පාස්කු බෝම්බ ප‍්‍රහාරවේ පලමු වරදකරු මෛත‍්‍රීපාලයි.. පූජිත-හේමසිරි සත්‍ය හෙලි කරන්න සූදානම්..

February 4, 2020 at 3:19 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාරවේ පලමු වරදකරු මෛත‍්‍රීපාලයි.. පූජිත-හේමසිරි සත්‍ය හෙලි කරන්න සූදානම්..

පසුගිය පාස්කු ඉරිදා දිනයන් මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර වලට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් මේ සම්බන්ධයෙන් සත්‍ය විමසිය හැකි බවද ඔහු සඳහන් කළේය.

මේ ගැන හෙලි නොකරන ලෙස ඉල්ලමින් විදෙස් රටක තානාපති ධුරයක් ලබා දෙන බවට පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවද ඔහු පැවසීය.

අදාළ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද පැවසූ මන්ත්‍රීවරයා පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ සත්‍ය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවස ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

25,309 Viewers

8 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාරවේ පලමු වරදකරු මෛත‍්‍රීපාලයි.. පූජිත-හේමසිරි සත්‍ය හෙලි කරන්න සූදානම්..”

  1. වැඩ්ඩා says:

    සම නායක කමටත් කෙලවෙයි වගේ

  2. Ranmal says:

    Hemasiri and Pujitha are suffering in jail for a long time without being able to see or help their families While Maithripala, Ranil, Sajith, Rajitha. Mangala, Harin, Malick, Ajith who are directly responsible for the bloody Easter Sunday bombings which killed nearly 300 locals and foreigners inhumanly by locally trained isis terrorists, are enjoying life outside with all money paid by the govt. . These bloody bastards and crooks and perverts and morons should be thrown in jail for a long time to suffer with heavy work to do.

    Unfortunately Sri Lanka legal system and justice cover up these bloody political perverts and all these political criminals seem to be above the SL law.

  3. Angoda Buva says:

    පැන්ෂන් ගිය තට්ට පොලිස් කාරයෙකුගෙන් මෙවැනි හිස් කතා වලට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැක.

    වොඩ්කා වතුර කල මූට මෙවැනි බේගල් මොන කජ්ජක්ද ?

  4. Gamarala says:

    Buddhi ansha niladareen siragathakara, ema ansha adapana/ akreeya kalata gUNP ye thopith wagakiwa yuthui!

  5. magiya says:

    ඔහොම කිව්වට හරියන්නෙ නෑනේ රංගෙ මහත්තයෝ . කව්ද දන්නෙ ඕක ඔබතුමාගෙ ප්‍රබන්ධයක්ද කියල . ඔබතුමා ලඟත් ඔන්න හඬපටයක් තිබුනානම් ගමරාලට බඩුම තමයි .

  6. Nawodhi says:

    Illegally acquired 800 million worth House must be taken back to State. It is poor tax payers money. JVP can go to court but they go to court to get back to this house.

  7. Sakunthala says:

    ආරක්ෂක ඇමති හා සේනාධිනායක ලෙස අනිවාර්යෙන් වගකිව යුතැයි. රටින් පිට හිටියෙ කිවිවට බෑ ආරක්ෂක වගකීම කාටද නිසියාකාරව පැවරැවෙ කියලා සොයන්න ඕණ.

Main News