පාසැල් පෙල පොත් මුද‍්‍රණය පුද්ගලික අංශයට… රුපියල් බිලියන 4.3ක් ව්‍යාපාරිකයන්ට..

August 29, 2018 at 12:40 pm | lanka C news
පාසැල් පෙල පොත් මුද‍්‍රණය පුද්ගලික අංශයට… රුපියල් බිලියන 4.3ක් ව්‍යාපාරිකයන්ට..

පාසැල් පෙල පොත් මුද‍්‍රණයෙන් 98%ක් පුද්ගලික අංශයට ලබා දී ඇති බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව තිබියදී සිදු කර ඇති මෙම කාර්ය බරපතළ දූෂණයක් යයිද ඔවුන් සදහන් කරති.

පාසල් පෙළපොත් වර්ග 410ක් වසරකට මුද්‍රණය කරන බවත් ඉන් රජයේ මුද්‍රණාලයට ලබාදී ඇත්තේ වර්ග 24ක් පමණක් බවත් සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කරයි.

එමෙන්ම ඉතිරි පෙළ පොත් වර්ග 02ක් දෙකක් පමණක් රජයේ මුද්‍රණාලයට දී ඉතිරි සියල්ල පුද්ගලික අංශයට ලබා දී ඇති බවද ඔහු කියා සිටි.

රුපියල් මිලියන 4385ක් පෙළ පොත් මුද‍්‍රණය සදහා රජය විසින් වැය කරන බවද ඔහු සදහන් කලේය.

196 views
Main News