පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති නීතිය හමුවට කැදවිය යුතුයි..- අගරදගුරු

April 21, 2020 at 10:40 am | lanka C news
පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති නීතිය හමුවට කැදවිය යුතුයි..- අගරදගුරු

පසුගිය පාස්කු දින ප්‍රහාරය පරීක්ෂණවලට අදාළව බරපතළ ආකාරයෙන් වගකීම පැහැර හැරියේ යයි දැනටමත් චෝදනා එල්ල වන හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලඥයන් හා ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් ගැන ද විභාග කර ඔවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු යැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සඳහන් කරති.

මෙම බෝම්බ ප්‍රහාරය පසුපස සිටින අපාරාධකරුවන් සහ එය සැලසුම් කළ අය හෙළිදරව් කිරීම ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ අය වෙනුවෙන් සිදුකරන යුතුකම යැයි ද අගරදගුරුතුමන් සඳහන් කරති.

ප්‍රහාරය එල්ල වී අදට වසරක් ගත වුවද නියම අපරාධකරුවන් හෙළිදරව් වී නැති බවද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එතුමන් පවසා සිටී.

මෙම ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසම විසින් දැනට සිදු කර ඇති වැඩ කොටස ගැන අවංකවම අගය කළ හැකි බවත් සිදුකරන විමර්ශන ද විනිවිදභාවය සහ විශ්වාසනීයත්වයෙන් යුතු ව ගැඹුරින් සිදුකළ යුතු බවද අගරදගුරුතුමන් තව දුරටත් අවධාරණය කර ඇත.

62,789 Viewers

34 Comments to “පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනපති නීතිය හමුවට කැදවිය යුතුයි..- අගරදගුරු”

  1. උදාර says:

    අනිවාර්යයෙන්ම.
    රොටිය පුච්චා ගන්න හොඳම වෙලාව.. 👍👍💐💐🙏🙏

    • කවි says:

      රොටිය පුච්‍චපු තමුන්ගෙ කෙනා ඒක කරවෙලා පරලොව වැඩියා මතක නැද්ද.දැන් රොටි පුච්‍චන්නෙ නැහැ.

    • Patient says:

      ඔය කියන ඒව අනුමත කරන්න තිබුණ අර යුද්ධය කාලෙ සහ ඉන් පසුව LTTE එක ගැනත් ඔය විදියටම කතා කරා නම්.

  2. MR says:

    මෙම අපරාධයට පැහැදිලිවම හිටපු ජනපති සහ ආරක්ෂක අංශ වගකිව යුතුයි . අවාසනාවකට මුස්ලිම් දේශපාලන බලපෑම නිසා මේ රජය යටතේ පැවැත්වෙන පරීක්ෂණත් චන්දයෙන් පසු අත්හිටුවයිද සැකයි. අපේ රටේ ඉන්නේ මහජනතාවගේ චන්දය කොල්ලකන්න ඕනෑම අපරාධයක් කළහැකි කාලකන්නි දේශපාලුවෝ.

    • pohottu says:

      Eka thamai ‘wada ala karana weeraya’ eyawa genella charman kama dunne? all are rogues.

    • GU NP + JVP + TNA + NGO says:

      Ane pala balla GU-VP + GU-NP-PAD-LICKING GROUP + URAU TEAM + TERA TNA

      You basted think REAL LIONS act as you based?

    • Pal says:

      If you need to put an end to Muslim extremism , all Sinhalese need to get together and make a strong government.
      So please vote for Pohottuwa to make Srilanka a Sinhalese country. This doesn’t mean that the minorities need to left out, no we need them they are our fellow citizens. This country belongs to them as well , but need to respect each other.

  3. හෙලයා says:

    ඇත්ත වශයෙන්ම හිටපු ජනපති අගමැති, ගූගල් බැලුනය සහ උගෙ තාත්තා, පොලොස්පති, හිටපු සනීපාරක්ෂක ලේකම්, මාද්ය සාකච්චා පවත්වා හිනා වුනු අය, ඊබ්‍රහිම් නානා නිධහස් කරන්න බලපෑම් කල ජෙප්පෝ ඇතුලු මේ සියලුම දෙනා අත් අඩන්ගුවට ගෙන ප්‍රාශ්ණ කර නීතියෙන් දඩුවම් ලබා දිය යුතුමයි

    • Dikman Aiyya says:

      …..kaaaalakanni…maru set eka Machan….now they are worried about people that would die from CORONA…if we have the election…Lol..Mun tika Patta bayawelaaa inneee election thiyenawata…Kaaalakani

    • Dayanath says:

      Loku katha ona ne puluwannam Sirisena athulata dala pennanna. Ottui be. Dan balaya neethiya oba athe.

      • kawinda says:

        me siyaluma comment atharin ithaama watina coment eka mekai. Hitan yanuwen virudaawaliya lath Sirisena hewath Sri Lankaawa agaadayata gene yamin sura sepa vinda apathaya athadanguwata gena penwanna. miyagiya ahinsaka janathaawata karana yuthukamak lesa ese kara penwanna.

  4. පියරතන says:

    ජනතා අධිකරණයේදී ආප්පහිටං වැරදිකාරයකු වෙලා ගොඩාක් කල්

    • පහන් says:

      සහතික ඇත්ත. නායකත්වයට කිසිම සුදුසුකමක් නැති පඹයෝ රට මෙහෙයවන්න ගත්තම වෙන දේ..
      අඩුම තරමින් වෙන්න ඕනෙ දේ නම් සිද්ධියට සම්බන්ධ සෑම දේශපාලකයෙක්ගෙම ප්‍රජා අයිතිය සදහටම අහෝසි කිරීම.
      ඒත් ඉතින් දැනටම සිරිසේනට පොහොට්ටුවෙන් නාමයෝජනා දීලනේ… අනේ අනිච්චං…

    • පොඩි එකා says:

      ඒක තමයි පොහොට්ටුවට රිංගුවේ… රැකවරණයක් ලබා ගන්න. නැත්තං කියපු දේවල්වල හැටියට රෙද්දක් ඇඳගෙන පොහොට්ටුවෙන් චන්දේ ඉල්ලන්න පුළුවන්ද..?

  5. Anti Corona says:

    මෙව්ව කරපු එවුනුත් නෑ…ඒවට දඬුවම් දෙනව කියපු එවුනුත් නෑ..කාටවත් දඬුවමකුත් නෑ..අර ගොං පොලිස්පතිය හැරුනාම …හැබැයි අදටත් මේ කාලකණ්නි මිලේච්ච වැඩේ වවාගෙන කන්ඩ එවුන් නං ඕන තරං ඉන්නව…මේකෙ ඉන්න,අපි කඩේ යන එවුනුයි, අරුං කඩේ යන එවුනුයි, ඔක්කොම හොරු කියන එක මේකෙං වත් තෙරුං ගනිල්ල බං….

    • මලිත් says:

      මහ බැංකු හොරුද

    • Pro Corona says:

      හරි මං තේරුම් ගත්තා.

      මම ලබන පාර මගේ ජන්දෙ දෙන්නෙ පුංචි අම්මගෙ වාහෙගෙ ජේවීපී එකට.

      මම වැරදි නමි මාව නැවත නිවැරදි නරන්න.

    • පුංචි අම්මප says:

      උනුත් එකයි මුනුත් එකයි ජෙප්පො තමයි හොද කියල කියන්නනෙ ඔහේ ඔය හොරගල් අහුලන්නෙ.

  6. උදාර says:

    ඔබේත් නිවැසියන්ගේත් සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් නිවසින් පිටතට යාමේදී ඔබට පිළිපැදිය හැකි දේවල් කිහිපයක්…

    1. ඔබට කිවිසුම් යෑම, කැස්ස, උණ, උගුර රිදීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් කිසිසේත්ම එලියට යන්න එපා. ලබා දී ඇති දුරකථන අංක භාවිත කොට වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

    2. ඔබ නිවසින් පිටතට යනවිට හැකි සෑම අවස්ථාවකදීම පහසුවෙන් සෝදා දැමිය හැකි ඇඳුමක් ඇඳීම නැවත පැමිණි පසු රෙදි සේදීමට පහසුවක් වනවා ඇති.

    3. වෙනදාට භාවිතා කරන නමුත් අත්‍යවශ්‍ය නොවන අත් ඔරලෝසු, මුදු, බ්‍රේස්ලට්, කරාබු වැනි දේ පළඳින්න එපා. අවම භාණ්ඩ ප්‍රමාණයක් එලියට රැගෙන යන්න.

    4. ඔබ මුහුණු ආවරණයක් පළඳින්නේ නම්, නිවසින් එලියට බැසීමට ආසන්නතම මොහොතේ දී එහි පටි වලින් අල්ලා පළඳින්න. මුහුණු ආවරණය පැළඳීමෙන් පසු ගැලවීමට හැර වෙන කිසිම වෙලාවක එය නැවත අල්ලන්න එපා. ඔබ අනෙක් ඇය සමඟ කතා කිරීමේදී මුහුණු ආවරණය පහතට දමන්න එපා. මුහුණු ආවරණය තෙත සහිත ස්වභාවයකින් යුතු නම් හෝ පැය හතරකට පසු එය ඉවත් කල යුතුය. ගැලවීමේදී නැවතත් එහි පිටුපස පටි වලින් අල්ලා ගලවන්න. ඉදිරිපස කොටසින් අල්ලන්න එපා. මුහුණු ආවරණය ඉවත් කල විගස පටි වලින්ම අල්ලාගෙන ගොස් කසල බඳුනට දමන්න. ඉන්පසු සබන් යොදා හොඳින් ඔබේ දෑත පිරිසිදු කරගන්න.

    5. හැකිතාක් දුරට පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයෙන් වලකින්න. පයින් ගමන් කල හැකි දුරක් නම් පයින් ගමන් කරන්න. පොදු ප්‍රවාහන ක්‍රම භාවිතා කරන්නේ නම්, වෙනත් පුද්ගලයෙකුට අවම වශයෙන් මීටරයක පරතරයකින් යුතුව සිටින්න. බස් එකට හෝ දුම්රියට නගින විට සහ වාඩි වී සිටින අවස්ථාවකදී අත් වැට, පුටු ඇන්ද, අධාරක වැනි දේ හැකිතාක් දුරට ඇල්ලීමෙන් වලකින්න. එසේ ඇල්ලීමට සිදු වේ යයි ඔබට සිතේ නම්, ටිෂූ කඩදාසියක් භාවිත කරන්න. භාවිතයෙන් පසු එම ටිෂූ කඩදාසි හැකි ඉක්මනින් කාසල් බඳුනකට දමන්න.

    6. ඔබේ කාර්යාලයට හෝ සේවාව ලබා ගන්න ස්ථානයට යාමට විදුලි සෝපානයක් භාවිත කිරීමට අවශ්‍ය වේ නම්, හැකිතාක් එය මඟහැර තරප්පු පෙළ/ පඩිපෙළ භාවිත කරන්න. පඩිපෙළ නැගීමේදී අත් වැල අල්ලන්න එපා.

    7. විදුලි සෝපානයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේනම්, සෙනග සමඟ තදබදයේ තෙරපි එයට නගින්න එපා. සෙනග අඩු වනතුරු සිට නගින්න. මේ සඳහා සෝපානයට පෝලිමක් සැදී සිටීම වැදගත් වේවි. සෝපානයට ගොඩ වූ පසු ඔබට යාමට අවශ්‍ය තට්ටුවේ නොම්මරය එබිමේදී නැවතත් ටිෂූ කඩදාසියක් හෝ ටූත් පික් එකක් පාවිච්චි කරන්න. ඉන්පසු හැකි විගස එය කසල බඳුනකට දමන්න. සෝපානය තුලදී එකිනෙකාගේ මුහුණ බල සිටින සේ නොහිද බිත්තිය පැත්තට මුහුණ ලා සිටගන්න. මැද යන අය නම් දොර දෙසට මුහුණ දා සිටගන්න. එවිට වෙනත්විෙනෙකුට කිවිසුමක් ගියද ඔබට විය හැකි හානිය අවමය. විශාල සෝපානයක වුව එකවර දහ දෙනෙකුට වඩා ගමන් නොකරන්න.

    8. ඔබේ සේවා ස්ථානයට යාමට පෙර එළියෙන් අත් සේදීමට අවශ්‍ය දේවල් සපයා ඇත්නම්, සබන් යොදා හොඳින් ඔබේ අත් සෝදා ගන්න. නෑතිනම් ඇතුලට ගිය විගස රාජකාරි ස්ථානයේ වෙනත් දේවල් ඇල්ලීමට පෙර නාන කාමරයට/ වැසිකිලියට ගොස් හොඳින් සබන් යොදා අත් සෝදාගන්න.

    9. ඔබේ සේවා ස්ථානයේ විවෘත කල හැකි ජනෙල් තිබේ නම්, කාර්යාලය තුලට හොඳින් හිරු එළිය සහ වාතාශ්‍රය ලැබෙන පරිදි දිව කාලය තුලදී ජනෙල් විවෘත කර තබන්න. එකම වාතය කාමරයක් තුල සංසරණය වීමේදී විෂබීජ පැතිරීමේ හැකියාව වැඩිය.

    10. ඔබේ රාජකාරි වෙලාව තුල අනෙක් පුද්ගලයන්/ ගනුදෙනු කරුවන් සමඟ වැඩ කිරීමට සිදුවන්නේ නම් නිරන්තරයෙන් අවම වශයෙන් මිටරයක වත් පරතරයක් තබාගැනීමට කටයුතු කරන්න. මේ සඳහා අවශ්‍ය නම් සේවා ස්ථානයේ බිම සලකුණු කිරීම හෝ වෙනත් විදිහකින් සලකුණක් තැබීම සිදුකරන්න.

    11. ඔබ සේවා සපයන කවුන්ටරයක සීවය කරන්නේ නම්, එක්සේ වා දායකයෙකුගෙන් පසු තවත් සේවා දායකයෙකුට සේවා සැපයීමේදී ඔබේ දෑත් විෂබීජ නාශක දියරයකින් පිරිසිදු කරගන්න. ඔබේ සේවා දායකයන්ටත් කාර්යාලය තුලට පැමිණීමට පෙර අත් සෝදාගැනීමට පහසුකම් සලසන්නේ නම් ඉතා හොඳය. ඔබ නිවසින් බැහැර වන්නේ යම් සේවාවක් ලබාගැනීමට නම්, ඔබ අදාල කාර්යාලයට ප්‍රවේශ වීමට පෙර, පහසුකම් සපයා ඇති සියලු අවස්ථා වලදී කාර්යාලයට ඇතුල් වීමට පෙර හොඳින් සබන් යොදා දත් පිරිසිදු කරගන්න.

    12. යම් සේවාවක් ලබාගැනීමට ඔබ සේවා ස්ථානයක ඇතුලට ගිය පසු, අනෙකුත් අයගෙන් අවම මීටරයක පරතරයක් තබාගැනීමට වග බලා ගන්න.

    13. තේ /දිවා ආහාරය ගැනීමේදී අනෙකුත් අය සමඟ පිඟන්, කෝප්ප, වතුර බෝතල් පොදුවේ භාවිතයට ගැනීමෙන් වලකින්න. ජලය පානය කිරීම සඳහා ඔබටම වෙන්වූ කෝප්පයක්/ වතුර බෝතලයක් තබා ගන්න.

    14. වෙනත් පුද්ගලයන් සමඟ නිතරව කටයුතු කිරීමට ඔබට සිදු වේ නම්, පැයකට වරක්වත් සබන් යොදා හොඳින් අත් සේදීමට වගබලා ගන්න.

    15. අනෙකුත් අයත් භාවිතා කරන පොදු දේවල් ඇල්ලීමේදී (උදා: දොරේ හැන්ඩලය, විදුලි බුබුළු ස්විචය හෝ වැසිකිලියේ වතුර ගසන අයිතමය ආදී දේ) ටිෂූ කඩදාසියක් හෝ ඉවත දැමිය හැකි රෙදි කැබැල්ලක් භාවිත කරන්න. භාවිතයෙන් පසු වහාම එය කසල බඳුනකට විසි කරන්න.

    16. ඔබට කිවිසුම් යනවිට ටිෂූ කඩදාසියක් හෝ ඔබේ වැලමිටේ ඇතුල් පැත්ත භාවිතා කරන්න. ටිෂූ කඩදාසියක් භාවිතා කලේ නම් එය වහාම කසල බඳුනකට දමන්න.

    17. යම් භාණ්ඩයක් හෝ පෘෂ්ටයක් ඇල්ලීමෙන් පසු සබන් යොදා අත් සෝදන්න. නිතර අත් සේදීමට නොහැකි නම් විෂබීජ නාශක දියරයක් යොදා අත් පිරිසිදු කරගන්න.

    18. බසයට, දුම්රියට, කඩයකට හෝ වෙනත් ඕනෑම පොදු සේවාවක් ලබාගැනීමේදී පෝලිමකට සිටගැනීමට පුරුදු වන්න. පොලිමේ සිටින විට අවම පරතරය තබාගැනීම ඉතා පහසුය. එමෙන්ම පැමිණෙන පිළිවෙලට සේවය ලබාගැනීමටත් හැකි වේ.

    19. හැකිතාක් ඔබේ සුරතල් සතුන් නිවසින් පිටට ගෙන යාමෙන් වලකින්න. එසේ යන්නේ නම්, ඔවුන්ව හැකි තාක් වෙනත් පෘෂ්ටයන් වල නොගැවී තබාගන්න උත්සාහ කරන්න.

    20. ඔබ නිවසින් ඉවතට ගොස් නැවත පැමිණෙන විට ගේට්ටුව හෝ නිවසේ දොර විවෘත කල යුතු නම්, ඔබ විසින් එය සිදු නොකොට හැකි සෑම අවස්ථාවකදීම ඒ සඳහා එය නිවස තුල රැඳී සිටිය කෙනෙකුගේ සහය ලබාගන්න. එසේ කිරීමට හැකියාවක් නොමැතිනම්, ටිෂූ කඩදාසියක් භාවිතයෙන් ගේට්ටුව හා දොර විවෘත කරගෙන, වහාම ටිෂූ කඩදාසිය කසල බඳුනකට දමන්න.

    21. ඔබේ සපත්තු, සෙරෙප්පු ඇතුළු පාවහන් නිවසින් පිටතදී ගලවා තබන්න.

    22. ඔබ පිටතට ගෙනගිය වාහනයේ යතුරු, මුදල් පසුම්බිය, තොප්පිය ආදී දෑ නිවසට තුල ඇතුල් වන ස්ථානයේ පෙට්ටියක් තබා එයට දමන්න පුරුදු වෙන්න.

    23. ඔබ පිරිසිදු වීමට පෙර නිවසේ වෙනත් කිසිදු ස්ථානයක් හෝ වෙනත් කෙනෙකු ඇල්ලීමෙන් වලකින්න.

    24. නිවසට පිවිසීමට පෙර එළියෙන් නා ගැනීමට පහසුකම් තිබේ නම්, පළමුව හොඳින් නා ගන්න. එසේ නා ගැනීමට නොහැකි නම් නිවාස තුල වෙනත් කිසිම දෙයක් කිරීමට පෙර නාන කාමරයට ගොස් නා ගන්න. එහිදී නිවසේ නාන කාමර එකකට වඩා තිබේනම්, එලියට යන අය සඳහා වෙනම නාන කාමරයක් සහ නිවාස තුල රැඳී සිටින අය සඳහා වෙනම නාන කාමරයක් භාවිතා කරන්න. එසේ නොමැතිනම්, ඔබ භාවිත කිරීමෙන් පසු නාන කාමරය විෂබීජ නාශක යොදා හොඳින් පිරිසිදු කරන්න. විශේෂයෙන්ම නාන කරාම, දොරේ හැන්ඩලය වැනි ස්ථාන පිරිසිදු කරන්න. නෑමෙන් පසු නිවසේ කෙනෙකු ලවා තුවාය ගෙන්වාගන්න.

    25. ඔබ එලියට ඇඳි රෙදි සියල්ල රෙදි සෝදන කුඩු වල පොඟවා තබා සෝදා හරින්න. නැතහොත් සබන් භාවිතා කොට හොඳින් සෝදා දමන්න. නිවසින් පිටතට යන අයගේ රෙදි එකතු වන්නට හරින්න එපා. අතේ හෝ රෙදි සෝදන යන්ත්‍රයක් භාවිතයෙන් එදිනෙදා සෝදා ගන්න.

    26. ඔබේ කන්නාඩි කුට්ටම සහ ජංගම දුරකථනය විෂබීජ නාශක දියර යොදා හොඳින් පිරිසිදු කරගන්න.

    27. ඔබ පිටතින් නිවස තුලට ගෙන ආ ද්‍රව්‍ය වල ඇති පොලිතින් සහ ප්ලාස්ටික් ආවරණ සහිත දේවල් ගබඩා කිරීමට පෙර විෂබීජ නාශක දියර යොදා පිරිසිදු කරගන්න. එළවලු නම් හොඳින් සෝදා ගන්න. රෙදි නම් පාවිච්චියට පෙර සෝදා ගන්න.

    28. එම භාණ්ඩ පිරිසිදු කල පසුත් හොඳින් සබන් යොදා නැවතත් අත් පිරිසිදු කරගන්න.

    ටිකක් අමාරුයි තමයි. ඒත් ඔබෙත් ඔබ ආදරය කරන අයගෙත් ආරක්ෂාව තියෙන්නේ ඔයා අතේමයි!

    * හැමදාම මතුරපු මන්තරේ තවමත් වලංගුයි.!
    * නිතරම හොඳින් සබන් යොදා අත් සෝදන්න..!
    * මුහුණ, නහය, කට, ඇස් අල්ලන්න එපා.!
    * සෙනග සහිත ස්ථාන මග හරින්න. අන් අය සමඟ පරතරයක් තියා ගන්න..!
    * සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.

    We can do this. We will do this ❤️🇱🇰

    • NaMa says:

      A civic minded citizen. Thank you.

    • GU-VP-UDARA says:

      Bola GU-VP ballo uba koheda yanne mallepol, GU-VP tactics danne natiwa hitu.
      Balla enawa CORONA gana kiyanna, when we talking very sentimental subject, the purpose is to divert people attention to CORONA.

      Ane GU-VP Ballo, dagan toge punchi-ammage puxe

    • සෙනරත් says:

      සුපිරි සුපිරි

    • මඩයා says:

      හොදවැයින් කුනුහරප දෙකක් කියන්ඩ තරමට කේන්ති ආව. ඒත් මටම හිනා ගියා. මට කියන්න ඕන උන ඒවා පහලට යනකොට කියාවි.

  7. සරා says:

    හිටපු ජනපති අගමැති හා කැබිනට් මන්ඩලයම ‌ෙමෙම ප්‍රහාරයට වගකිව යුතුයි.ඒවගේම හිටපු හමුදාපති ‌ෙපොලිස්පති හා ආරක්ශක ‌ෙලේකම් වගකිවයුතුයි.ඊට අමතරව ‌ෙමෙම පරික්ෂන යට ගහන්න දඟලපු ශානි අබේසේකර ඇතුලු නඩයද අත්අඩංගුවට ගත යුතුයි.

  8. Kgs basnayake says:

    Ex president _MY3
    EX PM _Ranil
    EX STATE MINISTER OF DEFENCE (KELANIYA NEW UNP ORGANIZER _ RUWAN Wijegunawardena),
    HARIN FERNANDO
    AND OTHERS

  9. John LeGard says:

    It was contracted by the Tiger Diaspora. It was carried out by the radicalized Muslims in the country.

  10. Bnv says:

    Are you in sane Cardinal ?? How can we punish m3. Now he is our chairman in slpp. He is hiding in mahindas sarong and gothabaya trouser. Do not talk bulshit. This is just like andarege court order. Just political dance. All catholic has to get to gether until punish who neglect their duties.

  11. යකෝ අතිසාරේට අමුඩ ගහලා මදි ... says:

    යකෝ අතිසාරේට අමුඩ ගහලා මදි … දැන් කව්රු කව්රුත් හදන්නේ තමගේ සුරුට්ටුව පත්තු කොරන් මන් තම ගැලවුම් කාරයා කියන්න.තුහ් නොදකින්. මං ජනපති වෙලා හිටියනම් ඕක වෙන්න දෙන්නෙ නෑ මං බය නෑ. ලෝකෙට ලොක්කා මන් තමයි ගම දුනියාවේ….කිව්වලු.

  12. waruna says:

    සැබවින්ම හීන, නිවට පෞර්ෂයකින් යුතු, ප්‍රහාරය ගැන දැන දැනත් තමාගේ සහ පවුලේ ආරක්ෂාවට ඉන්දියාවට පැනපු මෙම තැනැත්තා හට කොළඹ 7 න් තව ගෙයකුත් දී , මර්සිඩීස් බෙන්ස් (s ) පන්තියෙන් වාහනත් දී ගෙදර යැවූ ඒ අනිත් නිවට වාහේ වූ එවකට අගමැතියා හටද මෙයට සම්බන්ධ වූ මිථ්‍යා දෘෂ්ටික ප්‍රහාරකයන් සමග නිරයේ පැසීමට ඉඩ ලැබේවා .

  13. වීරයා says:

    මුළු රටම කාල මුකුත් නොදන්න හොර පූසා වගේ මේ පිංගුත්තරයව දකිනකොට මගේ ඇගේ මාළු නටනව. ඒ දිනය එනතුරු තමයි මේ නොයිවසිල්ල.

  14. HENA says:

    MY3 , rANILA AND GANG.. MEWA GANA DANA HITIYATH KARAPU MAGULAK NEHA.. MUN WA OKKOMA ALLALA … DANNA ONE. HATHIKARE PITIN

  15. sinha le says:

    L T T E කාලේ මේගොල්ලන්ගේ කට වැහිලා තිබුනේ.

  16. sena says:

    ගරු අගරදතුමනි අර පාර්ලිමේන්තු කමිටුවෙ හිටිය උන් ටික උන්ටිකත් මේකට වගකිවයුතුයි

    උන්ටිකනෙ මුංව නිදහස්කරෙ