පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන මං දන්නෙ නෑ.. හේමසිරි-පූජිත වගකිව යුතුයි..- ජනපති පාස්කු බෝම්බ කමිටුවට කියයි..

September 21, 2019 at 1:20 pm | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන මං දන්නෙ නෑ.. හේමසිරි-පූජිත වගකිව යුතුයි..- ජනපති පාස්කු බෝම්බ කමිටුවට කියයි..

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශන කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ දින පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම මාධ්‍යයට ආවරණය කිරීමට ඉඩ ලැබුණේ නැත.

කොමිසමේ අවසන් සාක්ෂිකරු ලෙස ජනාධිපතිවරයාගෙන් සාක්ෂි කැඳවන අවස්ථාවේදී කමිටුවේ සියලූ සාමාජිකයෝ ඊට සහභාගී වී සිටියහ.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ හෝ වෙනත් කිසිවෙකු තමන් දැනුවත් කරමු නොතිබූ ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර තමනට මේ ගැන දැනුම් නොදුන් බවත් ඔවුන් ක්‍රියාත්මක නොවීම නිසා සිද්ධියට වගකිවයුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවද සදහන්ය.

පොලිස්පතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි කර නොගත්තේ එය අනිවාර්යයෙන් නොවන බවට සඳහන් පෙර වාර්තාව පදනම් කරගෙන යැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර වාර්තා වන්නේ පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ වාර්තාව ද ජනාධිපතිවරයා විසින් එම සභාවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදී ඇති බවයි.

32 views

6 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන මං දන්නෙ නෑ.. හේමසිරි-පූජිත වගකිව යුතුයි..- ජනපති පාස්කු බෝම්බ කමිටුවට කියයි..”

  1. වරදට දඬුවම නියතයි says:

    කමිටුවේ සිටින සියලුදෙනාම දැනගත යුත්තක්නම් සිරිසේන කිව්වනම් එය ඇත්තක් මිස බොරුවක් නොවන බවය. දැන් කල යුත්තේ පුජිත සහ හේමසිරිට සියලුම චෝදනා බැර කිරීමයි. නමුත් එය එතරම් පහසු නොවන්නේ කමිටුවේ සිටින සියලුදෙනාම රනිල්ගේ කුක්කන් නිසාය.

  2. බන්ඩා says:

    ජනාධිපති තමය් ත්‍රිවිධ හමුදාවට අන දෙන්නෙ. ඒවගේම ව්‍යවස්ථාවෙන්ම රටේ ආරක්ෂක ඇමති. ආරක්ෂක ඇමති හැටියට සිරිසේන සුදුස්සන් පත් තරල බුද්ධි අංශ කලමනාකරනය ගැන වග බලා ගත යුතුය්. වැඩ බැරි එකෙක් ජනාධිපති කොරගත්ත එකේ වැරැද්ද ජනතාවගෙය්.

    • Rata Wenuwen says:

      ලබ්බ උඩදාගෙන ගියේ ඕක කියන්නද පඹරාලයානෙනි

  3. පත්තරේ-විස්තරේ says:

    මචෝ අපේ රටේ අගමැති කෙනෙක් ඉන්න බව නම් රටටම පේනවා ….
    ඒත් මම නෙලුම් කුළුණ උඩටම නැගලා බැලුවා රටේ ලොක්කා කොහෙද ඉන්නේ කියලා??

  4. Nariya says:

    trastha prahaaraye maha molakaruwan diyawannawe diya bun gasaddee ahaka siti dedenek dangediyyata dakkanna karana uthsaahhayak.

  5. පොරමෝලා says:

    මෙයට ප්‍රධානම හේතුව රනිල්ගේ කපටි මොලයෙන් හදනලද 19 වන ආණ්ඩක්‍රම ව්‍යවස්ථවයි. එය නිසා අගමැති සහ ජනාධිපති බල අසමතුලිතතාවය සහ බල පොරය නිසා ජාතික ආරක්ෂාව දුර්වල විය. ලොකුම විහිළුව වනුයේ එහි නිර්මාතෲ වරු වන ජයම්පති සහ සුමන්දිරන් විමර්ශන කමිටුවෙ සිට මහා උජාරුවෙන් කටයුතු කිරීමයි

Main News