පාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?

November 18, 2021 at 2:10 pm | lanka C news
පාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?

දරුවන් අතර කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය මත නැවතත් රටේ පාසැල් පද්ධතිය වසා දැමීමට සිදු වීමේ හැකියාවක් ඇති බවද හෙතෙම පැවසීය.

මේ හේතුවෙන් වැඩිහිටියන් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බවත් වෛරසය නිවස රැගෙන යාම වළක්වා ගැනීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ තවදුරටත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහත ගියොත් පළමුවෙන්ම පාසල් පද්ධතිය වසා දැමීමට සිදු වනු ඇති බවයි.

ආසාදිතයන් තව දුරටත් ඉහල ගොස් විකල්පයක් නැති වූවොත් නැවතත් සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇති බවද ඔහු කියා සිටියේය.

273,085 views

7 Comments to “පාසැල් වසා දමා නැවතත් සංචරණ සීමා..?”

  1. හෙළයා says:

    කිසිම අම්මෙක් තාත්තෙක් කැමැත්තෙන් කොරෝනා නිවසට අරගෙන යන්නෙ නෑ.. රැකියා ස්ථානවලින් වැඩට ගෙන්නනවා.. පොදු ප්‍රවාහන සේවා පොල් පටවනවා වගේ මිනිස්සු ගෙනියනවා.. රැකියා ස්ථානවලින් සහන නෑ.. බඩු මිල අහස උසට.. අහිංසක මිනිස්සු මොනව කරන්න ද???

  2. කැපුවත් පොහොට්ටුවට says:

    ඔය හේමන්ත හේරත් කියන එකාව රටින් පිටුවහල් කලොත් ගොඩක් ප්‍රශ්න විසඳෙනව.

  3. Priyantha says:

    පාසල් විවෘත කිරීම ගැන පමණයි හිතන්නේ…පවත්වාගෙන යන ආකාරය ගැන කිසිදු සැලකිල්ලක් නැත… ගිහිං බලන්න ප්‍රාථමික පන්තිවල ළමයි හැසිරෙන විදිය…ඉතා කණගාටු දායකයි…අනෙක් පන්ති වල ළමයි ගැන මුලින් තිබූ සැලකිල්ල ගිලිහිලා ගිහිං..දේශපාලනයක් ගැන පමණයි…හිතන්නේ

  4. බයිසන් says:

    පාසැල් වහන එක පැත්තකින් තියලා, ලමයින්ගේ අම්මලා තාත්තලා රංචු පිටින් ට්‍රිප් යන එක ගැන හොයා බලපල්ලා.

  5. Health says:

    රට ව හන කොට
    පාසල් අන්තිමට වහලා මුලින්ම ආරම්භ කල යුතුය කියන එක amatakada දොස්තරලාට

  6. අඩවි says:

    ඇයි බං SBJ පෙළපාළි ගිය විදිහට ………………. .දේශපාලනයක් ගැන පමණයි…හිතන්නේ

  7. Kasun says:

    අපේ මිනිසුන් කොවිඩ් ගැන මහා ලොකුවට කොහොමවත් ගනන් නොගන්නා නිසා බොහෝ කාලයක් යනකන් කොරෝනාව රටේ ඉවරයක් කරගන්න නම් බැරිවෙනවා අනිවාර්යයෙන්ම.

Leave a Comment

Main News