පාසැල්, පෙරපාසැල් වහන්නේ නෑ.. දිගටම පවත්වාගෙන යනවා.. විශ්ව විද්‍යාල වහනවා…- අධ්‍යාපන අමාත්‍යංශය

April 26, 2021 at 6:26 am | lanka C news
පාසැල්, පෙරපාසැල් වහන්නේ නෑ.. දිගටම පවත්වාගෙන යනවා.. විශ්ව විද්‍යාල වහනවා…- අධ්‍යාපන අමාත්‍යංශය

මෙතෙක් පැවති ආකාරයටම රටපුරා සියලු පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසැල්වල විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පත් කර පාසල් පවත්වාගෙන යන ආකාරය සැලසුම් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

නව මාර්ගෝපදේශ යටතේ විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති පැවැත්වීම සඳහා අවසර නැති අතර පෙර පාසැල් සහ පාසැල් 50% ක ධාරිතාවකින් පවත්වාගෙන යාමට අවසර හිමිව ඇත.

30,700 views

13 Comments to “පාසැල්, පෙරපාසැල් වහන්නේ නෑ.. දිගටම පවත්වාගෙන යනවා.. විශ්ව විද්‍යාල වහනවා…- අධ්‍යාපන අමාත්‍යංශය”

  1. උපාසක says:

    ඒ කියන්නේ පෙර පාසල් හා පාසල් වල ළමයින්ටයි ගුරුවරුන්ටයි කොරෝනා හැදෙන්නෙ නෑ. මේ මහ ආචාරියා රටෙන් බාගයක් ඉවර කරන්න හදන්නේ.

    • Kavin says:

      නෑ නෑ ආචාරියා හරි.. විශ්ව විද්‍යාල වල ඉන්නේ පුංචි පැටව්නේ,උන්ට තේරෙන්නේ නෑනේ සෞඛ්‍යාරක්ෂිතව ඉන්න.පෙර පාසල් වල ළමයි අත්දැකීම් තියෙන පිරිසක්නේ,එයාලා සෞඛ්‍ය මාර්ගෝපදේෂ හරියටම පිලිපදිනවා. 😂😂

  2. මරතේනිස් අයියා says:

    මේ මහාචාරියෝ දෙන්නා රටට සාපයක්……..පාසැලේ කොරෝනා නවත්නත්ත තමුසෙලා කියන විදිහට කමිටුවක් හදල පුලුවන්නම් ඒ විදිහට රටේම කොරොනා නවත්තන්න පුලුවන් නේද ගොබ්බ මහාචාරියො?.සැන්වත් තොපේ ඔය උද්ධච්ඡ තීන්දුව අතහැරපල්ලා.දරැවන් බිලි නොදී.තමුසෙලා දෙන්නාට බැරිනම් කරන්න පුලුවන් මිනිහෙකුට බාර දීලා යන තැනක මකබැ වෙලාපල

    • Hfghhff says:

      Ei yako eeeta udin president kiyala ekek inne. Uu pabayekda? Uge konda pana nedda? Oya aanduwema oluwak, hadawathak thiyana un nedda?

  3. සීමන් says:

    මේ මහාචාරියයි එයාගෙ ලොක්කා ජිල් මහාචාරියයි දෙන්නම කොරොනා එන්නත ගහලා ඒන නිිසා අනෙත් උන්ට හෙන ගැහුනත් මේ ඩබලට අවුලක් නැ අනේ මෙහෙම ගොබ්බ මහාචාරි ඩබලක්

  4. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    හොදම දේ ළමයින්ට කියනව නේ මුන් හදන්නෙ කොරෝනා ළමයින්ට බෝවෙන්න ඇරලා සමූහ ප්‍රතිශක්තිකරණයක් ළමයින්ගෙන් පටන් ගන්න.අනේ දරුවනේ හොදින් ඉගෙන ගෙන මේ පිස්සු රටෙන් දියුණු රටකට චුත වෙයල්ලා

  5. පමිප්කිං says:

    මේ මහාචාරියෝ දෙන්නා කටයුතු කරන්නේ හරියට ඇසුත් නෑ කනුත් නෑ වගේ. කමක් නෑ ලෙඩා මලත් බඩසුද්ධයි මහාචාරිතුමන්ලා….කොරෝනා හැදිලා ළමයි ඔන්කොම මැරැනත් කමක් නෑ කමිටුවක් හදලා ඉස්කෝල ඇරපල්ලා

  6. රත්තා says:

    සර් ……ඔයා අධ්‍යාපනය බාර දුන්නු මේ දෙන්නා ඔයාගෙ වියත්මගේ ඉන්න හොඳම මහාචාරි ඩබලද?

  7. Wali says:

    මාස ගනන් වහලා තිබුන එකේ සති 2ක් මොක්ද…අපි ලමය් යවය් ඉස්කෝලේ… පිස්සු නැත්නම් ශෝක්…

  8. wasantha says:

    පටු දේශපාලන වාසියට රටම බිලි දෙන්න හදන්නෙ, රටේ ජනගහනය දෙකෝටි විසි ලක්ෂයයි. පාසල් දරැවන් ලක්ෂ 43ක් ඉන්නව. ජනගහනයෙන් 1/4 ක් පාසල් දරැවන්. වහාම පාසල් වසාදමීමට කටයුතු කලයුතුයි නේද.

  9. කපිල කපිල says:

    මෙන්න සර්ගේ කියත්මග

  10. ටින් ටින් says:

    තොපි ඉන්ජෙක්ෂන් ගහගෙන, අපේ ළමයි ට ඉස්කෝලේ එන්න කියනවා. කලකන්නියෝ

Main News