පාසැල් දරුවන් 150,000ක් මත්ද‍්‍රව්‍යට එරෙහි සටන් අරඹයි..

January 20, 2019 at 5:30 pm | lanka C news
පාසැල් දරුවන් 150,000ක් මත්ද‍්‍රව්‍යට එරෙහි සටන් අරඹයි..

මත්ද්‍රව්‍ය නිවාරන වැඩ සටනට හෙට උතුරු පලාතේ මුලතිව් ප්‍රදේශයේන් හෙට(21) ආරම්භ වෙයි.

අතිගරැ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් හා වැඩ වැඩසටහනක් අනුව මෙය ක්‍රියාත්මක කරනු ලබන අතර එය ජනවාරි 21 දින සිට 28 දක්වා දිවයින පුරා පැවැත්වෙයි.

ඒ සදහා උතුරු පලාත් ආන්ඩුකාරවර ආචාර්ය සුරෙන් රාගවන් මහතාද මෙම මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහනට උතුරු පලාත කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැඩසටහන් කීපයක් සංවිධානය කර ඇති අතර ,21 වන දින ආරමිහක දිනයේම උතුරු පලාතේ සියළුම පාසැල් වල දරැවන් මත්ද්‍රව්‍ය නිවාරන ප්‍රතිඥාව දීමට සුදානමින් සිටි.

අතිගරැ ජනාධිපතිතුමන් මතින් තොර රටක් නිර්මාණය කිරීම අරමුණ පෙරදැරි කරගෙන යන ගමනට උතුරු පලාත් ආන්ඩුකාරතුමා ඉතා කැපවීමක් හා සහයෝගයක් දක්වමින් හෙට දින උතුරු පලාතේ 150,000 ක පාසැල් දරැ දැරියන් එම මත්ද්‍රව්‍ය නිවාරන ප්‍රතිඥාව දීමට සුදානමය.

තවද ආන්ඩුකාරතුමා පැවසුවෙි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් නිසි මගය ගැනීමට අපි වැඩිහිටියන් හැටියට සියඑදෙනා එකතුවී කටයුතු කලයුතු බවත් හා ඒ වෙනුවෙන් තමාද ඇප කැපවී කටයුතු කරන බවයි.

– උතුරු පලාත් ආන්ඩුකාරවර මාධ්‍ය ඒකකය

15 views
Main News