පාස්කු මහ මොලකරු හදුනාගත්තා..- ඇමති සරත් වීරසේකර

April 6, 2021 at 4:40 pm | lanka C news
පාස්කු මහ මොලකරු හදුනාගත්තා..- ඇමති සරත් වීරසේකර

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් මහ මොලකරුවා හඳුනාගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

ඔහු නවුෆර් මවුලවි නම් පුද්ගලයෙක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පත් කරන ලද කොමිෂන් වාර්තාවේ නිර්දේශ සලකා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

අන්තවාදය ප්‍රවර්ධනය කරමින් සහරාන් ඇතුළු කණ්ඩායම අන්තවාදයට යොමු කිරීමට අදාළ නවුෆර් මවුලවි කටයුතු කර ඇති බව ද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

අදාල සැකකරු මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇතැයිද කී ඔහු පාස්කු ප‍්‍රහාරය සම්බන්දයෙන් පුද්ගලයන් 32කට දැනටමත් නඩු පවරා ඇතැයිද පැවසීය.

48,737 views

21 Comments to “පාස්කු මහ මොලකරු හදුනාගත්තා..- ඇමති සරත් වීරසේකර”

  1. Jagath says:

    හදුනාගන්න මෙච්චරකල් ගියා ද????අනේ මුන්ගේ දේශප්‍රේමේ.

  2. 😪😪😪🤬 says:

    ඒ වුනාට කොටි සංවිධානයේ මාව නම් ක්‍ෂණිකව හඳුනාගෙන අප සංවිධානයම විනාශ කරලා දැම්මා..!
    —මිස්ට ප්‍රභා—

  3. වන්නියා says:

    සමහර විට මේ නම තියෙන කෙනෙක් හොයන්න තව කොමිටියක් දාවි . අනිච්චං .

  4. Hanumaan says:

    Meyath …Parlimenthuwe Gahapu Gahapu Gata Fail weccha Maha Molakaruwek Thamaa …

  5. polgahawela says:

    ආ ඇත්තද ? මරු මරු වැඩේ ඉවරයි නේද එහනම් ? අනේ මුන්ට පිස්සු ද ?

  6. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    දැන් සරත් කියල නම තියෙන එකෙක් දැක්කත් අමු බේගල් ඇදබාන කයිවාරුකාරයෙක් කියල එලෝනව

  7. Sira says:

    පාස්කු මහ මොලකරු හදුනාගත්තේ කරුණා අම්මාන් (පිලිට්‍යන්) ඇවිත් බලාලද

  8. Gon athal says:

    Mr. Lorry Talk,
    Now no more any blast will happen. Because all responsible people are in the Parliament..
    Rasspot Saarrr

  9. Felix says:

    This week’s theme for the drama as 21st April is ahead. Feel very sorry about this war hero.

  10. Gamaya says:

    Eric Perera da?

Leave a Comment

Main News