පාසැල් අවට කිලෝමීටර් බාගයක සීමාවේ දුම්වැටි විකිණීම තහනම්..??

November 24, 2016 at 6:48 pm | lanka C news
පාසැල් අවට කිලෝමීටර් බාගයක සීමාවේ දුම්වැටි විකිණීම තහනම්..??

දිවයින පුරා සියළුම පාසල් ආශ‍්‍රිතව මිටර් 500 ක් දක්වා දුර ප‍්‍රමාණයක් දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරිමට යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය විසින්  බත්තරමුල්ල වෝටර්ස් ඒඡ හොටලයේ දී පැවැත් වූ දුම්කොල භාවිතය අවම කිරීම පිළිබද වැඩමුළුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

‘මේ වනවිට පාසල් ආශ‍්‍රීත ප‍්‍රදේශවල මත්පැන් අලෙවි කිරිම තහනම් කර ඇත. ඒ ආකාරයට පාසල් අවට ප‍්‍රදේශවල දුම්කොල නිෂ්පාදන අලෙවි කිරීම ද තහනම් කිරීෙමි අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. තවද පුවක් සහ හුණු ශ‍්‍රී ලංකාෙවි සංස්කෘතියට අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් පුවක් සහ හුණූ භාවිත කිරීමෙන් පිළිකා රෝගීන් වාර්තා වීම බහුල වී තිබෙනවා. එම නිසා හුණූ සහ පුවක් වලට එරෙහිවත් දැඩි ක‍්‍රීයාමාර්ග ගැනීමට මම පියවර ගන්නවා.

මේ වනවිට ශ‍්‍රී ලංකාව දුම්කොළ භාවිතය අවම කිරිම සදහා වැඩසටහන් රැුසක් දියත් කර තිබෙනවා. බදු ප‍්‍රතිශතය වැඩි කිරීම, ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කිරිම, රූපමය අවවාද සිගරට් පැකට්ටුවට ඇතුළත් කිරීම ඒ අතර ප‍්‍රධාන වෙනවා. ඉදිරියේ දී සුදු පැහැති සිගරට් පැකට් වෙළෙදපොලට හදුන්වාදීෙමි ක‍්‍රමෙවිදය ආරම්භ කරනවා. සිගරට් එක බැගින් අලෙවි කිරීම තහනම් කිරීමට ද පියවර ගන්නවා. ඇතැම් මාධ්‍යෙවිදීන් ප‍්‍රකාශ කරනවා දුම්කොල සදහා නීති රීති ගෙනඒම තුලින් බීඩි සහ සුරුට්ටු භාවිතය වැඩිවී ඇති බව. එවැනි ප‍්‍රවෘත්ති දුම්කොල සමාගෙමි බලපෑම් මත නිර්මාණය කරනවා. දුම්කොල සමාගෙමි සහ ඖෂධ සමාගම්වල ගැටළු ගැන පමණයි මාධ්‍යෙවිදීන් කථා කරන්නේ. ජනතාව දෙස ද බැලිය යුතුයි. එක්තරා ඉංග‍්‍රීසි පුවත්පතක් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග මිල අඩු කිරීෙමි ක‍්‍රමෙවිදයට එරෙහිව දිගින් දිගටම පහර ගහනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතාටත් එවැනි පහර ගැසීම් සිදු වුනා. චරිත ඝාතන සිදු කරන්න පුළුවන්. එවාට මුදල් වැය කරයි. එවැනි මඩ ප‍්‍රහාරවලට මම බය වන්නේ නැහැ. මාධ්‍යයත් වගකීමෙන් කටයුතු කළ යුතුයි.” යැයි ද ප‍්‍රකාශ කරන ලදි.

අද දින මෙම වැඩසටහන ආරම්භ කිරීමට ප‍්‍රථම දිනෙන් දින ජනතාවගේ ජිවිත බිලි ගන්නා බුලත්විට සහ බාබුල්, හාන්ස්, වැනි දුම්කොල හා පුවක් අඩංගු නිෂ්පාදන තහනම් කර අසරණ ජවිත ෙබිරාදෙන ලෙස ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත යොමු කෙරෙන සංදේශයකට ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අත්සන් කරන ලදි.

– නිපුන් ඒකනායක

64 views

4 Comments to “පාසැල් අවට කිලෝමීටර් බාගයක සීමාවේ දුම්වැටි විකිණීම තහනම්..??”

  1. SB says:

    Appreciated.

  2. CAT says:

    දුම්වැටි අලෙවිය තහනම් කිරීම හොද දෙයක් …..
    ..නමුත් කුඩු කන්ටේනර් ගණන් ගේන්නේ …ලංකාව ආසියාවේ කුඩු පරාදිසේ ලෙසයි හදුන්වන්නේ
    කුඩු කන්ටේනර් බේරාගන්නේ රටේ පාලකයෝ එකයි වැරැද්ද …කුඩු කන්ටේනර් නිදහස් කිරිමට සම්බන්ධව …සිරිසේන – කරුපයියා (මුදවා ගත් සිනි ලෙස ගෙන්වපු බ්‍රසීලයේ ) කුඩු කෝ ? මොකද වුනේ?
    රුපියල් කෝටි සිය ගණන් වටිනා කොකේන් වැනි මත්කුඩු කන්ටේනර් රේගු දැලට හසු නොවී පිටවන්නේ කෙසේ ද?
    http://www.colombotribune.com/2016/07/24/%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7-%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92/

  3. DON says:

    KUDU WELADAAMA PROMOTE KARANNATH EKKA HODA ADAHASAK…

Main News