පාස්කු බෝම්බ ප්‍රහාරය, සාලාව කදවුරු පිපිරීම ජනතාවට වන්දි ගෙවීම මේ ආණ්ඩුව කල යුතුයි..
May 12, 2020 at 12:00 pm | lanka C news
සාලාව යුධ හමුදා කඳවුරේ පිපිරීම සහ පාස්කු බෝම්බ ප්‍රහාරය තම ආණ්ඩුව කාලයේදී සිදුවීම ගැන කණගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
ඒ සඳහා ජනතාවට අදාල වන්දි මුදල් පැවති රජය විසින් ලැබී නැතිනම් මේ රජය විසින් ඒවා සොයා බලා ගෙවිය යුතු බව ද ඔහු පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියෙන් ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමිනි.
ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරුන් ලෙස හමුදාවේ මේජර්වරුන් පත් කිරීම හමුදා පාලනයකට රට ගෙන යාමක් බවද ඔහු පැවසීය.
නමුත් සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්ෂක කරවීමට 2010 ජනාධිපතිවරණයේදී කටයුතු කිරීම ගැන ඔහු සිහිපත් නොකලේය.
අජිත්.පී.ගේ කණගාටුව සම්පූර්ණ වැඩසටහන මෙතැනින් >>>>>https://www.youtube.com/watch?v=47IWnpEegoM
Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 11. Mai 2020