පාසැල් දරුවන්ට කිරි වීදුරුවක්… ඒ සදහා අලුතින් සැකසුම් මධ්‍යස්ථාන හයක්…

October 1, 2021 at 2:06 am | lanka C news

දුෂ්කර පාසැල්වල සිසු දරුවන්ට දියර කිරි වීදුරුව බැගින් ලබා දිමේ අරමුණෙන් කුඩා පරිමාණයේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

යුරෝ මිලියන 13.9 ක ප්‍රංශ ආධාර යටතේ මෙම කිරි සැකසුම් මධ්‍යස්ථාන ඉදි කෙරේ. එක් කිරි සැකසුම් මධ්‍යස්ථානයකින් දිනකට කිරි ලීටර් පන්දහසක් බැගින් මෙම මධ්‍යස්ථාන හය තුළ දිනකට කිරි ලීටර් 30,000ක් සකස් කිරීමට නියමිතය.

වෙන්නප්පුව, අත්තනගල්ල, වාරියපොල, පොළොන්නරුව, නාවලපිටිය හා යෝජිත කිරි සැකසුම් මධ්‍යස්ථානවල ප්‍රගතිය සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය. රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ ඇතුළු අමාත්‍යාංශයේ හා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් ද කිරි සැකසුම් මධ්‍යස්ථානවල ප්‍රධානීන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

මෙම සෑම කිරි සැකසුම් මධ්‍යස්ථානයකට අනුබද්ධව කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන පහ බැගින් ස්ථාපිත කිරිමට ද නියමිතය. මෙමඟින් අදාල ප්‍රදේශවල කිරි ගොවියන් 12,000 කට පමණ සාධාරණ මිලකට කිරි අලෙවි කර ගැනීමට අවස්ථාව ලැබෙන බැවින් ඔවුන්ගේ මාසික ආදායම ඉහළ නංවා ගැනිමට අවස්ථාව හිමිව තිබේ.

මෙම එක් කිරි සැකැසුම් මධ්‍යස්ථානයක් සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 450 ක් බැගින් ලබා දී ඇති බව ද, මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර වෙන්නප්පුව, වාරියපොල, අත්තනගල්ල හා පොළොන්නරුව කිරි සැකැසුම් මධ්‍යස්ථානවල කිරි සකැසුම් කටයුතු ආරම්භ කළ යුතු බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී කිරි සැකසුම් මධ්‍යස්ථාන භාර ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

6,541 views

7 Comments to “පාසැල් දරුවන්ට කිරි වීදුරුවක්… ඒ සදහා අලුතින් සැකසුම් මධ්‍යස්ථාන හයක්…”

  1. Priyantha says:

    මාර විහිළු…..

  2. Kalu Albot says:

    Illuwe naha ne! Illana dewal denna!! Kiri weeduruwath ohelaama bonna!!

  3. 3% ට බය බයියා. says:

    ඒකෙනුත් කීයක් ගසා කයි ද දන්නේ නැහැ .

  4. Norata Eka says:

    පාසැල් යන වසු පැටවුන්ට මවු කිරි වීදුරුවක් දීමට නියමිතයි …ඇත්තෙන්ම මිනිසා කෙතරම් මරි මෝඩද මිනිස් දරුවකුගේ සහ වසු පැටවකුගේ පෝශන අවශ්‍යතාසමාන යැයි සිතීමට තරම් …ඕනෑම සත්ව වර්ගයක කිරි සංයුතිය තීරණය වන්නේ එම වර්ගයේ දරුවාගේ පෝශන අවශ්‍යතා අනුවයි..එළකිරි සංයුතිය සෑදී ඇත්තේත් ඒ ලෙසයි..කුඩා වසු පැටියකු ඉතා ඉක්මනින් විශාල සතෙකු බවට පත් කිරීමට අවශ්‍ය මූලික පන්නරය සපයන්නේ එළකිරි වලින් …ඒ නිසා වියයුතුයි ගොන් කිරි බොන මිනිසා ඇග පමනක් ඇති මොලය නැති අයෙක් බවට පත් වී ඇත්තේ…

  5. mage rata says:

    ළදරු අවදියෙන් පසු කිරි අත්‍යවශ්‍ය නොමැති බව වෛද්‍ය මතයයි. එසේම කිරිවල ඇති ලැක්ටෝස් දියවැඩියාවට හේතුවක් බවත්, බඩගිනි අඩු කිරීම සහ ග්‍රස්ටයිටිස් සදහාත් බලපායි. මෙය ලෝකයේ ඉහලම විද්වතුන්ගේ මතයද වේ. ආනයනික කිරි-පිටි වල හානිකර බව වෙනම කතාවක් වන අතර එය ඔබ සියලු දෙනා මේ වන විටත් හොදින් දන්නා දෙයකි.
    කිරි වීදුරුවක් වෙනුවට පාරම්පරික සහලින් සෑදු කැද මෙන්ම කොළ කැද වීදුරුවක් කුඩා ළමයිනට උදැසන දිය හැකිනම් ඔවුන්ගේ පෝෂණය මෙන්ම ප්‍රතිෂක්තියද ඉතාමත් ඉහල යයි. ඉතා සෞක්‍ය සම්පන්න දරු පරපුරක් ඇති කිරීමට මෙන්ම වර්තමාන වසංගතවලින් සහ බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමටද මෙය ඉතා වැදගත් වේ. පාරම්පරික සහල් වල පෝෂණ පදාර්ථ ඉතා අධික අතර, ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන ඖශධිය ගුණය අතින්ද, ශරීරයේ ඇති විෂ ඉවත් කිරීමේ හැකියාව අතින්ද ඉතා ඉහලය. එසේම පාරම්පරික සහල් වගාවට කෘතීම රසායනික අවශ්‍ය නැති නිසා ශරීරයටද හිතකරය. එසේම, වස විස නොයෙදූ පලා වර්ග රාශියක් ගම් වල ඇත. මේ පිළිබවද සිතා බලන ලෙස රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර බටහිර වෛද්‍ය වරුන් (දේශීයට ආදරය දක්වන) සේම විශාල පාරම්පරික දැනුමක් සහිත අපේ හෙළවෙද මහතුන්ගේ දැනුමද ඊට යොදා ගත හැක.

  6. Rk says:

    සත්ව කිරි මිනිසුන්ට සුදුසු නොවේ.
    කොලකෑද දෙන්න. එවා පොශ්ය ගුනයෙන් යුක්තය්

  7. Kalu Albot says:

    Pawule samotama topiya gaane denna!