පාසැල් දරුවන්ට සැකසූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී.. සැකකරුවෙක්ද අත්අඩංගුවට..
September 20, 2020 at 4:40 pm | lanka C news
ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ පාසැල් දරුවන් ඉලක්කකර ගනිමින් මත්දව්‍ය වෙළෙදාමේ නිරතව සිටි මුස්ලිම් ජාතිකයෙකු “මාවා” නැමැති මත්දව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 160 ක් සමග අද (20) ගාල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම මත් දව්‍ය නිශ්පාදනය සදහා යොදා ගන්නා දුම්කොල, පැණි, විදේශීය රට වලින් ආනයනය කරන ලද පුවක් සහ රස කාරක කිලෝ ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක්ද සැකකරු සන්තකයේ තිබී පොලීසිය මගින් සොයා ගෙන තිබේ.
සැකකරු, මත් දව්‍ය තොගය සහ අමුදව්‍ය තොගය හෙට (21) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වැලිවත්ත, ගාල්ල ලිපිනයේ පදිංචි අබ්දුල් නබීර් මොහොමඩ් නස්ලි නැමැති හතලිස් හය (46) හැවිරිදි විවාහක අයෙකි.
ගාල්ල පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්ත මහතාට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු සමග මත් දව්‍ය තොගය සහ අමුදව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබි “මාවා” නැමැති මත් දව්‍ය පැකට් 75 ක් පොලීසියේ බාරයට ගෙන තිබේ. එම මත්දව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 160 ක් බරින් යුක්ත බව ගාල්ල පොලීසිය කියයි. පොලීසිය පැමිණෙන අවස්ථාවේ සැකකරු මත් දව්‍ය පැකට් කරමින් සිටි බවත් සැකකරු මීට පෙරද මත් දව්‍ය ලග තබා ගැනීමේ චෝචනාවන් සම්බන්ධයෙක් කිහිප වරක්ම පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයෙන් දඩුවම් නියම වි ඇති බවත් ගාල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ගාල්ල, මල්හාරා තුල්සියා පාසැල සහ ඔල්කට් විද්‍යාලය ආසන්නයේ සැකකරු විසින් කුකුල් මස් අලෙවි සැලක්ද පවත්වාගෙන යන බවත් එය තුල රහසිගතව මත් දව්‍ය අලෙවි කිරීමේ නිරතව සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි ගාල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. සැකකරු විසින් “මාවා” නැමැති මත් දව්‍ය පැකැට්ටුවක් රුපියල් 100/- ක මුදලකට අලෙවි කර ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.
– ජයකාන්ත ලියනගේ
දවසට 5ස් පාරක් හදට වැදලා කරන කැත වැඩ
මහානුවර මත් කුඩු ඇල්ලීම ඉතා මන්දගාමියි මේ ගැනත් සොයා බැලිය යුතුය.
Seriously,There is a doctor near Suduhumpola selling tablets is still enjoining the sales