පාසැල් අරඹන්න ක‍්‍රමවේද සකසන්නැයි සියළු පාසැල්වලට දැනුම් දේ..

May 31, 2020 at 8:40 am | lanka C news
පාසැල් අරඹන්න ක‍්‍රමවේද සකසන්නැයි සියළු පාසැල්වලට දැනුම් දේ..

මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ වසා දමා ඇති පාසැල් නැවත ආරම්භ කිරීමෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් උපදෙස් දී ඇත.

පලාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ඊට අදාල උපදෙස් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

පාසල් වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව, සෞඛ්‍ය තත්ත්වය සහ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව මෙම ක‍්‍රමවේදය සකස් කළ යුතුය.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් නැවත පාසල් ආරම්භ කළ යුතු බව ‍අමාත්‍යාංශය සඳහන් කර ඇත.

කෙසේ නමුත් නැවත පාසල් ආරම්භ කරන දිනය නිශ්චිතව ප්‍රකාශ කිරීමෙන් පසු පමණක් එකී ක්‍රමවේදයන්ට අනුව පාසල් පවත්වාගෙන යා යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.

145 views

5 Comments to “පාසැල් අරඹන්න ක‍්‍රමවේද සකසන්නැයි සියළු පාසැල්වලට දැනුම් දේ..”

  1. Sigeira says:

    ජනපති අගමැතිල පත්තරෙන් වත් දකීවා නුවර එලියෙ නිරෝදායන නීති බල්ලට දාල කියල.
    පැත්ත ගියත් ඇත්ත කියන අයට පෙනිල නැත්තෙන් උන්ගෙ පස්සෙ පලු ගිහින්ද

  2. South Corea,

    Opened then closed……………..

  3. Sirimal says:

    School Van gana mokada kyanne
    Ewayen සමාජ දුරස්ථ භාවය –

  4. රට වෙනුවෙන් puka උනත් දෙනවා..! says:

    ආණ්ඩුව තමන්ගේ හෙළුව වහගන්න දවසේ ගානේ එක එක නිවේදන නිකුත් කරනවා. එකක් වත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉස්කෝල ඇරලා කොහොඳ ළමයි යන්නේ? කෝ පොදු ප්‍රවාහනය ? ළමයින්ට දවසේ ම මුක වඩම් දාගෙන ෆැන් එකක් වත් නැති පන්ති අස්සේ හිරාවෙලා ඉන්න ද කියන්නේ.

    • tharaka says:

      tho kiyanne gedara tiyan innda moda matto? uba danne nathi labbwal gana kathanokara indapn .hgon aliya

Main News