

  1. gamarala says:

    වසර 4ක් ජනතාව රැවටුවා දැන් ඇති කරුණාකර විශ්‍රාම යන්න

  2. alwis says:

    ane pinguttharayo thowa thamai mulinma ellanna one moosalaya, nodakin tho kalakanniya

  3. Gone gota says:

    Then he is the one first to Hang.

    Mu muwama maraganna yanne.. pissu mantale….

  4. Sirisena Yatawara says:

    There are sufficient evidence against Rashied Burden of 21/4 Muslim Terrorist attack ,his committees of crime against citizens of Sri lanka and foreign citizens.Still He at Free from charge by court of Law. What actions you have taken President ?

  5. Nandasoma says:

    යහපාලන නීතිය  :

    මිනී මැරුම්, මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දූෂණ ෙහා් කිසිදු අපරාධයකට දඬුවම් අවශ්‍ය නැත……! අපරාධ කරුවන්ෙග් මානව හිමිකම් අහිමි වන බැවින්, ඔවුන්ට දඬුවම් ෙනාකළ යුතුය……..!!

    නිදහසේ අපරාධ සිදු කිරීමට ඔවුන්ට ඉඩ කඩ ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදයයි……!!!

    නිවැරදි පුරවැසියන්ෙග් මානව හිමිකම් පිළිබඳව ෙහා් නිදහසේ ජීවත් වීමේ අයිතිය පිළිබඳව ගණන් ගත යුතු නැත…..!!!!

    රටම අපරාධකරුවන්ෙග් පාරාදීසයක් කළ යුතුය…..!!!!!

    ෙපාලීසිය, උසාවිය ද අවශ්‍යම නැත…….!!!!!! මන්ද යත් අපරාධ කරුවන්ෙග් නිදහස ඒම අායතන නිසා අහිමි වන බැවනි……!!!!!!!!

  6. Sirisena Yatawara says:

    Best for the country we will accepts,be wise and rational about political democracy by yourself . Yes country is FIRST not that UNP>
    The UNPof RW and CBK has done irrappale damages to our country nation and People since 2105 Jan 8th by regime change under your leadership do not forget that.this nation has survival more centuries to come.that is my view of democracy of Sri lanka.

  7. lotus says:

    SO SUICIDE YOURSELF.
    YOU COULDN’T ESTABLISH SECURITY AND JUSTICE IN COUNTRY..

  8. AS says:

    බොරු කාරය​. වැඩ බැරි ටාසන්. මෙලෝ දෙයක් කරගන්න බැහැ. හැබැයි කයිවාරුවනම් ගහනව​. කරුනාකරල අපට පව් නොදී ගෙදර යන්න​.

  9. Gayantha says:

    එහෙනන් ඉතින් තමුන්ව තමා එල්ලන්න ඕන. හරියට ආරක්ශක මන්ඩලේ රැස්කරලා නෑ ඒකේ කරලා තියෙන්නේ ශ්‍රිලනිපයේ ඉන්න සමහර පිස්සෝ බුකීකාරයෝ ටික ගෙනත් මීටින් තියපු එක, අනික එදිනෙදා ජනපතිට බුද්ධි වාර්තවක් එනවා,ඒකේ අනිවාර්යයෙන්ම ඉන්දියානු අනතුරු ඇගවීම සදහන් වෙලා ඇති. මෙයා එක කියවලා නැතුව වෙන විකාර කරලා තියෙන්නේ. දැන් පොර හදන්නේ රාජ්‍ය නිලධාරීන් දෙන්නෙක් බිල්ලට දීලා ඇග බේරගන්න.
    මතකනේ අර යකඩ ගන්න වැඩේට මාට්ටු වුන මහානාම නිලදාරියා. පොරත් මාට්ටු වුනේ අරයගේ ගනුදෙනුවක් කරන්න ගිහින් කියලා රට්ටු දන්නවා. පුතාත් එතන හිටියලුනේ.
    මෙයාට උදව් කරන රාජ්‍ය නිලධාරීන්ට හොද පාඩම්.

  10. kara says:

    anne apita paw denne nathuwa… please gedara yanna

  11. john the baptice says:

    ගෙදර යන්න කිට්ටු නිසා දැන් පිස්සු හැදිලා ඉන්නේ

    • Ratawasiya says:

      Ratata karapu winaseta me minihawa nikamma gedara yawanna narakai..isselama walikada mahaulugedarata yawanna oni me aparadakarayawa

  12. Mahasona says:

    අනේ හිටං -හුටං වූ සොරිසේනගේ සිහිනලන්තය.

  13. Saman says:

    මුලින්ම දඩුවම දේන්න ඔනේ කියන කෙනාටමයි, කටවහගෙන හිටියට.

Main News