පාසැල් කිහිපයක සිසුන් සිහිසුන්ව ඇද වැටේ.. උදේ රැස්වීම් සීමා කරයි…

September 22, 2022 at 12:00 pm | lanka C news

තන්තිරිමලේ ප්‍රදේශයේ පාසල් කිහිපයක උදෑසන රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ සිසුන් කිහිපදෙනෙකු සිහිසුන්ව ඇද වැටී මේ සිද්ධි ගණනාවක් වාර්තා වේ.

මේ හේතුවෙන් එම පාසැල් කිහිපයකම උදේ රැස්වීම් සීමා කිරීමට ද කටයුතු කර ඇති බව විදුහල්පතිවරුන් කියා සිටිති.

මෙම පාසල් වල පළමු වසරේ සිට පස්වැනි වසර දක්වා සිසුන්ට රජය මගින් ආහාර ලබා දෙන අතර ඉහළ පංතිවල සිසුන්ද කිහිපදෙනෙකු උදෑසන රැස්වීම් වල ක්ලාන්ත වී ඇද වැටී ඇතැයි මවුපියන් කියා සිටිති.

ආහාර මිළ අධික ලෙස ඉහළ යාම සහ සිසුන්ගේ දෙමාපියන්ට හරිහමන් ආදායමක් නොමැති වීම මත දරුවනට ආහාර ලබාදීමේ ගැටලූ හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද වාර්තා වෙයි.

13,525 views

One Comment to “පාසැල් කිහිපයක සිසුන් සිහිසුන්ව ඇද වැටේ.. උදේ රැස්වීම් සීමා කරයි…”

  1. සකු says:

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන විදියට රටේම ආදායම බදු නොගෙවා ආදයම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ට අල්ලස් දීල කෝටි ගනන් බදු නොගෙවා ඉන්න වා.

    බලන් ගියා ම රජයෙ සේවකයන් ගෙන් හොඳ ටම කරල තියෙන්නෙ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කට්ටිය නේ😂😂😂

Leave a Comment