පාසැල් වසා දමනවාද.. තීරණයක් ගන්න සාකච්චා..

April 24, 2021 at 10:40 am | lanka C news
පාසැල් වසා දමනවාද.. තීරණයක් ගන්න සාකච්චා..

පාසැල් වසා දැමීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ මට්ටමක ඇති බව තමන් පිළිගන්නා බවත් එම තත්ත්වය මත දිවයිනේ සියලු පාසල් පැවැත්වීම පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

එළඹෙන සදුදා දිනයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර සති අන්තය තුල පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගන්නා බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

39,506 views

5 Comments to “පාසැල් වසා දමනවාද.. තීරණයක් ගන්න සාකච්චා..”

  1. saman says:

    තීරන ගන්නකොට බබා හම්බ වෙලා තියෙයි.

  2. Truth says:

    If you close schools it’s will stop spreading,

  3. මරතේනිස් අයියා says:

    රටේ අධ්‍යාපනය බාරව සිටින මහාචාරියෝ දෙන්නා ගැනනම් කියන්න තියෙන්නේ ලැජ්ජයි සර් කියලා තමයි.පොදු ප්‍රවාහනය භාවිතා කරලා ඉස්කෝලෙ යන අහිංසක දරැවන් ගැන ගුරැවරැ ඇතුළු කාර්ය මණ්ඩල ගැන මේ මහාචාරියෝ ඩබලටම කිසිම හැඟීමක් නැහැ.මොකද උන් දෙන්නාටම ගෙදර ඉඳල වැඩට යන්න මහජන මුදලින් තෙල් ගහපු සැප වාහන දීල තියෙනවනෙ.ටියුෂන් වහල ළමයි බස් එකේ ඉස්කෝලෙ එනවනම් ටියුෂන් වහල වැඩක් තියෙනවද.මේ මහාචාරියෝ දෙදෙනාගේ හැඳි මිටේ නුවණට මේවා නොදැනෙන්නේ ඇයි?.මෙන්න අපේ රටේ බුද්ධිමතුන් මහාචාරියනි අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා දමමු.

  4. sumudu says:

    විශ්ව විද්‍යාල සහ ටියුෂන් වසා දමා පාසැල් විවෘත කිරීම ???????????????????????????????????…ආහ් මාරයි….මහාචාර්යතුමන්ලා උඩට ඇඳලා යටට නෑ……….

    Reply

  5. Hfghhff says:

    Iskoola erala wishes widyala wahapiya. Gon moodayo…

Main News