පාසැල් දරුවන්ට දිනපතා බිත්තරයක්..

September 12, 2020 at 2:02 am | lanka C news
පාසැල් දරුවන්ට දිනපතා බිත්තරයක්..

පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්න යැයි අධ්‍යාපන අමාත්‍යතුමාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

බේකරි හිමියන්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විජේරාම නිල නිවසේදී හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය පිළිබඳව බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය විසින් අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළ අතර බිත්තර නිෂ්පාදනයේදී වැයවන අධික පිරිවැය සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයෝ එහිදී කරුණු පැහැදිලි කළහ.

දිවයිනේ සියලුම බේකරි නිෂ්පාදන ආයතන සඳහා ස්ථාවර තොග මිලකට බිත්තර ලබාදීමට හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙම හමුවේදී අවධාරණය කළේය.

ඒ අනුව පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙන අයුරින් සංගම් දෙක අතර ගිවිසුම්ගත සම්මුතියකට පැමිණෙන්න යැයි අග්‍රාමාත්‍යතුමා අදාළ නියෝජිත පිරිසට දැන්වූයේය.

කුකුළු පැටවකුගේ මිල රුපියල් 175-200 අතර මිලකට පහත හෙළීම පිළිබඳව සහ බිත්තර නිෂ්පාදකයන් සහ බේකරි හිමියන් සඳහා වන ගිවිසුම්ගත එකඟතාවයට මැදිහත්වන්න යැයි අග්‍රාමාත්‍යතුමා  විෂය භාර අමාත්‍යවරුන්ට මෙම හමුවේදී උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් හා අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් අමන්දා කරුණාතිලක මහත්මිය ඇතුළු බිත්තර නිෂ්පාදකයින් හා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරී මහත්ම මහත්මීන්  රැසක් එක්ව සිටියහ.

– රොහාන් වැලිවිට

20,757 views

10 Comments to “පාසැල් දරුවන්ට දිනපතා බිත්තරයක්..”

  1. Sudana says:

    Langadee bitthara mila vaedi nisa bitthara roti, rolesvalata daala vikka vage Govipolaval bitthara venuvata FACTORY bitthara lamayinta kanna devi. A tharama maha narumayo innavaa.

    • Saman says:

      මුදල් නැතිව එල්ලෙන්ඩ වැල් නැතිව ඉන්ඩ ආන්ඩුව හුදු ජන්ප්‍රියත්වය තකා කරන මෝඩ ප්‍රකාශ. මේකෙන් වන්නේ තවත් දේශපාලුවෙකුගේ අතට ගානක් යන එක පමනයි.

  2. Anagarika says:

    If countries like Japan ,Korea have developed and even Indolneseia, Vietnam, Thailand are fast developing from scratch, why can’t Srilanka try its worth. Even Srilanka can’t produce a simple thing like enough eggs for the masses. Are these idiots governing the country or ruining it?

  3. හොන්ද වෑඩක්, ඒත් බිත්තරවල අදික ලෙස කොලෙස්ට්‍රොල් අඩුන්ගු වේ. වඉද්ය නිර්දේශය නම් උපරඉමය සතියකට බිත්තර දෙකක සිමාවඉ. මේගෑන සොයා බලා කටයුතු කරොත් හොදඉ නේද නෑතිනම් අනාගත පරම්පරාවලට අතුරුපල අහිතකර වේවි.

    • මාලුත් බිත්තරත් මාරුවෙන් මාරුවට දිය හැකියි.. ඒත් පාං පිටි ගිල්ලවන්නෙ මොකටද පොඩි උන්ට.. රතු බත් හෝ හාල් පිටි නිෂ්පාදන සමග දිය හැකියි.. හොද කොල කැද වේලකුත් සතියකට සැරයක් දිය හැකියි..

      හැබැයි ඉතිං පෙර ආන්ඩු වලින් ඕක කරපු කාලෙ, නරක් වෙච්ච් බිත්තර පාං ටික අහිංසක පාසල් සිසුවන්ට එවල ගාන කපපු සමහර බේකරි හිමියො නිසා සිසුන් වූ අප බඩේ අමාරුහදා ගෙන දුක් විදපු හැටි අමතක නැහැ..

  4. සානිකා says:

    රට හදන්න මේ වගේ සිල්ලර වැඩ නොකර.. බිත්තර ගැනයි හරක් මස් ගැනයි තමයි ලොකුම කතාව.. රට වලපල්ලෙ

  5. Sambo says:

    We can see and hear mo idiotic recommendations as the president has requested the ministers for a five year project plan. They might recommend grass instead of rice.

  6. ජෙමා says:

    පලාත් සභා coming soon කසකාරයෝ වැඩ පටන් ගනී බිත්තරයෙන්.දැන් ගහපල්ලා බිත්තරේට කතිරේ

  7. podinilame says:

    dawasakata BITTARA laksa Hathalis laksayak danna 225 puluwanda??? harakunta abaya danaya ? ow ow denatamath minee maruwan, bar karayan, sohon walata janatha mudal gath aya, hedging wanchawa, banku horakama, kurunegala rajasabawa kedeema etc abaya dana deela nadu wahala thiyenne… sahal 100, seeni 150, pol 95, polthel 425, B luunu 180, thekola 1200, den sepada??????

    pala karayida sekayi

Leave a Comment

Main News