පාස්කු බෝම්බ ප‍්‍රහාරය පිටුපස හිටපු ඇමැතිවරයෙක්…

June 14, 2020 at 10:40 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරය පිටුපස හිටපු ඇමැතිවරයෙක්…

අන්තවාදී සහරාන් කල්ලිය සහ ඔවුන්ගේ අයිසීස් සබඳතා ගැන 2016 වසරේදී හමුදා බුද්ධි අංශය සොයා ගෙන තිබුණත් හිටපු ප‍්‍රබල ඇමැතිවරයෙක් හා හිටපු මුස්ලිම් මන්තී‍්‍රවරයෙක් සහ මුස්ලිම් සංවිධානයක ප‍්‍රධානියෙක් එම තොරතුරු වසන් කර ඇත.

මෙම ප‍්‍රබල ඇමැතිවරයා බුද්ධි අංශ විසින් කිසිම අයිසීස් කි‍්‍රයාකාරකමක් ගැන තොරතුරක් සොයා ගෙන නැති බවට ප‍්‍රසිද්ධියේ සාවද්‍ය ප‍්‍රකාශයක් කර තිබේ.

මේ නිසා සහරාන් කල්ලියේ ඉදිරි සැලසුම් ගැන නිරීක්ෂණය කිරීම හමුදා බුද්ධි අංශය විසින් අත්හිටුවන ලදී.

හමුදා බුද්ධි අංශයේ නම භාවිත කරමින් මේ හිටපු ප‍්‍රබල ඇමැතිවරයා සහරාන් කල්ලියේ අයිසීස් මෙහෙයුම් ගැන සෙවීම වැළැක්වූවා යැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

එසේම සහරාන් කල්ලියට අදාළ කිසිදු තොරතුරක් හමුදා බුද්ධි අංශයෙන් ලබා ගැනීමට ත‍්‍රස්ත මර්දන ඒකකය ද කි‍්‍රයා කර නැත.

හමුදා බුද්ධි අංශ ආරංචි පැවසුවේ පාස්කු ප‍්‍රහාරය වැළැක්වීමට හමුදා බුද්ධි අංශයට ඉඩ තිබුණත් රහස් පොලිසියේ ප‍්‍රධානී ශානි අබේසේකර වනාතවිල්ලූව අන්තවාදී කඳවුර පරීක්ෂා කිරීම හමුදාවට තහනම් කර තිබූ බවයි.

රහස් පොලිසිය සහරාන්ලා ගැන සෙවීම වෙනුවට හමුදා බුද්ධි කි‍්‍රයාකාරීන් ගැන සෙවීමේ යෙදුණා යැයි එම ආරංචි මාර්ග පළ කළේය.

හමුදා බුද්ධි අංශ විසින් ඉමාඞ් නමැති අන්තවාදියා අයිසීස් ත‍්‍රස්තයන් හමුවීමට තුර්කිය හරහා සිරියාවට ගොස් තිබූ බව ද සොයාගෙන තිබිණි.

– divaina

60 views

11 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරය පිටුපස හිටපු ඇමැතිවරයෙක්…”

  1. DOC says:

    පාස්කු බෝම්බයෙන් නැති වුන ලංකාවේ මිනිස්සුන්ගේ අසරණ ජීවිත ජෙප්පොන්ට/කුරුට්ටොන්ට වටින්නේ නැහැ.

    ඇමෙරිකාවේ කල්ලෙක් මැරුනොත් ඒක මාර විදිහට වටිනවා.
    වෙනිසියුලාවේ හරි කියුබාවේ හරි උතුරු කොරියාවේ හරි එකෙක්ට අධෝ වාතයක් ගියොත් ඒකත් මාර ප්‍රශ්ණයක් කර ගන්නවා. උද්ඝෝෂණ පවා කරණවා.

    • ඉත්තෑවා says:

      ඇයි යකෝ සමාජවාදී චීනයේ වයිරස් ලැබ් එකේ වයිරස් හදලා මිනිස්සු ලක්ෂ ගානක් මරපු එක ගැනත් උන්ට කිසිම ගානක් නෑ.

      සමාජවාදී උතුරු කොරියාවේ මිනි මැරුම් ගැනත් කිසි ගානක් නෑ.

      සමාජවාදය කියන්නේ එක පක්ෂයක් විසින් මරුමුස් ඒකාධිපති පාලනයක් ගෙන යාමයි.
      ඒ පක්ෂය බලය ලබා ගැනීම සදහා ලස්සන නමක් දාගෙන දුප්පතුන් රවට්ටනවා.
      සරලවම කාරණය එච්චරයි.

    • Araliya says:

      👍 100% agreed

  2. Jinee says:

    Peena hatiyata shaani kiyana ponsiya mekata waga kiyanna ona,okawa ellugas yawanna ona

  3. නිදන් හොරු, කැලෑ පාලුවෝ මිනි මරුවෝ, මිනි කාක්කෝ, මංකොල්ලකරුවෝ, ස්තුි දුෂකයෝ, සම ලිංගිකයකෝ, පොන්නයෝ ගෙන් බහුල අසමගි ජඩබලු වේගය නැමැති පක්ෂයේ අපේක්ෂකයෙක් තමයි ඉතිං.

  4. Saman says:

    Election on the way, so you will hear this kind of news regularly, after election all gone,

  5. ප්‍රහාරයට මොනම අයුරකින් හෝ අයිසිස් සම්බන්ද නැතැයි එකහෙලාම මාද්යට පැවසුවේ පරාජිත අපා ජිත කබරකට
    ගැටකිබුල් #####;;;මහෝඝය””######තමයි. අනිත් ඩබල අසාදු සා..අල්ලන්තරයයි;;; හිස්පොල්ලාහ්කුවයි වෙන්නැති.
    රීසදා එකල ප්‍රබල ඇමිටියෙක් නිසා ඌ වෙන්න බෑ.

  6. Mac says:

    Drama for election.

    Why can’t share the names and take legal action

  7. රොසා says:

    හිටපු හමුදා පති ජනපති අපෙක්ෂක කොහෙද දන්නෙ නෙහෙ මෙ දවස්වල පුතානො ගෙ උදව්වට අගමැති කම ඉල්ලුවනම් හොඳ යි

    • Chatura putha says:

      ඇමරිකන් වහලෙක් විදියටරැකියාව කරනව එහෙ.ඡන්දෙ ඉල්ලුවට වෙනම ගෙව්ව ඇමරිකාවෙන්.එව්ව කෙලින්ම ෆොරින් එකවුන්ට් එකට හොඳේ…

Main News