පාසැල්වල හමුවන කොරෝනා ආසාදිතයන් ගැන නව චක‍්‍රලේඛයක්…

November 19, 2021 at 6:44 pm | lanka C news
පාසැල්වල හමුවන කොරෝනා ආසාදිතයන් ගැන නව චක‍්‍රලේඛයක්…

කොරෝනා ආසාදිතයෙකු පාසැලකදී හඳුනාගතහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ආසාදිතයෙකු හෝ එසේ සැක කරන පුද්ගලයෙකු හදුනාගතහොත් එම පුද්ගලයා පළමුව පාසලේ වෙනම ස්ථානයක තැබිය යුතුය.

ඉන් පසුව ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් හෝ භාරකරුවන් කඩිනමින් දැනුවත් කිරීමට කටයුතු කල යුතු අතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරියාවද දැනුවත් කළ යුතු වේ.

හඳුනාගනු ලැබූ ආසාදිතයා හැකි ඉක්මනින් ආසන්න රෝහලක් වෙත ගෙන යාමද කරන ලෙස දැනුම් දී තිබේ.

24,025 views