පාස්කු බෝම්බ ප‍්‍රහාරවල වගතීම ජනාධිපතිගේ.. ඔහු ප‍්‍රහාර වලකන්න කටයුතු කලේ නෑ..- පොලිස්පති පූජිත

June 4, 2019 at 12:02 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරවල වගතීම ජනාධිපතිගේ.. ඔහු ප‍්‍රහාර වලකන්න කටයුතු කලේ නෑ..- පොලිස්පති පූජිත

අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර වල වැළැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව පොලිස්පති ධූරයෙන් නිවාඩු යවා තිබෙන පූජිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය මේ බව වාර්තා කරයි.

එම බෝම්බ ප්‍රහාර වැලැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද පවසන ඔහු තමන් විසින් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී පිළිබඳ කරගෙන ගිය පරීක්ෂණ නවතන්නැයි රාජ්‍ය බුද්ධි අංශය විසින් තමනට අණ කළ බවද කියා සිටී.

ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය බුද්ධි අංශ හා ආරක්‍ෂක අංශ අතර සබදතා බිද වැටී ඇතැයිද පෙත්සමේ පෙන්වා දී ඇත.

57 views

15 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරවල වගතීම ජනාධිපතිගේ.. ඔහු ප‍්‍රහාර වලකන්න කටයුතු කලේ නෑ..- පොලිස්පති පූජිත”

  1. Gayantha says:

    මොහුගේ චරිතේ අවුල් වුනාට
    මොහු කියන කතාව හරි නම් සිරිසේන ඉල්ලා අස්විය යුතුය. හැබයි සිරිගේ පසුගිය කාලේ හැසිරීම බැලුවොත් මේකත් වෙන්න පුලුවන්. රටේ මිනිස්සුන්ගේ ජීවිත රැකගන්න බැරි නායකයෙක්ගෙන් රටට වැඩක් නැත.

    • Modapala says:

      මොහු වීරයෙක්. කාලකන්නි දේශපාලකයන්ගේ සාපයට රජයේ නිලධාරීන් පලි නෑ.

  2. sathya says:

    මේ පෙත්සම ඉංග්‍රීසියෙන් ඇති නිසා මේ පෙත්සම සිංහලට පරිවර්තනය කර ජනාධිපතිවරයාට කියවන්න දිය යුතුයි

  3. Parakum says:

    Gamarala’s plan to DISGRACE UNP has exploded in his hand. This ungrateful man, is he aware that Pibidena Polonaruwa is done under UNP govt.

  4. David Milli-banda says:

    Pujitha wanted gamarala to be a Policeman and to take action untill he finished his Bawana.

Main News