පාසැල් අරඹන්න සූදානම්.. සෞඛ්‍යය උපදෙස් බලා සිටී..

September 7, 2021 at 6:20 am | lanka C news
පාසැල් අරඹන්න සූදානම්.. සෞඛ්‍යය උපදෙස් බලා සිටී..

සෞඛ්‍ය අංශ වලින් කොල එළිය දැනුනු වහාම දිවයිනේ පාසල් විවෘත කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ පාසැල් විවෘත පිරිමි කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු පැවසීය.

ඒ අනුව පාසල් විවෘත කිරීම පිළිබඳ සැලැස්මක් මෙම සාකච්ඡාවෙන් පසු අධ්‍යාපන ඇමතිවරයාට ඉදිරිපත් කරන බවද පැවසූ ලේකම්වරයා කොරෝනා වසංගතයේ පවතිද්දී පසුගිය කාලයේදී පාසල් පවත්වාගෙන ගිය ක්‍රමවේදය මේ දිනවල සමාලෝචනය කරන බවද කීය.

ගුරුවරුන්ගෙන් 88%කට පමණ මේ වන විට කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවත් එහි දෙවැනි මාත්‍රාවන් මේ දිනවල ලබාදෙමින් යන බවත් ඔහු තවදුරටත් පැවසීය.

44,222 views

26 Comments to “පාසැල් අරඹන්න සූදානම්.. සෞඛ්‍යය උපදෙස් බලා සිටී..”

  1. නදී says:

    ගුරුවරුන් ට එන්නත දුන්න .ඒත් ළමයි දහස් ගානක් එක්ක ගැවසෙන එයාලට දුන්නෙ සයිනොෆාම්…
    අවුරුදු 45 පැනපු ගුරුවරු අති බහුතරයක් විවිධ රෝග තියෙන අය. මේ අය මැරුණොත් අධ්‍යාපන පද්ධතිය දුවනව බොරු ..විශේෂයෙන් ගණිත විද්‍යා ගුරුවරුන් හොයාගන්න නෑ…
    රජය බලන් ඉන්නෙ සියලුම වගකීම් විදුහල්පතිවරුන්ට දීල නිදහස් වෙන්න …

  2. Sagarika Alvis says:

    rate anagthaya thami lamintai me’ikmanin patan ganna oni nathnam itin ratata anagathyak nathi wei. eh nisa ikmanin aramba kla uthui.

    • Harshie says:

      රටේ අනාගතය ළමයින් නම් ඒ ළමයි ටික හරි ක්‍රමයක් ආරක්ෂිත වැඩපිලිවෙලක් නැතිව අවදානමකට ලක් කරලා පාරට දැම්මම හරිද?ළමයි ගෙවල්වල ඉන්න එක දරාගන්ඩ බැරි අම්මෙක්ද කොහෙද?අමනකම ප්‍රදර්ශනය කරන්න එපා.

  3. Kalana says:

    පිස්සුද මුන්ට? ළමයි ටික බිලි දෙන්නද යන්නේ?

  4. සනත් ඉතාලිය says:

    ඇයි ආන්ඩුව ගුරුවරි පාසැලට කැදවන්නෙ නැත්තෙ. ගෙවල තියන් නිකන් පඩි ගෙවන එකේ 50%ක් ගුරුවරු පාසැලට ගෙන්නල රජයෙන් සෑම පාසැලකටම ඩේට පැකෙජ් එකක් දීල ගුරුවරු පාසැලේ සිට ඔන්ලයින් පාඩම් කෙරුවනම් නරකද? සමාජ දුරස්ත බාවෙත් රැකෙනව දරුවොත් රැකෙනව. අද්‍යාපනයත් ඉදිරියට යනව. හැමෝටම සහනයක් නේද? ඇයි පාලකයන්ට මෙවැනි අදහස් පහල නොවෙන්නෙ